www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව පුරවැසිභාවය විශේෂ විධිවිධාන
විශේෂ විධිවිධාන
ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.
ඉන්දීය සම්භවය ඇති පුද්ගලයන්ට 1988 අංක 39 දරන පනත හා 2005 අංක 35 දරන පනත යටතේ ඔවුන්ගේ ඉල්ලීම මත පුරවැසිභාවය තහවුරු කිරීමෙන් පසුව සහතික පත්‍ර නිකුත් කිරීම.

මෙම වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලීමට සුදුසුකම් තිබේද ?
පුරවැසි  පනත නියම කළ දිනට පෙර සිට (1948-11-15) ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි ඉන්දීය සම්භවය ඇති පුද්ගලයකු නම් හෝ එවන් පුද්ගලයකුගෙන් පැවත එන්නෙකු නම් මෙම වර්ගීකරණය යටතේ ඔබට ශ්‍රී ලංකා පුරවැසිභාවයට ඉල්ලුම් කළ හැකිය.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේ ද?

  1. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු-ලංකා පුරවැසි අංශය, 4වන මහල, නො. 41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
  2. ඉල්ලුම්පතේ මුද්‍රිත පිටපත් බාගත කර ගැනීම  මෙතැනින්

ඉල්ලුම් පත්‍ර අංකය

විස්තරය

IC/C/SPA
1988 අංක 39 දරන පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය සඳහා ඉල්ලුම්පත්‍ර
C/P/I/O/2003/01
2003 අංක 35 දරන පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය සඳහා ඉල්ලුම්පත්‍ර
C/P/I/O/2003/02
2003 අංක 35 දරන පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රී ලාංකිකයකු වීම සඳහා ඉන්දීය ගමන් බලපත්‍ර දරන්නන් කළ විශේෂ ප්‍රකාශය.

ඉල්ලුම්පත සම්පූර්ණ කිරීම සඳහා උපදෙස්
  1. 1988 අංක 39 දරන පනත ප්‍රකාර ඉල්ලුම්පත්‍ර (අංක 1988/01 මාර්ගෝපදේශය බලන්න)
  2. 2003 අංක 35 දරන පනත ප්‍රකාර ඉල්ලුම්පත්‍ර  (අංක 2003/01 මාර්ගෝපදේශය බලන්න)
සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍ර භාරදිය හැකි ස්ථානය කුමක් ද?
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය, 4 වන මහල ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.

ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද?
  1. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් (ඇත්නම්).
  3. ඉල්ලුම්කරුගේ විවාහ සහතිකයේ පිටපතක් (ඇත්නම්).
  4. ඉල්ලුම්කරුගේ දෙමාපියන්ගේ පුරවැසි සහතිකයේ පිටපතක් (ඇත්නම්).
උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය නොමැති අවස්ථාවලදි පහත ලේඛන භාර දියයුතුය.
  1. ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකයක්.
  2. ඉල්ලුම්කරුගේ උපත සහ විවාහය සහතික කරන දිවුරුම් ප්‍රකාශයක්.
ඉන්දීය ගමන් බලපත්‍ර පමණක් හිමි අයට අවශ්‍ය කරන අමතර ලිපි ලේඛන
  1. 2003 අංක 39 පනතේ 02 වන වගන්තියේ විධිවිධාන  ප්‍රකාරව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දැනුම් දීමේ ලිපියේ පිටපතක්.
  2. ඉල්ලුම්කරුගේ මෑතක ගත් ඉන්දීය ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක්.
සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදිය හැක්කේ කෙසේ ද?
කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ  4 මහල ඉන්දු ලංකා පුරවැසි අංශයට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා.

පුරවැසි සහතිකය ලබාගැනීමට කොපමණ කාලයක් ගතවේවිද?
  1. නීතියට අනුව ඉල්ලුම්පත්‍රය ගත් දින සිට සේවා දින 60 කින්.
  2. උපදෙස් අනුව ඉල්ලුම්පත්‍රය සාර්ථකව භාර දී ඇතිනම් සේවා දින 30 ක් අතුළත පුරවැසි සහතිකය නිකුත් කෙරෙනු ඇත.
මෙම පුරවැසි වර්ගීකරණය සඳහා අදාළ නෛතික විධිවිධාන මොනවාද ?
  1. 1988 අංක 39 දරන පනත සහ එහි පසුව සිදු වූ සංශෝධන වලට අනුව රටක් නොමැති පුද්ගලයින්ට රටවැසිභාවය ප්‍රදානය කිරීම.
  2. 2003 අංක 35 දරන පනත හා පසුව සිදුවූ සංශෝධන වලට අනුව ඉන්දීය රටවැසිභාවය ඇති පුද්ගලයින්ට රටවැසිභාවය ප්‍රදානය කිරීම.
  3. 2003 අංක 35 දරන පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඉන්දීය ගමන් බලපත්‍ර හිමි අයට දැනුම්දීමේ ලිපි නිකුත් කිරිම.

චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම
චීන සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ 2008 අංක 38 දරන පනත 2008.10.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බලාත්මක කර ඇත. පෙර බලාත්මක කළ පුරවැසි නීති වලින් ශ්‍රී ලංකා පුරවැසි භාවය නොලත් 1948.11.15 දින සිට ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන සම්භවය ඇති පුද්ගලයින් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් මේ යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් ඇත.

සටහන : මෙම පනත බලාත්මක කළ දින සිට වසර පහක කාලයක් බලපවත්වනු ඇත. එබැවින් සුදුසුකම් සහිත සියලු පුද්ගලයින්ට මේ අවස්ථාවේ ම ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දැනුම් දේ.

ඉල්ලුම් කළ හැක්කේ කා හට ද?
චීන සම්භවය ඇති ඕනෑම පුද්ගලයකුට.
  1. 1948 නොවැ. 15 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිව සිටි අයකු.
  2. 1948 නොවැ. 15 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිව සිට පුද්ගලයකුගෙන් පැවත එන දැනට ශ්‍රි ලංකාවේ පදිංචි පුද්ගලයකු.
පුද්ගලයකුට ඉල්ලුම් කළ හැක්කේ කෙසේද ?
ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනම ඉල්ලුම් කළ යුතුය. ඉල්ලුම් කරන අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමව්පියන්ගෙන් එක් අයකුගේ අයදුම් පත්‍රයෙන් ඉල්ලුම් කළ යුතුය. පවුලක සියළුම සාමාජිකයන් එක් වර ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැක්කේ කෙසේද?
  1. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි ඒකකය, 4 මහල ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
  2. ඉල්ලුම්පත්‍රයේ මුද්‍රිත පිටපතක් බාගත කර ගැනීම මෙතැනින්
ඉල්ලුම්පත්‍රය භාර දිය හැකි ස්ථානය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය. 4 මහල ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපි ලේඛන මොනවාද ?
කරුණාකර පහත සඳහන් ලිපි ලේඛන වල මුල් පිටපත් ඒවායේ ඡායා පිටපත් සමග ඉදිරිපත් කරන්න (මුල් පිටපත් ආපසු භාරදෙනු ලැබේ)
  • උප්පැන්න සහතිකය
  • විවාහ සහතිකය (විවාහක නම්)
  • දරුවන්ගේ උප්පැන්න සහතික
  • ජාතික හැඳුනුම් පත (ඇත්නම්)
ඉහත ලිපි ලේඛන මා සතුව නොමැත නම් ඉදිරිපත් කළ හැකි විකල්ප ලිපි ලේඛන මොනවාද?
ඉහත ලිපි ලේඛන නොමැති නම් ඔබගේ ශ්‍රී ලාංකීය ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා අධ්‍යාපනික සහතික, රියදුරු බලපත්‍රය වැනි වෙනත් ලේඛන ඉදිරිපත් කරන්න.
 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location