| වාස වීසා |
|
වාස පිළිබද වීසා යනු විශේෂ කාර්යයන් සදහා පදිංචි වීමේ පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයකු නොවන කෙනෙකුට දෙන අවසර පත්‍රයකි. ආයෝජන හෝ වෙනත් කාර්යය සදහා පදිංචි වීමේ පහසුකම් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකිකයකු නොවන පුද්ගලයන්ට එය නිකුත් කරනු ලැබේ. මෙම වීසා නිකුත් කරනු ලබන්නේ ඒවා ලබන අය ශ්‍රී ලංකාවේ නැවතී සිටීම සහ වෘත්තීයක නිරත විම මෙරට ජනතාවගේ ශුභ සිද්ධියට හානිදායක නොවේ යැයි නියමිත බලධාරියා සෑහීමට පත්වන අවස්ථාවලදී ය. A. රජයෙන් අනුමත ව්‍යපෘති සදහා අවශ්‍ය කරන ව්‍යාපෘති වෘත්තීකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) යටතේ පවතින ව්‍යාපෘතිවල සේවයේ නියුතු විදේශීය පුද්ගලයන්ගේ වාස වීසා.
ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබා ගත හැක්කේ කොතැනින්ද?
මගේ වාස වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?
ව්‍යාපෘතිය
මගේ පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවා ද?
මගේ වාස වීසා බලපත්‍රය අලුත් කිරීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද?
පදිංචිය පිළිබඳ මගේ වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද?
මගේ පදිංචි වීසා බලපත්‍රය අලුත් කර ගැනීමට අදාළ වන වෙනස් කොන්දේසි මොනවාද ? මගේ පදිංචි වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේද?
මගේ වීසා අලුත් කිරීමට බලපාන අනෙකුත් කොන්දේසි මොනවාද?
ඔබට ඔබේ වීසා ඉල්ලුම්පත්‍රය කොළම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවා ද? ආයතනයේ ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ අදාළ රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය. ශ්‍රී ලංකාව සහ අදාළ රට අතර ගිවිසුමක් හෝ ගිවිසුම් අත්සන් කිරීමට විධිවිධාන සලසා ඇත්නම් එම ගිවිසුම්. මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචි වීසා බලපත්‍රයේ වලංගු කාලය කොපමණ ද? ඔබේ පදිංචි වීසා බලපත්‍රය අවුරුදු දෙකක් හෝ අදාල අමාත්‍යංශය නිර්දේශ කරනු ලබන කාල සීමාවකට වලංගු වේ. එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ පදිංචි වීසා බලපත්‍රය අලුත් කර ගත හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝ කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් ආගමන හා විගමන දෙපාර්තමේනතුවට ඉදිරිපත් කළ යුතුය. පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රය අලුත්කර ගැනීමට ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින්ද ?
ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට ඔබ අදහස් කරන කාලය ඔබේ ගමන් ලියකියවිලිවල කාලය ඉකුත් වීමේ දිනයට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් අවසන් විය යුතු ය. E. පෞද්ගලික සමාගමක සේවයේ නියුක්ත පුද්ගලයෝ සහ ඔවුන්ගේ යැපෙන්නෝ මට වාස වීසා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින්ද ?
ඔබට ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. මගේ වාස වීසා ඉල්ලුම්පත්‍ර සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ? 48 ආකෘති පත්‍රය 65 ආකෘති පත්‍රය සමාගමේ ඉල්ලීම සමාගම් සංස්ථාපත්‍රය සහ සමාගම් ව්‍යාවස්ථා පත්‍රය රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය මගේ වාස බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ වාස වීසා බලපත්‍රයේ වලංගු කාලය? වීසා ගාස්තු පිළිබඳ වීසා බලපත්‍රය එක් අවුරුද්දකට වලංගු වේ. එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ වාස වීසා බලපත්‍රය අලුත් කළ හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝකර ගැනීමේ ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. වාස වීසා අලුත්කර ගැනීමේ ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට ඔබ අදහස් කරන කාලය ඔබේ ගමන් ලියකියවිලිවල කාලය ඉකුත් වීමේ දිනයට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් අවසන් විය යුතු ය. 2. ආයෝජක වර්ගය A. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ප්‍රාග්ධන ආයෝජනය කිරීමට අදහස් කරන අය පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් මට ලබා ගත හැක්කේ කොතැනින් ද?
ඔබට ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි ය. මගේ පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද? 48 ආකෘතිය 65 ආකෘතිය සාමගම් සංස්ථා පත්‍රය සහ සමාගම් ව්‍යවස්ථා පත්‍රය රේඛීය අමාත්‍යාංශයේ සහ ආයෝජන මණ්ඩලයේ නිර්දේශය ආයෝජන මණ්ඩල ගිවිසුම මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රයේ වලංගු කාලය කොපමණද? ඔබේ පදිංචිය වීසා බලපත්‍රය එක් අවුරුද්දකට වලංගු වේ . එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ බලපත්‍රය අලුත් කළ හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝ කර ගැනීමේ ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පදංචිය පිළිබඳ වීසා අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ ගමන් ලියකියවිලිවල ඉකුත් වීමේ දිනයට අඩු වශයෙන් මාස දෙකකටවත් කලින් ශ්‍රී ලංකාවේ ඔබ නැවතී සිටින කාලය අවසන් විය යුතුය. 3. ආගමික පුද්ගලයෝ
ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තතුවට ඉදිරිපත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ? පූජක පක්ෂයේ අය ආගමික සංවිධානයෙන් ලබාගත් ඉල්ලීමේ ලිපිය රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය 4. ශිෂ්‍යයෝ
ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තතුවට ඉදිරිපත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ලිපිය වෙනත් ශිෂ්‍යයන් සහ වයස අවුරුදු 16ට අඩු ශිෂ්‍යයන්ගේ භාරකරුවෝ අධ්‍යාපන ආයතනයෙන් ලිපියක් අදාළ තානාපති / මහා කොමසාරිස් කාර්යාලයෙන් ලිපියක් භාරකරුවන් සම්බන්ධයෙන් එක් අවුරුද්දකට අමෙරිකානු ඩොලර් 1500/- ක් වටිනා මුදල් කිරීමේ කුවිතාන්සියක් අධ්‍යාපන ආයතනයෙන් ඉල්ලීම පිළිබඳ ලිපියක් අදාළ තානාපති කාර්යාලයේ / මහ කොමසාරිස් කාර්යාලයෙන් ආගමික ශිෂ්‍යයන් සඳහා ලබාගත් ලිපියක්. ආගමික සංවිධානයේ ඉල්ලීම ඇතුළත් ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය. මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රයේ වලංගු කාලය කොපමණද? ඔබේ පදිංචිය වීසා බලපත්‍රය එක් අවුරුද්දකට වලංගු වේ . එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ සාමාන්‍ය පදිංචි වීසාව අලුත් කළ හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. පදිංචි වීසාව අලුත් කිරීමේ ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත් වීමේ දිනට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ශ්‍රී ලංකාවේ ඔබ නැවතථී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. 5.1954 ගිවිසුමෙන් ආවරණයවන ලියාපදිංචි ඉන්දියානුවෙක් පදිංචි වීසා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය . මගේ පදිංචි වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවාද ? ඉල්ලීමේ ලිපිය ලියාපදිංචිවීමේ සහතිකය විවාහ සහතිකය වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය. මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රයේ වලංගු කාලය කොපමණද? ඔබේ පදිංචිය වීසා බලපත්‍රය එක් අවුරුද්දකට වලංගු වේ . එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ පදිංචි විසා බලපත්‍රය අලුත් කළ හැක්කේ කෙසේද? කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. මට පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත් වන දිනට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ඔබ ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. 6. හිටපු ශ්‍රී ලාංකිකයෝ සහ ඔවුන්ගෙන් යැපෙන්නෝ මට පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසා ඉල්ලුම් පත්‍රය සමග මා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද? උප්පැන්න සහතිකය පුරවැසි පනතේ 5 (2) වගන්තිය යටතේ උප්පැන්න ලියාපදිංචි කර ඇති බව ලියාපදිංචි වීමෙන් පුරවැසිභාවය ලබා ඇතිවිට පුරවැසිභාවය පිළිබඳ සහතිකය විවාහ සහතිකය යැපෙන්නන්ගේ උප්පැන්න සහතිකය මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචිය පිළිබඳ වීසාවේ වලංගු කාලය කොපමණ ද? ඔබේ පදිංචි වීසාවේ වලංගු කාලය එක් අවුරුද්දකි. එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසාව අලුත්කරගත හැක්කේ කෙසේද? කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පදිංචි වීසා අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ආකෘති ලබා ගත හැක්කේ කොතැනින් ද?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත්වන දිනයට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ඔබ ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. 7. ශ්‍රී ලාංකිකයකුගේ පවුලේ සාමාජිකයෝ
ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මගේ වීසා ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ? භාර්යාව හෝ ස්වාමිපුරුෂයා විවාහය සනාථ කිරීමට ශ්‍රී ලංකාවේ හෝ පිටරට නිසි බලධාරියකුගෙන් ලබාගත් විවාහ සහතිකය ශ්‍රී ලාංකික ස්වාමිපුරුෂයාගේ / භාර්යාවගේ උප්පැන්න සහතිකය සහ ඔහු/ ඇය ලියාපදිංචියෙන් පුරවැසියෙක් නම් ඒ බව ඔප්පු කෙරෙන ලියකියවිලි පුරවැසිභාවය පිළිබඳ සහතිකය ශ්‍රී ලාංකික ස්වාමිපුරුෂයාගේ / භාර්යාවගේ ජාතික හැඳුනුම්පත දික්කසාද වී ඇත්නම් දික්කසාද නඩු තීන්දුව, කලින් භාර්යාව / ස්වාමිපුරුෂයා මියගොස් ඇත්නම් මරණ සහතිකය ශ්‍රී ලාංකික ස්වාමි පුරුෂයාගේ / භාර්යාවගේ කැමැත්ත දරුවන් ශ්‍රී ලාංකිකයන් නොවන්නේ නම් දරුවන්ගේ උප්පැන්න සහතික ඉල්ලුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රය මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචි වීසාවේ වලංගු කාලය කොපමණ ද? ඔබේ පදිංචි වීසාවේ වලංගුකාලය අවුරුදු (02) දෙකකි තවත් අවුරුදු 5ට එය අලුත් කළ හැකිය. මගේ පදිංචි වීසා අලුත් කර ගත හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. පදිංචි වීසා අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබා ගන්නේ කෙසේ ද?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත්වන දිනට යටති පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ඔබ ශ්‍රි ලංකාවේ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. 8. රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල වීසා පදිංචි වීසා ඉල්ලුම්පත්‍ර ආකෘතියක් මට ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ වීසා ඉල්ලුම්පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. මගේ පදිංචි වීසා බලපත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ? බැංකුවේ ඉල්ලීම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මගේ පදිංචි වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න. මගේ පදිංචිය පිළිබඳ වීසාවේ වලංගු කාලය කොපමණ ද? ඔබේ පදිංචි වීසාවේ වලංගු කාලය එක් අවුරුද්දකි. එය අවුරුදු පතා අලුත් කළ හැකිය. මගේ පදිංචිය පිළිබඳ වීසා බලපත්‍රය අලුත් කළ හැක්කේ කෙසේ ද? කාලය දීර්ඝ කර ගැනීමේ ඉල්ලුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. පදිංචි වීසා අලුත් කර ගැනීමේ ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබා ගත හැක්කේ කොතැනින්ද?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත් වීමේ දිනට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ඔබ ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. |