ගමන් බලපත්‍ර නිකුත් කිරීම |
ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?
සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ? සාමාන්‍ය පදනම - වැඩකරන දින 30 ක් හදිසි පදනම - එදිනම සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද? සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3500.00 හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 15000.00 ![]()
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද?
* වලංගු ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසුම් ගාස්තුව කවරේද ?
ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය රාජකාරී ගමන් බල පත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් : ශ්‍රී ලංකා රු. 3500.00 හදිසි පදනමින් : ශ්‍රී ලංකා රු. 15000.00 ![]() සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද?
පහත සඳහන් ලේඛන එකක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන. එනම්,
ඉල්ලුම්පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කොතනටද ?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 30 ක් හදිසි පදනමින් - සේවාවක් නොමැත හදිසි සහතික සඳහා සැකසුම් ගාස්තු කවරේද ?
සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 500.00 (හදිසි පදනමින් - අදාළ නැත.) ![]()
ඔබ පෙරලා ටික කලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් ඉල්ලුම් කළ හැක. වලංගු කාලය කුමක් ද? යන්ත්රයෙක් කිව නොහැකි බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් වලංගු වන්නේ ශ්‍රී ලංකාවට එක් වරක් ගමන් කිරීමට පමණි. ඉල්ලුම් පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයට භාර දීමෙන් හඳුනා ගැනීමේ සහතිකය හඳුනාගැනිමේ සහතිකය යනු කුමක් ද? විදේශිකයකුගේ ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ ලංකාවේ සිටියදී කල් ඉකුත් වී ඇති විට විදේශිකයන් වෙත නිකුත් කරන බලපත්‍රයයි. හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැක්කේ කෙසේද ? කොළම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව අමතා ශ්‍රි ලංකා මුදලින් රු. 3500.00 ක් ගෙවා එදිනම හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැකිය. ![]() වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලකා ගමන් බලපත්‍ර (වලංගු කාලය අවුරුදු 3 හෝ 10) බාල වයස්කරුවන් යනු කවරෙක්ද ? වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද? අයදුම්පත් බාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය මව සහ පියා හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම් පතෙහි ඇමිණිය යුතුය. සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?
දරුකමට හදාගත් බවට සහතිකයක් ඒ සඳහා උසාවි නියමය ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක් විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය. දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය. අයදුම්කරුගේ දෙමාපියන් සතුව වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් නොමැති නම්, ඒ බව තහවුරු කරමින් දිවුරුම් ප්‍රකාශයක් හා ජාතික හැඳුනුම්පත.
දෙමාපියන් මිය ගොස් ඇත්නම් මරණ සහතිකය, නීත්‍යානුකූල භාරකරුගේ හඳුනාගැනීමේ ලේඛනය, නීත්‍යානුකූල භාරකරු විසින් නිකුත් කරන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරනු ලදුව ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද වාර්තාව. දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් විදේශගත වී ඇත්නම්, ඔවුන් විසින් ලබාදෙන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවල පිටපත් අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුයි. දෙමව්පියන් දෙදෙනොම විදේශගත වී ඇත්නම් නීත්‍යානුකූල භාරකරුට දෙමව්පියන් විසින් ලබාදෙන ලද පිළිගත හැකි බලය පැවරීමේ ලිපිය අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුය. දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් ලබාදෙන ලද අධිකරණ නියෝගය. දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරනු ලදුව ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කිරීමේ ලිපියක්. සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ? වලංගු කාලය අවුරුදු 3 සඳහා සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00 හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00 වලංගු කාලය අවුරුදු 10 සඳහා සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3500.00 හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 15000.00 ![]() දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට බාලවයස්කරුවන් ඇතුලත් කිරීම. බාල වයස්කරුවන් යනු කවරෙක්ද ? වයස අවුරුදු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස නම් කරනු ලැබේ. දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට ළමයින් ඇතුලත් කල හැකිද? ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාවේ හා වෙනත් රටක යන දෙරටෙහිම පුරවැසිභාවය දරන තැනැත්තෙකුට පහත ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය. (භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින් මෙතැනින්)
|
NEW....Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Media Notice
Extension of Russian and Ukraine tourist visa - 26-04-2022
(English / Sinhala/ Tamil )
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS