www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව ගමන් බලපත්‍ර ගමන් බලපත්‍ර නිකුත් කිරීම
ගමන් බලපත්‍ර නිකුත් කිරීම
  1. සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
  2. විශේෂිත රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
  3. හදිසි සහතික
  4. විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය.
  5. බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය.
  6. දෙමාපියන්ගේ ගමන් බලපත්‍රවලට බාල වයස්කරුවන් ඇතුලත් කිරීම
  7. ද්විත්ව පුරවැසිභාවය දරන්නන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය
සාමාන්‍ය ගමන් බලපත්‍ර
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?
  1. දැනට ඇති ගමන් බලපත්‍රය (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  2. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  4. අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
  5. ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
  3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
  4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
  5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලවලට
  3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්
හදිසි පදනම - එදිනම

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 2500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00      Otop_1



රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර

ගමන් බලපත්‍රයේ විශේෂයෙන් සඳහන් කළ ඇතොත් මිස, මෙම ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා අවුරුදු 10කට වලංගුවේ. අතිශයින් වැදගත් පුද්ගලයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ විදේශික දූත මණ්ඩල වල  නියමිත තනතුරු වලට පත් කරනු ලැබූ පුද්ගලයින්‍ට මෙම ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබයි.
"මේ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ ලේඛනය සඳහා චක්‍රලේඛනය බලන්න"

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
  1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. භාගත කරගන්න මුද්‍රන ඉල්ලුම් පත්‍රයක් මගින් මෙතැනින්

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද?
  1. ඉල්ලුම් කරුගේ වඩාම මෑතකදී ලබාගත් ගමන් බලපත්‍රය (කරුණාකර විස්තර සදහා පහල බලන්න*)
  2. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්.
  3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් හා ඡායාරූප පිටපතක්.
  4. විවාහ සහතිකය අවශ්‍ය පරිදි (විවාහයෙන් පසු නම සනාථ කිරීම සඳහා)
    • පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා  පාර්ලිමේන්තුවෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
    • විදේශ තනතුරු සඳහා බාහිර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
    • අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ලද ලිපියක්.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N ඛාන්ඩයේ අකුරකින් නම් ) ඉල්ලුම් පත්‍රය සමග එය ඉදරිපත් කළ යුතුය.

 

රාජ්‍ය තන්ත්‍රික ගමන් බලපත්‍ර භාරදීමට කොපමණ කල් ගතවේද?

 

සාමාන්‍ය පදනමින් - වැඩ කරන දින 10 ක්
අත්‍යවශ්‍ය පදනමින් - එක් දිනක් තුල

 

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 2500.00
අත්‍යවශ්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 7500.00         Otop_1


රාජකාරී ගමන් බලපත්‍ර

රාජකාරී ගමන් බලපත්‍ර ඉල්ලුම් කලහැක්කේ කාටද?
පහත සඳහන් කාණ්ඩවල පුද්ගලයන් සඳහා රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ,

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව, මාතර, නුවර ප්‍රාදේශීය කාර්යාල වලින්
  • භාගත කරන ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්
ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන කවරේද ?
  • දැනට භාවිතා කරන ගමන් බලපත්‍රය (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයෙහි මුල් පිටපතක් හා ඡායාරූප පිටපතක්.
  • අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහක නාමය සනාථ කරගැනීම සඳහා)
  • පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධාන රේඛීය අමාත්‍යාංශය වලින් ඉල්ලුම් කරන ලද ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම අඩංගු ලිපියක්.
* M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N ඛාන්ඩයේ අකුරකින් නම් ) ඉල්ලුම් පත්‍රය සමග එය ඉදරිපත් කළ යුතුය.

 

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය

රාජකාරී ගමන්බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගත වේද?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 10 ක්
හදිසි පදනමින් - එදිනම

 

රාජකාරී ගමන් බල පත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් : ශ්‍රී ලංකා රු. 2500.00
හදිසි පදනමින් : ශ්‍රී ලංකා රු. 7500.00        Otop_1


 


ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය වලංගු විශේෂිත රටවල්

මැදපෙරදිග රටවලට සහ යම් යම් දකුණු ආසියානු රටවලට ගමන් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික යන්නට මෙම ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැක. මෙහි ඇත්තේ වාස අවසර පත්‍ර සඳහා වූ අඩු පිටු ගණනකි. එසේම සැකසුම් ගාස්තුව ද සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයට ගෙවිය යුතු ගාස්තුවට වඩා අඩුවේ.

විශේෂිත රටවල නම් ලැයිස්තුව
ඉන්දියාව>නේපාලය>බංගලිදේශය>පකිස්ථානය>මාලදිවයින ජනරජය>ඉරානය>ඉරාකය>ලෙබනනය>සිරියාව>ජෝර්දානය>සෞදිඅරාබිය>එක්සත් අරාබි රාජ්‍යය>බිමාන සුල්ටනේට් රාජ්‍යය>කුවේට් කටාර්>බහරේන්>යේමනය.


සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද?
  • ඉල්ලුම්කරුගේ වඩාත් මෑතකදී ලබාගත් ගමන් බලපත්‍රය (කරුණාකර විස්තර සඳහා පහල බලන්න*).
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් හා එහි ඡායා පිටපතක්.
  • අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහක නාමය සනාථ කරගැනීම සඳහා).
  • ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය.
* ඔබට දැනටමත් M හෝ N කාණ්ඩයේ වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N අකුරකින් නම්) එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොහෙන්ද ?
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 10 ක්
හදිසි පදනමින් - එදිනම

විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 1000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 2500.00          Otop_1


හදිසි සහතික (EC)

හදිසි සහතිකයක් යනු කවරේද ?
හදිසි සහතිකයක් යනු ඉන්දියාවට සහ නේපාලයට ගමන් කරන බෞද්ධ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පමණක් නිකුත් කෙරෙන ගමන් ලේඛනයයි. මෙම ලේඛනය අවුරුදු 2කට පමණක් වලංගු වන අතර බලපත්‍ර ඉල්ලා සිටිවිට එය තව අවුරුදු 2ක් දක්වා දීර්ඝ කළ හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය බලන්න.


සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද?
  • වඩාම මෑතකදී ලබාගත් ඉල්ලුම්කරුගේ ගමන් බලපත්‍රය (වැඩි විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් ලේඛනය.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ මුල් ලේඛනය හා ඡායාරෟප පිටපතක්.
මා ළඟ උප්පැන්න සහතිකයක් හෝ ජාතික හැඳුනුම් පතක් නැතිනම් මා කළ යුත්තේ කුමක් ද?
පහත සඳහන් ලේඛන එකක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන. එනම්,
  • ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය
  • ඉල්ලුම්කරුගේ වැඩිහිටි අනන්‍යතා සහතිකය
  • ඉල්ලුම්කරුගේ විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය
  • පිරික්සුම් ප්‍රතිඵලය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය.
  • විය හැකි වයස් සහතිකය (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ)
* දැනටමත් ඔබ සතුව M හෝ N කාණ්ඩයේ වලංගු ගමන් බලපත්‍රයක් හෝ හදිසි සහතිකයක් ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භවනුයේ M,N හෝ  EC අකුරුවලින් නම් ) ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්,
  • ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්,
  • භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින්,
ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කොතනටද ?
  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  • වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට.
හදිසි සහතික පත් භාරදීමට කොපමණ කල් ගතවේද ?
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 10 ක්
හදිසි පදනමින් - එදිනම

හදිසි සහතික සඳහා සැකසුම් ගාස්තු කවරේද ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 500.00 (හදිසි පදනමින් - අදාළ නැත.)         Otop_1


යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන

මෙම ලේඛන කවරේද ?
මේ වනාහි ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ විදේශයේ සිටියදී කල් ඉකුත් වී ඇති විට ශ්‍රී ලාංකිකයින් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

එම ලේඛන ලබාගත හැක්කේ කොතැනින්ද ?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින් මෙම ලේඛන ලබාගත හැක.

ඉල්ලුම් කළ හැක්කේ කවදාද ?
ඔබ පෙරලා ටික කලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් ඉල්ලුම් කළ හැක.

වලංගු කාලය කුමක් ද?

යන්ත්‍රයෙක් කිව නොහැකි බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් වලංගු වන්නේ ශ්‍රී ලංකාවට එක් වරක් ගමන් කිරීමට පමණි.

ඉල්ලුම් පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ කෙසේ ද?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයට භාර දීමෙන්

හඳුනා ගැනීමේ සහතිකය
හඳුනාගැනිමේ සහතිකය යනු කුමක් ද?
විදේශිකයකුගේ ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ ලංකාවේ  සිටියදී කල් ඉකුත් වී ඇති විට විදේශිකයන් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැක්කේ කෙසේද ?
කොළම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව අමතා ශ්‍රි ලංකා මුදලින් රු. 2500.00 ක් ගෙවා එදිනම හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැකිය. Otop_1


වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලකා ගමන් බලපත්‍ර
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්පත් බාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය දෙමවුපියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම් පතෙහි ඇමිණිය යුතුය.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?
  • අයදුම්කරුගේ උප්පැන්න සහතිකය
  • දෙමවුපියන්ගේ ගමන බලපත්‍රය (දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුලත් පිටුවේ ඡායා පිටපත් සමඟ).
  • දෙමව්පියන්ට ගමන් බලපත්‍රයක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් සමඟ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
  • දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්.
දරුකමට හදාගත් ළමයෙකු සඳහා ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් අමතර ලියකියවිලි අවශ්‍ය වේ.
දරුකමට හදාගත් බවට සහතිකයක්
ඒ සඳහා උසාවි නියමය
ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්

විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
 

දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදී ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය (පුරවැසිභාවය ලියාපදිංචි කිරීමේදී මුදල් ගෙවා ලබා ගත් ලදු පතේ ඡායා පිටපතක් ද භාරගනු ලැබේ.)
කලාත්‍රයා ගමන් බලපත්‍රයක් ලබාගෙන නොමැති නම් ඔහු / ඇයගේ ජාතික හැඳුනුම් පත
කලාත්‍රයා මියගොස් නම් මරණ සහතිකය
දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් දෙ ලද උසාවි නියෝගය.
දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කරන ලිපිය.

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 1500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 3500.00

විශේෂිත රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
සාමාන්‍ය පදනමින් -  ශ්‍රී ලංකා රුපියල් 1000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 1500.00
Otop_1


දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට බාලවයස්කරුවන් ඇතුලත් කිරීම.
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවුරුදු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස නම් කරනු ලැබේ.

එක් ගමන් බලපත්‍රයකට දරුවන් කොපමණ සංඛ්‍යාවකගේ නම් අතුලත් කළ හැකිද?
එක් ගමන් බලපත්‍රයකට ඔබට උපරිම වශයෙන් දරුවන් 6 (හය) දෙනෙකුගේ නම් ඇතුලත් කළ හැකිය.

අප පවුලේ වයස අවු. 16ට වඩා අඩු දරුවෝ හය දෙනෙකුට වඩා සිටිති. අප කළයුත්තේ කුමක් ද?
දෙමව්පියන්ගෙන් එක් අයෙකුගේ ගමන් බලපත්‍රයකට ඔබට දරුවන් හය දෙනෙකු දක්වා නම් අතුලත් කළ හැකි අතර අනෙක් තැනැත්තාගේ / තැනැත්තියගේ ගමන් බලපත්‍රයට තව හය දෙනෙකු දක්වා නම් ඇතුලත් කළ හැකිය.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළයුතු අවශ්‍ය ලිපි ලේඛන කවරේද ?
  • අයදුම්කරුගේ ගමන් බලපත්‍රය
  • දරුවන්ගේ උප්පැන්න සහතික
  • අයදුම්කරුගේ කලාත්‍රයාගේ ගමන් බලපත්‍රය සමග දත්ත පිටුවේ සහ දරුවන් ගැන සඳහන්වන පිටුවේ ඡායා පිටපත්
  • කලාත්‍රයාගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද ලිපිය
හදාගැනිමට ගත් දරුවකුගේ නම ඇතුලත් කර ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් අමතර ලේඛන අවශ්‍ය වේ.
  • හදාවඩා ගැනීමේ සහතිකය
  • උසාවි නියමය
  • ළමා හිමිකම් සහ ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්.
විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුය.

දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත දී ඉපදී ඇත්නම් කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය.

ඉල්ලුම්කරුගේ දෙමවුපියන් ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බලපත්‍රයකට හිමිකම් නොකියන්නේ නම් එම කරුණ සනාථ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් සහ ජාතික හැඳුනුම්පත.

ඉල්ලුම්කරුගේ දෙමව්පියන් මියගොස් ඇත්නම්. මරණ සහතිකය / සහතික නීත්‍යනුකූල භාරකරුවන්ගේ හඳුනා ගැනීමේ ලේඛන. භාරකරුවාගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද ග්‍රාම නිලධාරී වාර්තාව.

දෙමවුපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම විදේශ ගතව සිටින්නේ නම් ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය සහ ගමන් බලපත්‍රයේ පිටපත් අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩලය මගින් සහතික කළ යුතුය.
දෙමවුපියන් දෙදෙනාට විදේශගතව සිටිත් නම් දෙමව්පියන් විසින් නීත්‍යනුකූල භාරකරුට දෙන ලද පිළිගත හැකි බලය පැවරුම් ලිපියක්.
දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම්, දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් දෙන ලද උසාවි නියෝගය.
දරුවා, දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම්, පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කරන ලිපිය. Otop_1

ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය
ශ්‍රී ලංකාවේ හා වෙනත් රටක යන දෙරටෙහිම පුරවැසිභාවය දරන තැනැත්තෙකුට පහත ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය.
(භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින් මෙතැනින්)
  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ද්විත්ව පුරවැසිභාවය ලද සහතිකය (පුරවැසිභාවය ලියාපදිංචි කිරීමේදී මුදල් ගෙවා ලබාගත් ලදු පතේ ඡායා පිටපතක් ද භාරගනු ලැබේ.)
  • ජාතික හැඳුනුම්පත
  • උප්පැන්න සහතිකය හා / හෝ රියදුරු බලපත්‍රය
Otop_1
විශේෂ දැන්වීමයි - ඉහත ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location