www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය
සාමාන්‍ය තොරතුරු

ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් යනු කුමක් ද?
ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකිකයන් නොවන අයට ශ්‍රී ලංකාවට  ඇතුළු වීමට පහසුකම් සැලසීමට ද ඔවුන් නැවතී සිටින කාලය සීමා කිරීමට ද එසේ නැවතී සිටීම පාලනය කෙරෙන කොන්දේසි දැක්වීමට ද විදේශ ගමන් බලපත්‍රයක හෝ ඒ සමාන ලේඛනයක සඳහන් කෙරෙන පිටසනකි.

ශ්‍රි ලංකා වීසා බලපත්‍ර වර්ග මොනවා ද?
ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ / හෝ එහි රැඳී  සිටීමට පුද්ගලයකුට අවසර ලබාදෙන වීසා වර්ග හතරක් තීබේ.

 පැමිණිමේ වීසා බලපත්‍ර 
පැමිණිමේ වීසා බලපත්‍රයක් යනු විදේශීය ජාතිකයකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ශ්‍රී ලංකා රජයේ කැමැත්ත දැක්වෙන අවසර පත්‍රයකි. මෙම වීසා බලපත්‍රයෙහි, රට තුළ නැවතී සිටිය හැකි කාලය සහ කොන්දේසි අඩංගු වේ.

පැමිණීමේ වීසා බලපත්‍ර යටතේ උප කොටස් දෙකක් තිබේ. –

  1. සංචාරක පැමිණීමේ වීසා බලපත්‍ර

දර්ශනීය ස්ථාන නැරඹීම,විනෝද චාරිකා, විවේක සුවයෙන් සිටීම, ඥාතීන් හමුවීම හෝ යෝග අභ්‍යාස වැනි දේ සඳහා කෙටි කාලයක් ශ්‍රී ලංකාව තුළ නැවතී සිටීමට වුවමනා කරන අව්‍යාජ සංචාරකයනට සංචාරක පැමිණීමේ වීසා බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

  1. ව්‍යාපාරික පැමිණිමේ වීසා බලපත්‍ර

ව්‍යාපාරික පැමිණීම් වීසා බලපත්‍ර, ව්‍යාපාරික කටයුතු සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයන් වෙත නිකුත් කරනු ලැබේ. මෙම වීසා බලපත්‍ර තනි, ද්විත්ව හෝ බහුවිධ ගමන් සඳහා නිකුත් කළ හැකිය.

වාස වීසා බලපත්‍ර

වාස වීසා බලපත්‍රයක් යනු, විශේෂ කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි වීමේ පහසුකම් ලබා ගැනීමට අදහස් කරන ශ්‍රී ලාංකික නොවන අයට නිකුත් කෙරෙන අවසර පත්‍රයකි. වාස වීසා බලපත්‍ර යටතට ගැනෙන උප වර්ග අටක් තිබේ.

මා අයත් වන්නේ කවර සුදුසුකම් වර්ගයට ද?

 1. සේවා නියුක්ති වර්ගය

  • ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවයේ නියුක්ත විදේශීය පුද්ගලයන් සහ රජයෙන් අනුමත ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා අවශ්‍ය වන ව්‍යාපෘති වෘත්තීකයින්.
  • බැංකුවල සේවයේ නියුක්ත  පුද්ගලයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
  • ස්වේච්ඡා සේවයට පැමිණෙන අය.
  • රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්ත පුද්ගලයන්.
  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල යටතේ ඇති ආයතනවල සහ සංවිධානවල සේවයේ නියුක්ත පුද්ගලයන්.
  • පෞද්ගලික සමාගමක සේවයේ නියුක්ත පුද්ගලයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්.

 2. ආයෝජන වර්ගය

  • ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ප්‍රාග්ධනය ආ‍යෝජනය කිරීමට කැමැත්ත දක්වන අය
  • ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතුවල නියුක්ත වන අය.

 3. ආගමික වර්ගය

  • පැවිදි අය

 4. ශිෂ්‍ය වර්ගය 

  • විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
  • රජයෙන් අනුමත අධ්‍යාපනික ආයතවල ශිෂ්‍යයන්
  • වෙනත් ආයතන

 5. 1954 ඉන්දු ලංකා ගිවිසුමෙන් ආවරණය වන ලියාපදිංචි වී සිටින ඉන්දියානුවන්.

 6. හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන් 

 7. ශ්‍රී ලාංකිකයකුගේ පවුලේ සාමාඡිකයන්

  • ස්වාමි පුරුෂයා හෝ භාර්යාව
  • විදේශීය ජාතිකත්වය හිමි ළමයි.

8. රාජ්‍ය තාන්ත්‍රික සහ රාජකාරී වීසා බලපත්‍ර

මගේ සිහින නිවස වීසා බලපත්‍ර වැඩ සටහන


ආගන්තුක වාස වීසා බලපත්‍ර වැඩ සටහන.


මාර්ගස්ථ වීසා

මාර්ගස්ථ වීසා යනු විදේශීය ජාතිකයකු වෙනත් ගමනාන්තයක් කරායන අතරතුර අනියම් වශයෙන් කෙටිකාලයක් තුළ නැවතී සිටීම සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට  අවසරය පිරිනමන විසාවකි.


ගෙවීම් රහිත වීසා බලපත්‍ර

රාජ්‍යතාන්ත්‍රික හෝ රාඡකාරි හෝ නිළ පිටසනක් සහිත ගමන් බලපත්‍රයක් හිමි අයකු වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ගාස්තු කිසිවක් ගෙවිය යුතු නොවේ.

වීසා ගාස්තු ගෙවීමෙන් නිදහස් වන්නේ කවරහු ද?

  • ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෝ
  • පුරවැසි පනතේ 5 (2) වගන්තිය යටතේ උපත ලියාපදිංචි කර ඇති ළමයි.
  • ශ්‍රී ලාංකික දෙමව්පියන්ට දාව ශ්‍රී ලංකාවේදී උපන් අවුරුදු 21 අඩු දරුවන්.

ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසුවන සාමාන්‍ය අවශ්‍යතා මොනවා ද?

ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් පහත අවශ්‍යතා සපුරන විට ඔබට වීසා බලපත්‍රයක් නිකුත් කරනු ඇත.

  1. ඔබ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසු යයි ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් සැහීමට පත් විම.
  2. ශ්‍රී ලංකාවට ඇතුළුවන කාර්යය ශ්‍රි ලංකා ආගමන හා විගමන බලධාරීන් අනුමත කරන විට.
  3. ඔබ ශ්‍රී ලංකාවට ගොඩබසින දින සිට ඉදිරියට අවම වශයෙන් මාස හයක් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් දරන විට.
  4. ශ්‍රී ලංකාව තුළ ඔබ ගත කරන කාලය තුළ ඔබේ නඩත්තුව සඳහා සහ ඔබේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ රටට ආපසු යාම සඳහාත් ප්‍රමාණවත් අරමුදල් ඔබ සතුව තිබෙන බවට ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් සෑහීමට පත්වන අවස්ථාවක
  5. ඔබ පැමිණීමේ වීසා බලපත්‍ර හිමියෙක් නම් ඔබ වාසය කරන රටට හෝ ඔබ අදහස් කරන ඊළඟ ගමනාන්ත රටට යාමට ලිඛිත අවසරයක් (ප්‍රවේශ පත්‍රයක්) ඔබ සතුව තිබෙන විට.

පැමිණීමේ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද ?

  • ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටින කාලය තුළ වීසා බලපත්‍රයෙහි සඳහන් කර ඇති‍ දෙයක් හැර ගෙවීම් සහිත හෝ රහිත කිසිඳු ආකාරයක රැකියාවක, වෘත්තියක හෝ ව්‍යාපාරයක නියුක්ත වීම ඔබ නොකළ යුතුය.
  • ඔබේ වීසා බලපත්‍රයේ සටහන් කර ඇති කාලය ඉකුත් විමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ඔබේ වීසා බලපත්‍රය වලංගු වේ.
  • වීසා බලපත්‍රයේ සටහන් කර ඇති කාලය තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔබේ වීසා බලපත්‍රය වලංගු වේ.
  • සියලුම වීසා බලපත්‍ර කාලය දිර්ඝ කිරීම සඳහා කරන ඉල්ලීම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

 

 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location