www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව ගමන් බලපත්‍ර ගමන් බලපත්‍ර හා බැඳුනු සේවාවන්
ගමන් බලපත්‍ර හා බැඳුනු සේවාවන්

සහතික කිරීමේ සේවාව

ගමන් බලපත්‍රයක ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද?
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිය කියවිලි කවරේද?
මුල් ගමන් බලපත්‍රය හා සහතික කිරීමට අවශ්‍ය එහි ඡායා පිටපත්.

මෙම සේවාව සඳහා නියමිත සැකසුම් ගාස්තුව කවරේද ?
පළමු පිටපත සඳහා ලංකා රුපියල් 250.00
පිටපත් එකකට වඩා වැඩිනම් ලංකා රුපියල් 500.00 (පිටපත් 3ක් දක්වා සහතික කරවා ගත හැක)

පරිවර්තන සේවාව

ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන්වල අරාබි පරිවර්තනය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූතසේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ.

මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා අදාළ ක්‍රියා පටිපාටිය කුමක් ද?
අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය ද රැගෙන ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අදාළ සැකසුම් ගාස්තුව කවරේද ?
එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කරවා ගැනීම සඳහා ලංකා රුපියල් 1000.00 අය කරනු ලැබේ.

ගමන් බලපත්‍ර ශ්‍රී ලංකා රාජ්‍ය සීමාවෙන් එපිට විදේශීය ගමනාන්තවලට දූත මෙහෙය (courier service) මගින් යැවීමට අවසරලබාදීම.
සාමාන්‍ය තොරතුරු

ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දූත මෙහෙය (courier service) මගින් විදේශීය ගමනාන්තවලට යැවීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය. 

අවශ්‍ය ලිපිලේඛන කවරේද?
පහත විශේෂයෙන් සඳහන් අදාළ ලියකියවිලිවල මුල් පිටපත් සහ ඡායා පිටපත් ද සමග නිවැරදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
  • දක්වා ඇති ලිපිනයට ගමන් බලපත්‍රය සුරක්ෂිතව භාරදීමට එකඟත්වය ප්‍රකාශ කර දූතසේවා සපයන්නාගෙන් ලිපියක්.
  • දූත සේවාව මගින් එවීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඉල්ලුම්කරු විසින් අත්සන් කළ ලිපියක්.
  • ගමන් බලපත්‍රය දූත සේවාව මගින් සත්‍ය වශයෙන්ම යැවිය යුතු බව සනාථ කරන ලිපි ලේඛන (ශ්‍රී ලංකාවේ අදාළ රට නියෝජනය කරන ආයතනයෙන් ඉල්ලුම් කරන ලිපියක් )
මෙම සේවාව සඳහා නියමිත සැකසුම් ගාස්තුව කවරේද ?
එක් ගමන් බලපත්‍රයක් සඳහා ලංකා රු. 1000.00

මා ඉල්ලුම් පත්‍ර ලබා ගතහැක්කේ සහ භාරදිය හැක්කේ කොතැනටද ?
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වරාය අංශය
(අයදුම්පත බාගත කරන්න)
 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location