විදේශීය ඉල්ලුම් පත්‍ර |
විදේශීය දූත මණ්ඩල ශාඛාව විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා උපදෙස් ශ්‍රි ලාංකික පුරවැසිභාවය හිමි තැනැත්තෙකු විදේශ රටක සිටින විට අළුත් ගමන් බලපත්‍රයක් ගැනීමට හෝ ගමන් බලපත්‍ර අලුත් කරවා ගැනීමට එම රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නොමැති නම් ආසන්නම රටේ ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන ප්‍රධාන කාර්යාලයේ විදේශීය දූත මණ්ඩල ශාඛාවෙන් මෙම ඉල්ලුම් පත්‍ර පිරික්සනු ලැබේ. 01. ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග (අ) නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත (Form ‘K’ – 35 A) අනෙකුත් තහවුරු කිරීමේ ලිපි ලේඛන ද සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට/ කොන්සල් කාර්යාලය වෙත භාර දිය යුතුය. (ආ)) අයදුම්කරුගේ ප්‍රකාශයක් (Client Undertaking Section) ඇතුළත් කරමින් ගමන් බලපත් අයදුම්පත්‍රය (Form ‘K’ – 35 A) සංශෝධනය කර ඇති අතර මෙම කොටස අයදුම්කරු විසින් අත්සන් කර කොන්සල් නිලධාරියා වෙත භාර දිය යුතුය. අයදුම්කරුගේ ප්‍රකාශය ඇතුළත් කොටසෙහි (CUS) අයදුම්කරුගේ අත්සන නොමැතිව කිසිදු අයදුම්පත්‍රයක් භාරගනු නොලැබේ. (ඇ) අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ උපදෙස් පත්‍රිකාවක් ගමන් බලපත් අයදුම්පත භාර දෙන අවස්ථාවේදි සෑම අයදුම්කරුවකු වෙතම නිකුත් කළ යුතු වේ. (ඈ) මුද්‍රිත අයදුම්පත්‍රය (Form ‘K’ – 35 A) එක් එක් රටෙහි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය/ කොන්සල් අංශයෙන් හා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. 02. 2018.01.01 දින සිට නව ගමන් බලපත්‍රයක් ලබාගත් අයදුම්කරුවකු ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග (අ) ගුවන් මගීන් ආගමන කවුළුව වෙත වාර්තා කළ යුතුය. එසේත් නැතිනම් ප්‍රධාන ආගමන නිලධාරියා වෙත සෘජුවම වාර්තා කළ යුතුය. (ආ) මෙහිදී අදාළ ගුවන් මගියා වෙත සුවිශේෂි යොමු අංකයකින් යුතු ජෛවමිතික දත්ත ලබාගැනිමේ ආකෘති පත්‍රිකාවක් (BDA) නිකුත් කරනු ලැබේ. (ඇ) අදාළ ගුවන් මඟියා විසින් ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රය (BDA) පිටපත් දෙකකින් යුතුව අත්සන් කළ යුතුය. (ඈ) ජෛවමිතික දත්ත ලබා ගැනීමේ ආකෘති පත්‍රයෙහි එක් පිටපතක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ජෛවමිතික දත්ත ලබා ගන්නා අවස්ථාවට ඉදිරිපත් කිරීම සඳහා එම පුද්ගලයා වෙත ලබා දෙනු ලැබේ. (ඉ) අනෙක් පිටපත ගුවන් තොටුපළෙහි රඳවා ගනු ලැබේ. ගුවන් තොටුපළෙන් පිටත්ව යන අවස්ථාවේදී ජෛවමිතික දත්ත ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා නොමැත. 03. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමවේදය හරහා දිනයක්/ වේලාවක් වෙන් කර ගත හැකිය. මෙතැනින් වෙන්කර ගන්න.
ශ්‍රී ලංකාවට ඇතුළුවීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 2018 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම්කරන අයදුම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවේදි ඔවුන්ගෙන් ඇඟිලි සලකුණු ලබාගනු ලැබේ. (අ) ජෛවමිතික දත්ත ලබාදිම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ එහි ඕනෑම ප්‍රාදේශීය කාර්යාලයකට (මාතර, මහනුවර,වවුනියාව,කුරුණෑගල) වාර්තා කළ යුතුය. (ආ) විදේශ දූත මණ්ඩල අංශයෙහි ස්ථාපිත කර ඇති විශේෂ කවුළුවේදී ඇඟිලි සළකුණු ලබා ගැනීම සිදු කරනු ලැබේ. (ඇ) ජෛවමිතික දත්ත ලබාදීමෙන් අනතුරුව ජෛවමිතික තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණ කිරීම සනාථ කිරීමට අදාළව ස්වයංක්‍රීයව නිකුත් කරන ලද (System generated) රිසිට්පතක් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබේ. (ඈ) මෙම ක්‍රමවේදය නිම කිරිම සඳහා සාමාන්‍යයෙන් ගතවන කාලය විනාඩි 30 - 45 ක් පමණ වේ. (ඉ) ශ්‍රී ලංකාවෙන් පිටව යාමට හැකිවන පරිදි ප්‍රත්‍යන්ත පාලන පද්ධතිය යාවත්කාලීන කරනු ලැබේ. (ඊ) අදාළ මගියා විසින් මෙම රිසිට්පත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනතුරු තමා ළග තබාගත යුතුය. ගමන් බලපත් අයදුම්පත්‍රය Form K 35 A බාගත කරගන්න (විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා පමණයි) විමසීම් විස්තර නියෝජ්‍ය පාලක - ආර්. ජී. ජේ. ප්‍රේමරත්න මහතා නියෝජ්‍ය පාලක - ඊ. ඩි. එම්. පි. කේ. ධනපාල මහතා
දු.අ. +94 11 5329230 දිගුව 9230 ෆැක්ස් +94 11 2879213 ඊ මේල් acom[at]immigration.gov.lk විදේශීය දූත මණ්ඩල ශාඛා හරහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ආකාරය: අවශ්‍ය ලියාකියවිලි: අයදුම්පත් බාගත කිරීම බලන්න. අදාළ චක්‍රලේඛය : OM/2021/01 ඉල්ලුම් පත්‍ර සඳහා අදාළ ගාස්තු විදේශ දූත මණ්ඩල කාර්යාලවල සටහන් කොට ඇත. පහත සඳහන් චක්‍රලේඛ බලන්න,
සහායක සේවාවන්
සහතික කිරීමේ සේවාව ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද ? ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ. මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි කවරේද ? මුල් ගමන් බලපත්‍රය සහ සහතික කිරීමට අවශය පිටපත්. මෙම සේවයට අදාළවන ගාස්තු කවරේද ? එක් පිටපතක් සඳහා ශ්‍රී ලංකා රු. 300.00. පරිවර්තන සේවය ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන් වල අරාබි පරිවර්තනය, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ. මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා ක්‍රියා පටිපාටිය කුමක් ද? අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය. මෙම සේවයට අදාළ වන ගාස්තුව කවරේද? එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රු.1200.00 ක අයකරනු ලැබේ. එක් පිටපතක් සඳහා ශ්‍රී ලංකා රු. 250.00. (උපරිම පිටපත් ගණන 3)
|
NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 16-06-2022
Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS