| ශ්‍රි ලංකාවේ පුරවැසිභාවය ලබාගැනිම සඳහා අවශ්‍ය පොදු විධිවිධාන |
|
ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ලෙස ලියාපදිංචි කිරීම හෝ ඔබගේ විදේශගතව උපන් දරුවා / දරුවන් ලියාපදිංචි කිරීම යන සේවාවන් පුරවැසි අංශය මගින් ඔබට සැපයේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කාර්යාලයේ පුරවැසි අංශයට (2 වන මහල) අයදුම්පත් භාරගැනේ. සේවා සැපයෙන වේලාවන්: රජයේ නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි, ශ්‍රී ලංකාවෙන් පිටත උපන් දරුවන්ගේ පුරවැසිභාවය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා භාර ගැනේ. ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා විශේෂ විධිවිධාන
ඉන්දු - ලංකා පුරවැසි අංශය මගින් ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින් සහ චීන සම්භවය ඇති පුද්ගලයින් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ලියපදිංචි කිරීමේ සේවා සපයයි.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශයේ අයදුම් පත් භාර ගැනීම. සේවා සැපයෙන වේලාවන්: මහජන නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි. පුරවැසි ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා භාර ගැනේ.
|