| ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු |
|
ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක. ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක. වැඩ කරන වේලාවල් මොනවාද? අයදුම්පත් භාර ගැනිම,
කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න. ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?
|