www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව Visit Visa
සංචාරක වීසා
සංචාරක වීසා බලපත්‍ර

කරුණාකර  http://www.eta.gov.lk වෙබ් අඩවිය බලන්න.

මගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කර ගත හැක්කේ කෙසේ ද?

ආගමන නිලධාරීන් විසින්. රටට ඇතුළු වන ගුවන් තොටුපළේ දී ප්‍රදානය කෙරෙන රටට ඇතුළුවීමේ බලපත්‍රයේ සඳහන් කාල සීමාව තුල ශ්‍රී ලංකාවට ඇතුළු වන හැම අව්‍යාජ සංචාරකයකුටම එම බලපත්‍රය අවසන් වීමට පෙර වීසා දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. මුලින් දී ඇති දින 30 ඉක්මවා කාලය දීර්ඝ කර ගැනීම අවශ්‍ය නම් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විසින් මාස දෙකක (02) දීර්ඝ කිරීමක් දිය යුතුය. කෙසේ වුව ද තව දුරටත් දීර්ඝ කිරීම් ගැන සලකා බැලිය යුත්තේ සාධාරණ හේතුමත පමණි. මේ සීමාව හිටපු ශ්‍රී ලාංකිකයන්ට අදාළ නොවේ.
මගේ වීසා දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවා ද?
කෙටි කාලීන වීසාවක් ලබා ගන්නා අයෙකු විද්‍යුත් සංචරණ අනුමැතියක් ලබා රට තුලට පිවිසිය යුතුය. මෙම අනුමැතිය ලැබෙන තෙක් කිසිම විදෙශිකයකු ශ්‍රි ලංකාවට නොපැමිණිය යුතුය.

සංචාරක වීසා
  1. ආපසු යාමේ ගුවන් පත.
  2. නවාතැන් ගන්න ස්ථානයේ ලිපිනය හා දුරකථන අංකය. (හෝටල් වවුචර් හා බිල් පත්)
  3. අයදුම්කරුගේ ඡායාරූපය සමඟ අයදුම්පත්‍රය.
* මෙම වීසාව ලබා ගැනීමට පුද්ගලයා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය.
ව්‍යාපාරික වීසා
  1. අයදුම්කරුගේ ඡායාරූපය සමඟ අයදුම්පත්‍රය.
  2. වීසා දීර්ඝ කරන ලෙස ඉල්ලීම් කරමින් ව්‍යාපාරික ආයතනය විසින් ඉදිරිපත් කරන ලිපිය.
* මෙම වීසාව ලබා ගැනීම සඳහා පුද්ගලයා හෝ ව්‍යාපාරික ස්ථානයේ බලයලත් නියෝජිතයෙකු පැමිණිය යුතුය.

මට සංචාරක වීසා බලපත්‍ර අලුත් කිරීමේ ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කවර ස්ථානයකින් ද?
  1. කොළඹ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. ඉල්ලුම් පත්‍රවල මුද්‍රිත ආකෘතිය මෙයින් ද බා ගත හැකිය.
මාගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කිරීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද?
ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය ඔබේ සංචාරක ලියකියවිලිවල දිනය ඉකුත් වීමට යටත් පරිසෙයින් මාස දෙකකටවත් කලින් අවසන් විය යුතුය.