www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප ගැන
අප ගැන
අපගේ දැක්ම
කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව බවට පත්වීම.

අපගේ මෙහෙවර
ජාතික ආරක්ෂාව හා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කිරිම සහ ආර්ථික සංවර්ධනයට ඉඩ ප්‍රස්ථා සලසමින් රටින් බැහැරවන්නන්  හා  ඇතුළුවන්නන් නියාමනය කිරිම සහ පුරවැසි සේවා සැපයීම.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලතල, කාර්යභාරය සහ ක්‍රියාකාරකම්
1948 අංක 20 දරන ආගමන විගමන පනතේ පූර්විකාවේ සඳහන් පරිදි පහත විධිවිධාන සකස් කිරීමට එය බලාත්මක කර තිබේ.
  • ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන වෙනත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුල්වීම පාලනය කිරීම.
  • ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටවීම පාලනය කිරීම.
  • ශ්‍රී ලාංකීය පුරවැසියන් නොවන අනවශ්‍ය පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම.
  • හෝ වෙනත් නොවැදගත් කරුණු හෝ ඉහත සඳහන් කරුණු හා සම්බන්ධ විධිවිධාන සකස් කිරීම.
1949-11-01 වන දින සිට ආගමන විගමන පනත ක්‍රියාවට නැංවින. පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත.

බලතල
පනතේ 4 වගන්තියේ විධිවිධාන යටතේ පත්කර ඇති පාලකයාට සහ අනෙකුත් නිලධාරීන්ට ආගමන විගමන පනත මගින් හෝ යටතේ ප්‍රදානය කර ඇති පනවා ඇති හෝ පවරා ඇති බලතල, රාජකාරීන්, ක්‍රියාකාරකම් ක්‍රියාවේ යෙදවීමට, ඉෂ්ට කිරීමට, ලබාදීමට බලය පවරා ඇත. 2වන වගන්තිය හෝ 31 වන වගන්තිය හෝ 52 වන වගන්තිය මගින් ප්‍රදානය කර ඇති බලතල අමාත්‍යවරයා විසින්ම ක්‍රියාවේ යෙදවිය යුතුය. (පනතේ 4.5.6 සහ 7 වගන්ති බලන්න / පරිපාලනමය සැලසුම් සඳහා ආගමන සහ විගමන පනතේ 11 වන කොටස බලන්න)
ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුල් වීම ‍පනතේ III වන කොටසේ විධිවිධාන මගින් පාලනය කර තිබේ.  අනුමත ඇතුල්වීමේ තොටුපලවල්. ඇතුල්වීමේදී අවශ්‍ය ලියකියවිලි, ශ්‍රී ලංකාවට ඇතුල්වීමට හා රැඳි සිටීමට අවශ්‍ය වීසා, පැමිණීමේදී අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් පරීක්ෂණ, පුද්ගලයින් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ රඳවා ගන්නා සහ ලංකාවෙන් ඉවත් කරන සමහර පුද්ගලයින් යනාදියට අදාළ කරුණු වලට මෙම කොටස සම්බන්ධය.
පනතේ IV වන කොටස මගින් ප්‍රදානය කර ඇති බලතල මගින් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ලංකාවේ රැඳි සිටින කාලය තුල සිදුකරන ක්‍රියාකාරකම් පරීක්ෂා කෙරේ.
ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් අවශ්‍ය විටදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම හෝ පිටුවහල් කිරීම පනතේ V සහ VI කොටස් වලින් ප්‍රදානය කර ඇති බලතල මගින් සිදු කෙරේ.
පනතේ VII වන කොටස මගින් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර වීම පාලනය කෙරේ. බැහැර වීම සඳහා අනුමත තොටුපළවල්, වලංගු ගමන් බලපත්‍රයක අවශ්‍යතාවය. ඒ හා සම්බන්ධ රෙගුලාසි සැකසීමට අදාළ විධිවිධාන මෙම කොටසේ අඩංගු වේ. මෙම කොටසේ විධිවිධාන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ට අදාළ වේ.

කාර්යභාරය
  • අනුමත ඇතුල් වීමේ ස්ථාන වලදී ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ගේ ගමන් ලිපි ලේඛනවලට අවශ්‍ය පරිදි පිටසන යෙදීම (පනතේ 11 සහ 13 වගන්ති බලන්න)
  • ඇතුල්වීමේ ස්ථාන වල ශ්‍රී ලංකා නොවන පුද්ගලයින්ගේ ලේඛනයක් තබා ගැනීම සහ පවත්වා ගෙන යාම (26 වන වගන්තිය බලන්න)
  • බැහැර වීමේ ස්ථාන වලදී ශ්‍රී ලංකාවෙන් බැහැර වන පුදගලයින්ගේ ගමන් ලිපිලේඛන මුද්‍රා තැබීම සහ ඒ පිළිබඳ වාර්තා පවත්වාගෙන යාම (56 වන රෙගුලාසිය බලන්න)
  • අනුමත තොටුපළවල් වලදී ශ්‍රී ලංකාවට ඇතුල් වන හා ශ්‍රී ලංකාවෙන් බැහැර වන පුද්ගලයින් හඳුනා ගැනීම (37 වන වගන්තිය බලන්න)
ක්‍රියාකාරකම්
  • ආගමන විගමන පනත මගින් හෝ යටතේ පවරා ඇති බලතල ක්‍රියාවේ යෙදවීම.
  • ආගමන විගමන පනත මගින් පවරා ඇති රාජකාරීන් ඉෂ්ට කිරීම.
  • ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට සහ රැඳී සිටීමට වීසා නිකුත් කිරීම සහ මායිම් පාලනය (පනතේ III වන කොටස බලන්න).
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගමන් ලිපිලේඛන නිකුත් කිරිම (පනතේ VII වන කොටස බලන්න).
  • අමාත්‍යවරයා මගින් අනුමත කළ රඳවා ගැනීමේ ස්ථාන පවත්වා ගෙන යාම (48 වන වගන්තිය බලන්න).
  • පනත් මගින් හෝ යටතේ සකස් කළ විධිවිධාන උල්ලංඝනය කළ විට පරීක්ෂණ පැවැත්වීම.
  • ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් හා සම්බන්ධ තොරතුරු සහ වාර්තා පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම.
 
ආගමනය සහ විගමනය සහ පුරවැසිභාය පිළිබඳ ඉතිහාසය
නිදහස ලැබීමට පෙර ආගමනය සහ විගමනය
(එවකට ලංකාව නමින් හැඳින්වුණු) ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම සහ ඉන් පිටවීම පාලනය කරනු ලැබුවේ පහත සඳහන් ආඥාපනත්වලිනි.:
ඉන්දියාවේ හෝ ලංකාවේ සීමාවලින් ඔබ්බෙහි පිහිටි බ්‍රිතාන්‍ය හෝ විදේශීය යටත් විජිතයක කම්කරුවන් වශයෙන් සේවයේ යොදවනු ලැබීම සඳහා සහ කම්කරුවන් වශයෙන් සේවයෙහි යෙදවීම සඳහා එබඳු ඕනෑම යටත් විජිතයකට ලංකාවෙන් පුද්ගලයන් විගමනය කිරීම තහනම් කිරිම සඳහා 1847 වර්ෂයේ ඉන්දියානුවන් ලංකාවෙන් විගමනය කිරීම පිළිබඳ ආඥාපනත පනවා තිබේ. Otop_1

විදේශ රාජ්‍යයන්හි සේවය සඳහා ලංකාව තුළ බඳවා ගැනීම් සිදු කිරීම පාලනය කිරීම සඳහා 1847 වර්ෂයේ විදේශීය බඳවා ගැනීම් ආඥාපනත පනවන ලදී, ලංකාවේ සීමාවලින් ඔබ්බෙහි පිහිටි විදේශීය රාජ්‍යවල සේවය කිරීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම හෝ යම් යම් කොන්දේසිවලට යටත්ව එසේ කිරීම තහනම් කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට මේ නීතියෙන් පනවන ලදී. Otop_1

සේවා කොන්ත්‍රාත්තු යටතේ ලාංකික කම්කරුවන් සේවා කොන්ත්‍රාත්තු යටතේ ලංකාවෙන් විගමනය කිරීම පාලනය කිරීමට 1882 වර්ෂයේ ලංකා විගමන ආඥපනත පනවන ලදී. ලාංකික කම්කරුවන්ට විගමනය වීමට ඉඩදිය හැකි ස්ථාන ප්‍රකාශයට පත් කිරීමේ බලය මෙම නීතියෙන් ආණ්ඩුකාරවරයාට පවරන ලදී. එබඳු කොන්ත්‍රාත් ගිවිසුම් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේදී අත්සන් කළ යුතුය යන කොන්දේසියට යටත් විය. Otop_1

අනාථයින්, සාහසික පුද්ගලයින් සහ නීතියට පටහැනිවූවන් ලංකාවට විගමනය වීම වැළැක්වීමට 1907 වර්ෂයේ අනාථ ආගාමිකයන් පිළිබඳ ආඥාපනත පනවන ලදී. මෙම නීතියේ ප්‍රධාන පරමාර්ථය වූයේ භාණ්ඩාගාරයට කරදරයක් විය හැකි පුද්ගලයන් රටට ඇතුළු වීම වැළැක්වීම ය. කායික හෝ මානසික රෝගී භාවය හේතු කොට ගෙන ලංකාවේ ජාතිකයකු හෝ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ජාතිකයකු නොවන්නා වූ ද තමාගේම ශ්‍රමයෙන් තම නඩත්තුව කරගත නොහැකි වූ ද අයකුට හෝ අනාථයකුට ගොඩ බැසීමට මෙම නීතියෙන් අවසර   එබඳු පුද්ගලයකුට ඇතුළු වීමට අවසර දෙන ලද්දේ එකී අනාථ ආගාමිකයා වෙනුවෙන් දරන්නට සිදුවිය හැකි කිසියම් පිරිවැය හෝ ගාස්තු මූල්‍ය ලේකම් වෙත ගෙවන ‍බවට මෙරට වැසියකු අත්සන් කරන බැඳුම්කරයක් පමණි. කිසියම් ගණිකාවක හෝ ගණිකා වෘත්තියෙන් ජීවත්වන කිසිඳු පුද්ගලයකු ලංකාවට ඇතුළු වීම ද මෙම නීතියෙන් තහනම් කර තිබිණි. Otop_1

දිවයිනෙන් බැහැර නොයෙක් තනතුරුවල සේවයේ නියුක්ත වීම සඳහා ලංකාවෙන් පුද්ගලයන් ආගමනය වීම පාලනය කිරීමට 1917 වර්ෂයේ විගමන ආඥාපනත පනවන ලදී. මේ පනතෙහි විගාමිකයා යන්න අර්ථ නිරූපනය කර ඇත්තේ ලංකාවේ වාසය කරන ජාතිකයකු වශයෙනි. ඉන්දියානු විගාමිකයකු යන්න අර්ථනිරූපනය කර ඇත්තේ, ඉන්දියානු විගාමිකයන්ට අවසර පත්‍ර නිකුත් කිරීම පාලනය කෙරෙන බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ක්‍රියාත්මක වන කිසියම් නීතියක් යටතේ අවසර පත්‍රයක් ලබා ගෙන ඇති පුද්ගලයකු හැර ඉන්දියාවේ දේශීය පුද්ගලයෙකි. විගාමිකයන් සහ ඉන්දියානු විගාමිකයන් යන දෙවර්ගයම රටින පිටවී යාම සඳහා ප්‍රධාන ලේකම්ගේ ලිඛිත අනුමතිය ලබාගත යුතු බවට විධිවිධාන මේ නීති‍යට ඇතුළත් කර තිබිණි. මෙම අනුමතිය දෙන ලද්දේ වයස අවුරුදු 17ට වැඩි පුද්ගලයන්ට පමණි. රේගු අයකැමිගෙන් අවසර පත්‍රයක් ලබා ගෙන රජය සමග බැඳුම්කරයක් අත්සන් කිරීමට ඔවුන්ට නියම විය. තවද ඔවුන් විසින් රුපියල් තුන්සියයක මුදලක් රේගු අයකැමි වෙත තැන්පත් කල යුතුවිය. රැකියා කටයුතු සඳහා විදේශ ගත වන පුද්ගලයන් ස්වකීය සේවා යෝජකයා සමග සේවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතු වූ අතර එය රේගු අයකැමි විසින් සහතික කළ යුතු විය. ඊට අතිරේක වශයෙන් නැව්පතියන්ගේ වගකීම්, සෝදිසි කිරීම් සහ අත් අඩංගුවට ගැනීම් පිළිබඳ පොලිස් නිලධාරීන් සතු වගකීම්, වරායේදී කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සහ දඩුවම් කිරීම පිළිබඳ විධිවිධාන ද කීපයක් විය. Otop_1

ලංකාවට ඇතුළු වන හෝ ඉන් පිටවන පුද්ගලයන් ගමන් බලපත්‍ර ලබාගත යුතු යයි නියම කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා 1923 වර්ෂයේ විදේශ ගමන් බලපත්‍ර ආඥාපනත පනවන ලදී. ලංකාවට ඇතුළුවන හෝ ඉන් පිටවන පුද්ගලයන් සතුව විදේශ ගමන් බලපත්‍ර හා ඒහා සම්බන්ධ වෙනත් දේවල් තිබිය යුතුය යි නියම කෙරෙන රෙගුලාසි පැනවීමේ බලතල ආණ්ඩුකාරවරයාට පැවරිණි. එසේම ඕනෑම පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් එම රෙගුලාසිවල ඕනෑම විධිවිධානයකින් නිදහස් කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි. මෙම නීතිය යටතේ සම්පාදිත රෙගුලාසි 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත යටතේ සම්පාදිත නව අගමන හා විගමන රෙගුලාසි ක්‍රියාත්මක වීම ආරම්භ වන තෙක් 1949 ඔක්තෝබර් 28 වැනි දින දක්වා බලාත්මක විය. Otop_1

ලංකාව තුළ සිටින (බ්‍රිතාන්‍ය ටයත්වැසියකු හෝ බ්‍රිතාන්‍ය ආරක්ෂිත පුද්ගලයකු ‍ෙනාවන වෙනත්) විදේශිකයන් ලියාපදිංචි  කිරීම සඳහා අවශ්‍ය විධාන සැලසීම පිණිස 1935හේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත පනවන ලදී.  මේ නීතියේ විධිවිධාන යටතේ ආණ්ඩුකාරවරයා විසින් විදේශිකයන් ලියාපදිංචි කිරීමේ නිලධාරියා පත් කරනු ලැබීය. දිවයින තුළ එක්මාසයක් හෝ ඊට වැඩි කාලයක් නැවතී සිටීමට අදහස් කළ ඕනෑම විදේශිකයකු විසින් ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු විය. ‍තව ද දිවයින  තුළ  ගමනාගමනය සීමා කිරීම , විදේශිකයන් පිට කිරීම, වාර්තාවල් නිරවද්‍යභාවය තහවුරු කර ගැනීම යන මේවා පිළිබඳ විධිවිධාන ද එහි ඇතුළත් විය. එහෙයින් එය වත්මනෙහි වීසා තත්ත්වයන්ට බෙහෙවින් සමාන විය. Otop_1

1939 වර්ෂයේ ඉන්දියානු සාපරාධී, ගෝත්‍රිකයන්ගේ ආගමනය පිළිබඳ ආඥාපනත

1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත
බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලබා ගත් පසු එවකට පැවති පාර්ලිමේන්තුව 1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනත පැනවීය. එය 1948 ඔක්තෝබර් 6 වැනි දින සහතික කෙරුණු අතර 1949 නොවැම්බර් 1 වැනි දා පැනවී ය. ලාංකිකයන් නොවන අය අතුළු වී නැවතී සිටීම පාලනය කිරීමටත්, ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වෙනත් පුද්ගලයන් ලංකාවෙන් පිටවී යාම පාලනය කිරීමටත් මෙම පනත යටතේ වැරදි සිදුකොට ඇති පුද්ගලයන් හෝ අවිනීත පුද්ගලයන් රටින් ඉවත් කිරීමට හෝ නෙරපා හැරීමටත්, ලංකාවේ සිටින කාලය තුළ ලාංකික නොවන අයගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමටත් ඉහත කී පරමාර්ථ සහ ඊට ආනුෂංගික වූ ද ඊට සම්බන්ධ වූ ද කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පරිපාලන ආයතනයක් සංවිධානය කිරීමටත් අවශ්‍ය විධිවිධාන මේ පනතේ සම්පාදනය කරන ලදී. මෙම පනත යටතේ සම්පාදනය කළ රෙගුලාසි 1948 ඔක්තෝබර් 28 වැනි දින නිකුත් වූ අංක 10039 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලදී.

ලංකාවෙන් ඉන්දියනුවන් විගමනය කිරීමේ ආඥාපනත විදේශ බඳවා ගැනීම් ආඥාපනත. ඉන්දියානු සාපරාධී ගෝත්‍රිකයන්ගේ ආගමනය පිළිබඳ ආඥාපනත අනාථ ආගාමිකයන් පිළිබඳ ආඥාපනත විගමන ආඥාපනත. විදේශ ගමන් බලපත්‍ර ආඥාපනත, විදේශීකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ලංකාවේ විගාමිකයන් පිළිබඳ ආඥාපනත යන මේවා මෙම නීතියෙන් අවලංගු කරන ලදී. 1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනත අවස්ථා කීපයකදීම 1955 අංක 16, 1961 අංක 68, 1993 අංක 16 . 1998 අංක 42 සහ 2006 අංක 31 දරන සංශෝධන පනත් මගින් පිළිවෙලින් සංශෝධනය කරන ලදී.

මෙම සංශෝධනවලින් සිදු කරන ලද සුවිශේෂ වෙනස් කිරීම් පහත දැක්වේ.
1955 අංක 16 දරන සංශෝධන පනත මගින් ප්‍රධාන පනතේ තිබුණු ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ගේ අවසර පත්‍ර පිළිබඳ විධිවිධාන අවලංගු කොට ඒවා වෙනුවට පදිංචි වීමේ වීසා පිළිබඳ විධිවිධාන ඇතුළත් කරන ලදී.

1961 අංක 68 දරන සංශෝධන පනත මගින්, ආගාමික සහ විගාමික පනත යටතේ බලතල සහ රාජකාරී ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම හමුදාවල ඕනෑම සාමාජිකයකුට පැවරීමේ බලය අග්‍රාණ්ඩුකාරවරයාට දෙන ලදී. මෙම සංශෝධනයේ අරමුණ වූයේ රටට නීතිවිරෝධී ආගාමිකයන් ඇතුළුවීම පැවැත්වීම ය.

1972 දී ලංකාව ජනරජයක් විය. රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් වෙනස් කෙ‍රිණි. ඉන්පසු ආගාමික සහ විගාමික පනත පිළිවෙළින් 1993 ,1998,2006 යනුවෙන් අවස්ථා තුනක දී සංශෝධනය කර තිබේ. මේ හැම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී විගාමිකයන් පිටවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ආගාමිකයන් රැඳී සිටීම ද සීමා කිරිම කෙරෙහි සැලකිල්ල යොමු විය.

ඊට අතිරේකව මීට සම්බන්ධ පහත සඳහන් නීති, මෙහි පහත දැක්වෙන සුවිශේෂ කාර්යයන් සඳහා පනවන ලදි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන යම් යම් පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ නැවතී සිටීම සම්බන්ධයෙන් සංඛ්‍යානය කළ බද්දක් නියම කොට අය කිරීමට 1971 අංක 15 දරන තාවකාලික පදිංචිය පිළිබඳ බදු පනත පනවන ලදී.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම නියාමනය කිරීම සහ පාලනය කිරිම සඳහාත් ශ්‍රී ලංකා පුරවැසියන්ට රටින් පිටවීමේ අවසර පත්‍ර නිකුත් කිරීම සඳහාත් විදේශයන්හි සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා පුරවැසියන් විදේශීය මුදලින් කෙරෙන සිය ඉපැයීම්වලින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම බැඳීමක් වශයෙන් නියම කිරීමටත් 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (රෙගුලාසි) සහ පිටවීමේ අවසර පත්‍ර පනත පනවන ලදී.

ඇතැම් වර්ගවල පදිංචිය පිලිබඳ වීසා බලපත්‍ර හිමියන් ඇතැම් බදුවලින් නිදහස් කිරීමට 1979 අංක 06 දරන නේවාසික ආගන්තුක (බදු නිදහස් කිරීමේ) පනත පනවන ලදී. නේවාසික ආගන්තුකයින්ට ඉහත සඳහන් බදු නිදහස් කිරීම ප්‍රදානය කරන ලදී.


ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව
ලංකා ගමන් බලපත්‍ර, හදිසි අවස්ථා සහතික, අනන්‍යතා සහතික, පදිංචිය පිළිබඳ වීසා, සම්ප්‍රාප්ති වීසා බලපත්‍ර (Visit visa) සහ මාර්ගස්ථ (transit)  වීසා බලපත්‍ර ප්‍රදානය කිරීමට හෝ නිකුත් කිරීමට නීතියෙන් බලය දෙන ලදී.  මෙම පනත යටතේ සම්පාදිත රෙගුලාසිවලින් . ඉහත සඳහන් බලපත්‍ර ප්‍රදානය කිරීමේ හෝ නිකුත් කිරීමේ බලතල නිසි සහ නියමිත බලධාරීන් වද නීතියෙන් පැවරෙන රාජකාරී සහ කාර්ය , ආගමික හා විගමන පාලකට ද පැවරී ඇත.

විගමනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ආගමන හා විගමන පනතින් හඳුන්වා දී තිබේ. ආගාමිකයන් හා විගාමිකයන් පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ඉස්මතු විය.  මෙම නව දෙපාර්තමේන්තුව 1949 ඔක්තෝබරයේ දී පිහිටුවන ලදුව කොළඹ කොටුවේ දී කාර්යාරම්භ විය. රාජ්‍යාරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා ප්‍රමුඛ ඔහුගේ කාර්ය මණ්ඩලය නව දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී, ක්ෂේත්‍ර රාජකාරී ඉටු කළ පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම කටයුතු අලුතෙන් පිහිටුවනු ලැබූ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී. නව පනතින් පීඩාවට පත් අයට සහන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කෙරෙන තෙක් නව නීතිය ක්‍රියාත්මක කිරීම 1949 නොවැම්බර් 01 වැනි දින තෙක් කල් තබන ලදී. ශ්‍රී ලංකා පුරවැසියන්ට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය 1949.11.01 දින සිට නවතා දැමිණි. එතැන් පටන් නව ලංකා ගමන් බලපත්‍රය භාවිතයට පැමිණි අතර එම බලපත්‍රය දරන්නා ලංකා පුරවැසියෙකු වීම අවශය විය.

පුරවැසි පනත
නිදහසට පෙර කාලය
නිදහසට පෙර කාලය තුළ (වෙනත් රාජ්‍යයක නොව) බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ඩොමිනියන් සහ මිත්‍ර පාක්ෂික රටවල් තුළ ඉපදුණු හැම පුද්ගලයෙක්ම බ්‍රිතාන්‍ය යටත් වැසියෙක් විය. එනයින්ම මෙරට උපන් ලාංකික පවා බ්‍රිතාන්‍ය යටත් වැසියන් වශයෙන් සලකනු ලැබූහ. නිදහස ලැබීමට පෙර අවධියේ පනවන ලද ඇතැම් නීතිවල ඔවුන් සඳහන් කර තිබුණේ දේශීය වැසියන් වශයෙනි. එසේ නැතහොත් ලංකාවේ උපන් අය වශයෙනි. මේ අතරතුර එකම නීතියෙහි ඉන්දියානුවන් සඳහන් කර තිබුණේ ඉන්දියාවේ උපන් අය හෝ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උපන් අය වශයෙනි.

1890 අංක 21 දරන රටවැසියන් බවට පත් කිරීමේ ආඥාපනත
එම අවධියේ පුරවැසි නීතියක් ක්‍රියාත්මකව නොපැවතිණි. එහෙත් විදේශිකයන් රටවැසියන් බවට පත් කිරීමේ විධිවිධාන ඇතුළත් 1890 අංක 21 දරන රටවැසියන් බවට පත් කිරීමේ ආඥාපනත ක්‍රියාත්මකව පැවතිණි. ලංකාව තුළ සැබවින්ම පදිංචිව සිටි ඕනෑම විදේශිකයකුට බ්‍රිතාන්‍ය යටත්වැසියකුට හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිය හැකි විය. මේ නීතිය 1948 අංක 18 දරන පුරවැසි පනතෙන් අවලංගු කරන ලදී.

නිදහසට පසු කාලය
1948 අංක 18 දරන පුරවැසි පනත
ලංකාවේ  පුරවැසිභාවය ඇති කිරීම සඳහාත් ඊට සම්බන්ධ වෙනත් කරුණු සඳහාත් විධිවිධාන සැලසීමට පුරවැසි පනත පනවා එය (නීතියෙන් නියමකරන ලද දිනය වූ) 1948 නොවැම්බර් 15වැනි දින සිට ක්‍රියාත්මක කෙරිණි. පුද්ගලයකුට ක්‍රම දෙකකින් එක් ආකාරයකට ලබාගත හැකි “ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය” යනුවෙන් හැඳින්වුණු තත්ත්වයක් ඇති කරන ලදී. මෙම ක්‍රම දෙක නම් මෙම පනතින් විධිවිධාන සලසා ඇති පරිදි පරම්පරාවෙන් පුරවැසි අයිතිය ලබාගැනීම සහ මෙම පනතින් හෝ වෙනත් කිසියම් පනතකින් විධිවිධාන සලසා ඇති පරිදි එම තත්ත්වය ලියාපදිංචි වීම මගින් ලබා ගැනීමට බලය දීමය.
මෙම නීතිය මගින් ආරම්භයේදී විධිවිධාන සලසා තිබුණේ පරම්පරාවෙන් පුරවැසිභාවය ලබා ගැනීම, ලියාපදිංචි වීම මගින් පුරවැසිභාවය ලබාගැනීම සහ පුරවැසිභාවය අහෝසිකිරීම සම්බන්ධයෙනි. ඊට පසු එම පනත, 1950 අංක 40, 1955 අංක 13, 1987 අංක 45 , 1993 අංක 15, 1993 අංක 43 සහ 2003 අංක 16 සංශෝධන මගින් සිදු කරන ලද සුවිශේෂ වෙනස් කිරීම් පහත දැක‍්වේ. පුරවැසිභාවය නැවත ලබාදීම සහ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විධිවිධාන 1950 අංක 40 දරන පනතින් සලසන ලදී.

1987 අංක 45 දරන සංශෝධන පනත පැනවීමත් සමග ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ආරම්භ විය.

ආගාමික හා විගාමික පනතේ වන 111 කොටස යටතේ නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයක ලියාපදිංචි වී සිටින පුද්ගලයන් පුරවැසියන් වශයෙන් ලියාපදිංචි කිරීමේ විධිවිධාන 1993 අංක 43 දරන පනතින් සලසන ලදී. ආරම්භයේදී පරම්පරාවෙන් පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතිය පිතෘ පරම්පරාවට පමණක් සීමා විය. 2003 අංක 16 දරන පනත පැනවීම මගින් එය පුරවැසි පනතේ නියම කර ඇති දිනයේ (1948-11-15) සිට මාතෘ පරම්පරාවට ද ව්‍යාප්ත කරන ලදී.

පුරවැසි අංශය
1948 අංක 18 දරන පුරවැසි පනත යටතේ රාජ්‍යාරක්ෂක අමාත්‍යාංශයේ පිහිටුවා තිබුණු පුරවැසි අංශය පසුව ආගමන දෙපාර්තමේන්තුව මාරු කරන ලදී. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කටයුතු ව්‍යාප්ත විය.

1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්තාන් පුරවැසි පනත
පුරවැසි පනත පැනවීමෙන් පද කලකට පසු ඉන්දියානු සහ පකිස්තානු පදිංචිකරුවන් පිළිබඳ කෙටුම්පත් පනත ඉදිරිපත් කරන ලදී. මෙය කඩිනම් අවශ්‍යතාවක් සලකා 1949 අංක 3 දරන ඉන්දියන් සහ පකිස්තාන් පදිංචිකරුවන්ගේ පුරවැසි පනත පාර්ලිමේන්තුව සම්මත කරන ලදුව 1949 අගෝස්තු 5 වැනි දා සිට ක්‍රියාත්මක විය. ඉන්දියන් සහ පකිස්තාන් පදිංචිකරුවන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පිහිටුවන ලදුව එහි ප්‍රථම කොමසාරිස් වරයා වශයෙන් වී.එල්.වීරසිංහ මහතා, ඔහු දැරූ පාර්ලිමේන්තු මැතිවරණ කොමසාරිස් ධූරයට අතිරේක වශයෙන් පත් කරනු ලැබීය. පසුව මෙම දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කරන ලදී. ලාංකිකයන් සමග සම්මිශ්‍රණය වීමට අව්‍යාජ කැමැත්තක් දැක්වූ ලාංකික නොවන පුද්ගලයන් කෙරෙහි ලංකාව දැක්වූ ආකල්පය මේ පනතේ විධිවිධානවලින් ප්‍රදර්ශනය වේ. අවිවාහක හෝ දික්කසාද වූ ඉන්දියන් හෝ පකිස්තාන් වැසියකුට 1946 ජනවාරි 1 වැනි දිනට ‍ආසන්න පූර්වයෙන් ලංකාව තුළ අවුරුදු දහයක අඛණ්ඩ පදිංචියක් තිබුණේ නම් ද විවාහක පුද්ගලයකුට නම් ලංකාව තුළ අවුරුදු හතක පදිංචියක් සහ එදින සිට ඉල්ලුම් පත්‍රයේ දිනය දක්වා ලංකාව තුළ අඛණ්ඩ පදිංචියක් ලංකාව තුළ තිබුණේ නම් ද එම අයට පුරවැසියකු වශයෙන් ලියාපදිංචි වීම සදහා  ඉල්ලුම් කළ හැකි වූ අතර ඔවුනට නීත්‍යනුකූල ජීවනෝපායයන් තිබුණු බවට කොමසාරිස්වරයා සෑහීමට පත්කළ හැකි වූයේ නම් එසේ ලියාපදිංචි විය හැකිව තිබිණි. මේ පනතේ විධිවිධාන යටතේ ඉන්දියන් සහ පකිස්තාන් වැසියන් 134,306 දෙනකුට ලංකා පුරවැසිභාවය පිළිබඳ සහතික නිකුත් කරන ලදී. එම පනත 1950 අංක 37 සහ 1952 අංක 45 දරන සංශෝධන පනත් මගින් පිළිවෙලින් දෙවරක් සංශෝධනය කරන ලදී, මේ පනත ක්‍රියාත්මක වීම 1962 දී අවසන් විය.

1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (ක්‍රියාත්මක කිරීමේ) පනත
.
නීතිවිරෝධී ලෙස ලංකාවට ඇතුළු වී මෙරට ජනයා සමග සම්මිශ්‍රණය වූ අය ද ඇතුළුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ නිදහසේ ලංකාවට ඇතුළු වූ ඉන්දියානුවන් සංඛ්‍යාව ලක්ෂ කීපයක් විය. මෙම ජාතික ගැටලුව වරින් වර බලයට පත් හැම රජයකම කණස්සල්ලට හේතු විය. ඊට පිළියමක් සොයා ගන්නා අටියෙන් ඉන්දීය රජයත් සමග වරින් වර සාකච්ඡා පවත්වන ලදී, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ලාල් බහදූර් ශාස්තී සමග ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය 1964 දී පැවැත් වූ සාකචඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැටලුවට ඓතිහාසික විසඳුමකට එළඹිය හැකි විය. ඒ අනුව, ස්වාභාවික වැඩිවීම් ද සමග ශ්‍රී ලංකාවේ සිටි රටක් නැති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 975,000 ක් යයි ගණන් බලා  තිබිණි. එයින් පුද්ගලයන් 375,000 කට ශ්‍රී ලංකා පුරවැසිභාවය 600,000 කට ඉන්දියා පුරවැසිභාවය  ද පිරිනැමීමම ද්විපාක්ෂික එකඟතාවකට එළඹිණි. 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (ක්‍රියාත්මක කිරීමේ) පනත ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරන ලදී. එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කෙ‍රිණි. ආගමන හා විගමන පාලකවරයා, එම රාජකාරීවලට අතිරේකව ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වශයෙන් ද පත් කරනු ලැබීය. පද්ගලයන් 6,00,000කට ඉන්දීය පුරවැසිභාවය පිරිනැමීමට ඉන්දියාව එකඟ වුවද ඉන්දීය පුරවැසිභාවය ඉල්ලා සිටියේ 5,06,000ක් පමණි. එහෙයින් ශ්‍රී ලංකාව 1986 අංක 05 දරන රටක් නැති පුද්ගලයන්ට පුරවැසිභාවය පිරිනැමීමේ පනත පැනවීමෙන් ඉතිරි පුද්ගලයන් 94,000ට ශ්‍රී ලංකා පුරවැසිභාව පිරිනැමීමට භාර ගත්තේ ය. එමෙන් ම දෙරටේ ම පුරවැසිභාවය පිරිනැමීමට එකඟ වූ පුද්ගල සංඛ්‍යාව ඉන්දියාව සඳහා 5,06,000 ක් වශයෙන් ද ශ්‍රී ලංකාව සඳහා 4,69,000 ක් වශයෙන් ද වෙනස් කරනු ලැබීය.

1988 අංක 39 දරන රටක් නැති පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත
ඉහත සඳහන් පුද්ගලයන් 4,69,000 අතුරින් ස්වකීය ස්වාභාවික වැඩිවීමේ සංඛ්‍යාව ද සහිත පුද්ගලයන් 2,36,000ට ශ්‍රී ලංකා පුරවැසිභාව 1988 දී ප්‍රදානය කෙ‍රිණි. මේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පැන නැගිණි. එහෙයින් ඉතිරි පුද්ගලයන් 2,33,000ට සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වර්ධනය වන අයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා 1988 අංක 39 දරන රටක් අහිමි පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත පනවන ලදී. 1964  ඉන්දු- ලංකා ගිවිසුමේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලුම්කළ නමුත් 1988 වන තෙක් එය ලබා ගත නොහැකි වූ ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන්ට මේ පනත ආරම්භ කිරීමේ දින (1998-11-11) සිට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ප්‍රදානය කෙරිණි. 1964 ඔක්තෝබර් 30 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් වශයෙන් සිටි ඉන්දීය සම්භවය සහිත වූද තම පාලනයෙන් පරිබාහිර වූ හේතු මත ශ්‍රී ලංකාව හැර යාමට සිදු වූ ද දැනට ඉන්දියාවේ පදිංචිව සිටින්නා වූද පුද්ගලයන්ට ප්‍රධාන නීතිය ආරම්භ වූ දින සිට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය පැවරීමට 2009 අංක 05 දරන සංශෝධන පනතින් පියවර ගන්නා ලදී.

2003 අංක 35 දරන ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත
ඉහත සඳහන් පුද්ගලයන් 506,000 දෙනාගෙන් පුද්ගලයන් 342,000ට සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වැඩි වූ පුද්ගලයන්ට ඉන්දියානු පුරවැසිභාවය පිරිනමා 1983 දක්වා වූ ඔවුනු ඉන්දියාව ආපසු යවනු ලැබූහ. ඉතිරි පුද්ගලයන් 164,000 සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වැඩි වූ පුද්ගලයන්. 1983 දී ශ්‍රී ලංකාවේ පැන නැගුණු ජනවාර්ගික අරගල හේතු කොට ගෙන ඉස්මතු වූ ගමනා ගමන ගැටලු සහ තමිල්නාඩුවේ නිවාස ගැටලු නිසා ඉන්දියාවට යැවීමට නොහැකි විය. ඔවුන්ගෙන් සමහර අයට ඉන්දියානු පුරවැසිභාවය පිරිනැමුවේ නැත. සමහර අයට පුරවැසිභාවය පිරිනමා ගමන් ලියකියවිලි ද නිකුත් කරන ලදී. එහෙත් ඔවුහු ද ශ්‍රී ලංකාවේ ම රැඳී සිටියහ. ඔවුනට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීම සඳහා 2003 අංක 35 දරන පනත පනවන ලදී. මෙම පනත ආරම්භ වූ දින (2003.11.11) සිට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ඔවුනට පිරිනැමිණි. එසේ වුව ද මෙම පනත ක්‍රියාත්මක කිරීමේ දිනය වන විට ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් හෝ ඒ සමාන ලියවිල්ලක් දරන ස්ථිර පදිංචිකරුවකුට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය පිරිනැමීම වලංගු වන්නේ, ශ්‍රී ලංකා පුරවැසිභාවය කැමැත්තෙන් ම ලබා ගැනීමේ ස්වකීය චේතනාව දැක්වෙන ප්‍රකාශයක් උපලේඛනයෙහි සඳහන් විශේෂ ආකෘති පත්‍රයෙහි සඳහන් කොට කොමසාරිස්වරයාට එය ඉදිරිපත් කෙට කොමසාරිස්වරයා එය පිළිගත් බව ලිඛිතව දැනුම් දුන් විට පමණි. මෙම පනතේ “කොමසාරිස්” යනුවෙන් අදහස් වන්නේ ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ය.

1964 ඔක්තෝබර් 30වැනි දින සිට ඉන්දියානු සම්භවයක් සහිතව ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය ලබා සිටියා වූ ද දැනට ඉන්දියාවේ පදිංචිව සිටින්නා වූ ද පුද්ගලයන්ට සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රධාන පනත ක්‍රියාත්මක වූ දින සිට පිරිනැමීම සඳහා මෙම පනත 2009 අංක 06 දරන සංශෝධන පනතෙන් එක්වරක් සංශෝධනය කරන ලදී. මෙම පනත ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් පිළිබඳව දිගු කලක්  තිස්සේ පැවති ගැටලුව නියතවශයෙන් ම විසඳී නිමාවට පත් විය.

පුරවැසිභාවය පිලිබඳ පූර්ව නීති සමග සසඳන විට 1988 අංක 39 දරන පනතේ සහ 2003 අංක 35 දරන පනතේ සුවිශේෂ වෙනස්කම්.
පූර්ව නීති සියල්ලට අනුව පුරවැසිභාවය ලබා ගැනීමට හැම පුද්ගලයකුම ඉල්ලුම් කළ යුතු වූ අතර නීතිය යටතේ ලියාපදිංචි කිරීම මගින් එය ප්‍රදානය කළ යුතුව තිබිණි. මේ තත්ත්වය මෙම නීති දෙකෙහි ඉඳුරාම වෙනස් තත්ත්වයක් දැරීය. පූර්ව නීති යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා නොගත් ඒ සඳහා සුදුසුකම් ලබා සිටි සියලු පුද්ගලයන්ට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ප්‍රදානය කෙරිණි. ඔවුන්ට එය නිරුත්සාහිකව ලැබුණු බැවින් ඉල්ලුම් කිරීමේ අවශ්‍යතාවක් නොවීය .

තව ද ස්වකීය පුරවැසිභාවය සනාථ කිරීමට පුරවැසිභාවය පිළිබඳ සහතික තබා ගැනීමක් අවශ්‍ය නොවීය. පනත් දෙකේ ම 4 වැනි වගන්තිය යටතේ ඕනෑම කාර්යයක් සඳහා පුරවැසිභාවය පවත්නා බවට බැලූ බැල්මට පෙනෙන සාක්ෂ්‍යයක් වශයේ දිවුරුම් ප්‍රකාශයක් පිළිගැනීමට නියම කැරිණි.

2008 අංක 38 දරන චීන සම්භාවය සහිත පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.
ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වීමෙන් පසුව පවා චීන සම්භවය සහිත පුද්ගලයන් ටික දෙනෙක් රටක් අහිමි අය වශයෙන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් හෝ ඔවුන්ගේ දෙමවුපියෝ නිදහස ලැබීමට පෙර දෙවෙනි ලෝක යුද්ධ සමය තුළ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අය වෙති. එහෙයින් ඔවුනට 2008 ඔක්තෝබර් 31 සට ලියාපදිංචිය මගින් ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීමට මෙම පනත එදින සිට අවුරුදු පහක කාලයක් සඳහා බලාත්මකව පවතිනු ඇත. ඒ අනුව එය අවසන් වනුයේ 2013 ඔක්තෝබර් 30 වැනි දාය. මේ නීතිය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීමට හිමිකම් ඇති පුද්ගලයකු සිය ඉල්ලුම් පත්‍රය ආගමන හා විගමන පාලක වෙත තම ඉල්ලුම් පත්‍රය  ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම් පත්‍රය පරීක්ෂා කර බැලීමෙන් පසු ආගමනය හා විගමන පාලක විසින් එම අනුමත කිරීම සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම අනුමතිය ලැබුණු පසු, පනතෙන් නියම කර ඇති පරිදි ඉල්ලුම්කරු විසින් දිවුරුම් හෝ ප්‍රතිඥාව ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු එදින සිට ඔහු ශ්‍රී ලංකා පුරවැසියකු වශයෙන් සලකනු ලැබේ. මෙම නීතිය පැනවීමත් සමග ශ්‍රී ලංකාවේ රටක් නැති අය පිළිබඳ ගැටලුව විසඳී නිමාවට පත්විය.
Otop_1
 

පුවත් හා සිදුවීම්

Change of Contact Number on Photo Studio Registration

Please be informed that the contact number 011 5731028 will be changed to 011 5329313 with effect from 29.12.2016. The current number 011 5731028 will not operate thereafter. For any information and queries on photo studio registration and operation contact us on 011 5329313.


 
ETA ගාස්තු 28/12/2015 දින සිට වෙනස් වී ඇත

ETA ගාස්තු 28/12/2015 දින සිට වෙනස් වී ඇත. වැඩි විස්තර සඳහා http://www.eta.gov.lk


 
තවත් විශිෂ්ට විජයග්‍රහණයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තම තත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008 / SLS ISO 9001:2008 තත්ව ප්‍රමිතියෙන් පිදුම් ලබූ වගයි.

(සහතික පත් අංකය  QSC 07283)


 
Registration of Photo Studios

Department of Immigration and Emigration has made arrangements to issue the Sri Lankan passport with a photograph of international standards. Applications are called from the studios which have fulfilled basic requirements to undertake the aforesaid task, to be registered under this department.

Click to Register


 
Biometrics to the passport issuance
The Cabinet of Ministers has granted approval for the introduction of ‘Biometrics to the passport issuance’ process at the cabinet meeting held on 29-08-2013.

 

Location