www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව ගමන් බලපත්‍ර විදේශීය ඉල්ලුම් පත්‍ර
විදේශීය ඉල්ලුම් පත්‍ර

විදේශීය දූත මණ්ඩල ශාඛාව

ශ්‍රි ලාංකික පුරවැසිභාවය හිමි තැනැත්තෙකු විදේශ රටක සිටින විට අළුත් ගමන් බලපත්‍රයක් ගැනීමට හෝ ගමන් බලපත්‍ර අලුත් කරවා ගැනීමට එම රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල‍යක් නොමැති නම් ආසන්නම රටේ ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා හෝ ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන ප්‍රධාන කාර්යාලයේ විදේශීය දූත මණ්ඩල ශාඛාවෙන් මෙම ඉල්ලුම් පත්‍ර පිරික්සනු ලැබේ.

විමසීම් විස්තර
සහකාර පාලක - එම්. එන්. සී. එන්. කේ. වටලියද්ද මිය
දු.අ. 5329030 දිගුව 9030           
ෆැක්ස් 2674671     
ඊ මේල් acom[at]immigration.gov.lk

විදේශීය දූත මණ්ඩල ශාඛා හරහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරන ආකාරය:
අවශ්‍ය ලියාකියවිලි: ගමන් බලපත්‍ර නිකුත් කිරීම බලන්න.

ඉල්ලුම් පත්‍ර සඳහා අදාළ ගාස්තු විදේශ දූත මණ්ඩල කාර්යාලවල සටහන් කොට ඇත.
පහත සඳහන් චක්‍රලේඛ බලන්න,
සහායක සේවාවන්
සහතික කිරීමේ සේවාව
ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද ?

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත ‍සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි කවරේද ?
මුල් ගමන් බලපත්‍රය සහ සහතික කිරීමට අවශය පිටපත්.

මෙම සේවයට අදාළවන ගාස්තු කවරේද ?
පළමු පිටපත සඳහා ශ්‍රී ලංකා රු. 250.00
පිටපත් එකකට වඩා වැඩිනම් (සහතික කළ හැකි උපරිම පිටපත් ගණන 3) ශ්‍රී ලංකා රු. 500.00

පරිවර්තන සේවය
ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන් වල අරාබි පරිවර්තනය, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ.

මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා ක්‍රියා පටිපාටිය කුමක් ද?
අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය.

මෙම සේවයට අදාළ වන ගාස්තුව කවරේද?
එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රු.1000.00 ක අයකරනු ලැබේ.
 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location