| විශේෂ විධිවිධාන |
|
ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.
ඉන්දීය සම්භවය ඇති පුද්ගලයන්ට 1988 අංක 39 දරන පනත හා 2005 අංක 35 දරන පනත යටතේ ඔවුන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමෙන් පසුව සහතික පත්‍ර නිකුත් කිරීම. මෙම වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලීමට සුදුසුකම් තිබේද ? පුරවැසි පනත නියම කළ දිනට පෙර සිට (1948-11-15) ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ඉන්දීය සම්භවය ඇති පුද්ගලයකු නම් හෝ එවන් පුද්ගලයකුගෙන් පැවත එන්නෙකු නම් මෙම වර්ගීකරණය යටතේ ඔබට ශ්‍රී ලංකා පුරවැසිභාවයට ඉල්ලුම් කළ හැකිය. ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේ ද?
ඉල්ලුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය, 4 වන මහල ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10. ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද?
කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 4 මහල ඉන්දු ලංකා පුරවැසි අංශයට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා. පුරවැසි සහතිකය ලබාගැනීමට කොපමණ කාලයක් ගතවේවිද?
චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම
චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ 2008 අංක 38 දරන පනත 2008.10.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බලාත්මක කර ඇත. පෙර බලාත්මක කළ පුරවැසි නීති වලින් ශ්‍රී ලංකා පුරවැසි භාවය නොලත් 1948.11.15 දින සිට ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන සම්භවය ඇති පුද්ගලයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් ඇත. සටහන : මෙම පනත බලාත්මක කළ දින සිට වසර පහක කාලයක් බලපවත්වනු ඇත. එබැවින් සුදුසුකම් සහිත සියලු පුද්ගලයින්ට මේ අවස්ථාවේ ම ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දැනුම් දේ. ඉල්ලුම් කළ හැක්කේ කා හට ද? චීන සම්භවය ඇති ඕනෑම පුද්ගලයකුට.
ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනම ඉල්ලුම් කළ යුතුය. ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමව්පියන්ගෙන් එක් අයකුගේ අයදුම් පත්‍රයෙන් ඉල්ලුම් කළ යුතුය. පවුලක සියළුම සාමාජිකයන් එක් වර ඉල්ලුම් කළ යුතුය. ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය. 4 මහල ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10. සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද ? කරුණාකර පහත සඳහන් ලිපි ලේඛන වල මුල් පිටපත් ඒවායේ ඡායා පිටපත් සමග ඉදිරිපත් කරන්න (මුල් පිටපත් ආපසු භාරදෙනු ලැබේ)
ඉහත ලිපි ලේඛන මා සතුව නොමැත නම් ඉදිරිපත් කළ හැකි විකල්ප ලිපි ලේඛන මොනවාද?
ඉහත ලිපි ලේඛන නොමැති නම් ඔබගේ ශ්‍රී ලාංකීය ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා අධ්‍යාපනික සහතික, රියදුරු බලපත්‍රය වැනි වෙනත් ලේඛන ඉදිරිපත් කරන්න.
|