www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය පදිංචි ආගන්තුක වීසා
පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා වැඩටසහන
මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පදිංචි වීසා ලබාගත හැක්කේ කාට ද?
පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා වැඩ සටහන වූ කලි රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික සංවර්ධනයට දායක වන විදේශීය ආයෝජනයෙන් සහ වෘත්තිකයන් සඳහා සලසා ඇති දිරිගැන්වීම් පැකේජයක කොටසකි.

ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය යනු කුමක් ද?
පදිංචි ආගන්තුක වීසා වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය යනු අදාළ රජයේ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූවකි. ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ කාර්යාලය ශ්‍රී ලංකාවේ, කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි පිහිටා තිබේ.

මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කරන්නේ කෙසේ ද?
පදිංචි ආගන්තුක ක්‍රමය සියලුම් විදේශීය ජාතිකයන්ට විවෘත ය. මේ රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය දායක විය හැකි ඕනෑම විදේශීය ආයෝජකයකුට / වෘත්තිකයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

පදිංචි වීසා ඉල්ලුම්පත්‍ර ආකෘති ලබාගත හැක්කේ කොතනින් ද?
පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍ර ආකෘති පහත සඳහන් ස්ථානවලින් ලබාගත හැකිය.
  • ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ කාර්යාලයෙන් (ශ්‍රීලං.ආ. හා වි. ප්‍ර.කාර්.)
  • පිටරටවල විදේශීය දූත මණ්ඩල වලින්
  • www.immigration.go.lk වෙතින් බා ගැනීමට හැකිය.
පදිංචි වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළයුතු ලියකියවිලි මොනවාද ?
  1. ඉල්ලුම්කරුගේ සහ යැපෙන්නන් ගේ විස්තර ඇතුළත් ගමන් බලපත්‍රවල (හෝ ගමන් ලියකියවිලිවල) අදාළ පිටුවල ඡායා පිටපත්.
  2. (අදාළ වේ නම්) විවෘත සහතිකයේ හෝ විවෘත ගිවිසුමේ ඡායාපිටපත්.
  3. ඡායාරූප පිටපත් හයක් (සෙ.මී. 6 x සෙ.මී. 5)
  4. ආද්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳවත් පළපුරුද්ද පිළිබඳවත් විස්තර (තිබේනම් ) වෙන වෙනම පිටපත් හතරකින් ඉදිරිපත් කරන්න.
අවසර ලත් අපේක්ෂකයන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වී වාරතාවක් ඉදි‍රිපත් කළ යුතුය.

මේ වැඩසටහන යටතේ මට වීසා ලැබුණොත් මගේ පවුලේ අයත් මා එනවිට ගෙන ආහැකි ද?
හැකියි. ඔබ සුදුසුකම් ලත් ආයෝජකයෙක් හෝ වෘත්තීකයෙක් නම් ඔබේ භාර්යාව / ස්වාමිපුරුෂයා, යැපෙන ළමයින්, ඔබේ දෙමවුපියන් හෝ ඔබේ භාර්යාවගේ / ස්වාමිපුරුෂයාගේ දෙමවුපියන් ගෙන ආ හැකිය.

ගෙන ආහැකි මුදල් සීමා මොනවාද ?
ආයෝජන වර්ගය
මේ යෝජනා ක්‍රමය යටතේ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ආයෝජකයකු අමෙරිකානු ඩොලර් 250,000 ක හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ සමාන මුදලක් අවම වශයෙන් ගෙනවූත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක් විශේෂ ගිණුමක් තැන්පත් කළ යුතුය. වෙනත් විදේශීය පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවන් සමග පවුලේ කිසියම් ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයෝජකයකු අදහස් කරන්නේ නම් එබඳු එක් එක් පුද්ගලයා විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 250,000 ක් හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදලකින් ඒ සමාන මුදලක් ආයෝජනය කළ යුතුය. ආයෝජකයා සමග එන හැම යැපෙන්නකු වෙනුවෙන්ම අමෙරිකානු ඩොලර් 35,000 බැගින් වූ අති‍රේක මුදල් තැන්පත් කළ යුතුය. පාවිච්චියට නොගෙන ශේෂව තිබෙන තැන්පතු මුදල සඳහා කලින් කල ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරන ප්‍රමාණයන් මත පොලිය ගෙවනු ලැබේ. ශ්‍රී ලංකාවට මුදල් එවූ බව තහවුරු කෙරෙන ලිඛිත සාකෂ්‍ය ඉදිරිපත් කළ යුතුය. මුල් තැන්පත් කිරීම්වලට අමතරව ආයෝජකයකු විසින් නිරතුරුවම තමාගේත් තම යැපෙන්නන්ගේත් ජීවත්වීමට ප්‍රමාණවත් අරමුදල් ගෙන ආ යුතුය.

වෘත්තීය වර්ගය
මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකාවේ පදිංචි වීමට අදහස් කරන වෘත්තිකයකු තමන් සඳහා අවම වශයෙන් ඇ.ඩො. 2000/- ක් ද භාර්යාව හෝ ස්වාමිපුරුෂයා ඇතුළු  ස්වකීය යැපෙන්නන් සඳහා එක් අයකුට මසකට ඇ.ඩො. 1000/- ක් ද ජීවන වියදම් වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය.

ආයෝජනය
කිසියම් විදේශීය ආයෝජකයකු විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන අරමුදල් අනුමත ව්‍යාපෘතියක ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ප්‍රථම වර්ෂ දෙක තුළ දී මෙරට ආයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් නොපෙන්වුවහොත්, එම ආයෝජකයාගේ විශේෂ ගිණුමේ පවතින බැර ශේෂය මත තව දුරටත් කිසියම් පොලියක් ගෙවීම නවතා දැමීමට ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියට හැකිය.
මෙම යෝජනා ක්‍රමයේ කාර්යය සඳහා අනුමත ව්‍යාපෘති පහත දැක්වේ.
  • ආයෝජන මණ්ඩලය (BOI) හෝ අදාළ බලාධිකාරයක් විසින් අනුමත කරනු ලැබීමට යටත් වූ නව ව්‍යාපාර.
  • අදාළ බලාධිකාරයේ අනුමතියට යටත්ව දැනට පවත්නා හෝ අලුතින් පටන් ගන්නා සමාගම්.
  • කොළඹ කොටස් වෙළඳ පොළේ සඳහන් කර ඇති කොටස්
ආයෝජන මණ්ඩලය විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථා හඳුනාගැනීමට සහ ආයෝජන සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දේ.
විශේෂ ගිණුම්
පහත විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක වෙන වෙනම විශේෂ ගිණුම් දෙකක් විවෘත කිරීමට විදේශීය ආයෝජකයන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ අවසර දෙනු ලැබේ.

1. පදිංචිකාර ආගන්තුක විදේශීය මුදල් ගිණුම
  • ශ්‍රී ලංකාවේ ඕනෑම අනුමත ව්‍යාපෘතියක ආයෝජන කිරීම සඳහා ශ්‍රී ලංකාවට එවන මුදල් මේ ගිණුමට බැර කළ යුතුය.
  • ගිණුමේ තිබෙන පාවිච්චි නොකළ ශේෂය සඳහා මුල් වර්ෂ දෙක තුළ දී බැංකුව විසින් අනේවාසික විදේශීය මුදල් ගිණුම්වලට අදාළ පොලී ප්‍රමාණයට නොවැඩි ප්‍රමාණයක පොලියක් බැංකුව විසින් ගෙවනු ඇත.
  • ආයෝජනය හැර වෙනත් කාර්යයක් සඳහා මුල් ගිණුමෙන් මුදල් ගන්නා විට එය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය විසින් අනුමත කළ යුතුය.
  • මේ ගිණුමේ ශේෂය මත ගෙවන පොලිය පදිංචි ආගන්තුක රුපියල් ජංගම ගිණුමට මාරු කළ හැකිය.
2. පදිංචි ආගන්තුක රුපියල් ගිණුම
  • ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහා එවනු ලබන මුදල්, ආයෝජන මගින් ලබා ගන්නා ආදායම්, කොටස් විකිණීමෙන් ලැබෙන මුදල් ආදිය මෙම ගිණුමට බැර කිරීමට අවසර දෙනු ලැබේ.
  • මෙම ගිණුමෙන් බැහැරව යවන මුදල විනිමය පාලකගේ පූර්ව අනුමතියට යටත් විය යුතුය.
ආදායම් ප්‍රාග්ධනය විදේශවලට යැවීම
දැනට පවතින විනිමය පාලන සහ බදු රෙගුලාසිවලට යටත් ව පහත සඳහන් බාහිර ගෙවීම්වලට අවසර දෙනු ලැබේ.
  • ආයෝජකයාගේ විශේෂ ගිණුමෙහි තිබෙන පාවිච්චියට නොගත් මුදල්
  • ආයෝජනවලින් ලබා ගන්නා ප්‍රාග්ධන ලාභ සහ ආදායම
  • ආයෝජන විකිණීමෙන් ලැබෙන මුදල්.
මගේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා කෙරෙහි බලපාන ගාස්තු මොනවාද?
පදිංචි වීසා ගාස්තු සහ බදු මුදල්වලට අතිරේක වශයෙන් ඇ.ඩො. 2ඇක් හෝ ඊට සමාන පරිවර්තනයේ කළ හැකි මුදලක් ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියට ගෙවිය යුතුය. වීසා ගාස්තු පිළිබඳ තොරතුරු සඳහා මෙහි  ක්ලික් කරන්න.

පදිංචි වන ආගන්තුකයන්ගේ යුතුකම
පදිංචිව සිටින ආගන්තුකයන්ගෙන් පහත සඳහන් කාර්ය ඉටුවිය යුතුය.
  • ඉල්ලුම් පත්‍රයෙහි සඳහන් විස්තර සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදු වූ විට එම වෙනස සිදු වී මාස දෙකක් (2) ඇතුළත ඒ බව ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය වෙත දැනුම් දිය යුතුය.
  • ශ්‍රී ලංකා රජයේ ආගමන හා විගමන විධිවිධාන පිළිපැදිය යුතුය.
  • ශ්‍රී ලංකාව බදු නීති පිළිපැදිය යුතුය.
  • ශ්‍රී ලංකා රජයේ වෙනත් සියලුම නීති හා රෙගුලාසි පිළිපැදිය යුතුය.
  • මහජන ශුභ සිද්ධියට හේතු නොවන හෝ රටේ ආරක්ෂාවට හානිදායක විය හැකි වන දේශපාලනික හෝ වෙනත් කිනම් ක්‍රියාවකින් හෝ වැළකී සිටිය යුතුය. 
  • සුචරිතවත්ව සිටි බවට වාර්තාවක් තම රටේ පොලිසියෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
පදිංචි ආගන්තුකයා විසින් ආයෝජන ව්‍යාපෘතිය / වෘත්තීය සේවා අවසන් කරන විට ඔහු විසින් පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතුය.
පදිංචිව සිටින ආගන්තුකයන්ගෙන් පහත සඳහන් කාර්ය ඉටුවිය යුතුය.
  • ස්වකීය ආයෝජන ව්‍යාපෘතිය / වෘත්තීය සේවය අවසන් කිරීමේ තම අදහස මාස (2) දෙකකට කලින් ලිඛිතව ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය වෙත දැනුම් දිය යුතුය.
  • ඔවුන්ගේ ආයෝජන ව්‍යාපෘති / වෘත්තීය සේවා නිමකිරීමෙන් පසු ඔවුන් ශ්‍රි ලංකාවෙන් නික්මයාමට අදහස් කරන අවස්ථාවක දී එසේ පිටත්වීමට මත්තෙන් වැඩකරන දින 14 කට පෙරාතුව ඒ බව ලිඛිතව දැනුම් දිය යුතුය.
පුරවැසි භාවය ප්‍රදානය කිරීම
ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීමට අදහස් කරන පදිංචි ආගන්තුකයකු අවුරුදු තුනක පදිංචිය සම්පූර්ණ කිරීමෙන් පසු ඒ සඳහා ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය වෙත සිය ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුය. පුරවැසිභාවය ප්‍රදානය කිරීම සලකා බලන්නේ පදිංචිව සිටි කාලය තුළ  මේ රටේ ආර්ථික සංවර්ධනයට සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනයට ඉල්ලුම්කරුගෙන් ලැබී ඇති දායකත්වය මතය. මේ සඳහා ඉල්ලුම් පත්‍ර ආකෘතිය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියෙන් (SLI&E) ලබා ගන්න. එසේ නැතහොත් www.immigration.gov.lk වෙතින් බාගන්න.

ඉල්ලුම්පත්‍ර පිරිසැකසුම් කිරීමේ ගාස්තු ආගමන හා විගමන පාලක නමට ලියූ බැංකු අයිරාවකින් එවිය හැකිය.

පදිංචි ආගන්තුක යෝජනාක්‍රමයේ වීසා සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවා ද?
පදිංචි ආගන්තුක යෝජනාක්‍රමය සියලුම විදේශීය ජාතිකයනටම විවෘතව පවතී.  මේ රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය දායකත්වය දියහැකි ඕනෑම විදේශීය ආයෝජකයකුට හෝ වෘත්තිකයකුට මේ යෝජනා ක්‍රමය යටතේ වීසා ඉල්ලුම් කළ හැකිය.

පදිංචි ආගන්තුක යෝජනා ක්‍රම වීසා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්
ඉල්ලුම් පත්‍ර ආකෘතියේ පිටපත් කරගත හැකි ස්වරූපය මෙතැනින් බා ගන්න.

පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද?

ඔබේ ඉල්ලුම් පත්‍රය පිටපත් හතරකින් පිළියෙල කොට ළඟම පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ඉදිරිපත් කළ හැකිය.

මා වාසය කරන ප්‍රදේශය ආසන්නයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නැත. එවිට මා කළ යුත්තේ කුමක් ද?

ඔබ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සිටින ( මිතුරකු, නෑයකු හෝ සංචාරක නියෝජිතයකු වැනි) යම් කිසිවකු ලවා එය කරවන්න.

මගේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා බලපත්‍රය වලංගු වන උපරිම කාලය කොපමණ ද?
ඔබේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා බලපත්‍රය අවුරුදු පහක් වලංගුව පවතී.

පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසාව අලුත් කරගත හැක්කේ කෙසේ ද?

සියලුම වීසාවල කාලය දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. අවුරුදු පහක් සම්පූර්ණ කිරීමෙන් පසු විසා කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ විට, ව්‍යාපෘතිවල ආයෝජන කිරීම්, බැංකු ප්‍රකාශ ආදි ලියකියවිලි, එම කරුණු සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

බදු මුදල් ගෙවා ඇතිබවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිඛිත සාක්ෂ්‍ය සහ බදුවලින් නිදහස් කරනු ලැබූ ව්‍යාපෘති පිළිබඳ ආයෝජන මණ්ඩලයෙන් ලබාගත් නිර්දේශ ද අලුත් කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.

පදිංචි ආගන්තුක යෝජනා ක්‍රම වීසා අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?

කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්
ඉල්ලුම් පත්‍ර ආකෘතියේ පිටපත් කරගත හැකි ස්වරූපය මෙතැනින් බා ගන්න.

මගේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රම වීසාවලට අදාළ අනෙකුත් කොන්දේසි මොනවාද ?
ඔබේ ගමන් ලියකියවිලි ඉකුත් වීමේ දිනට යටත්පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ශ්‍රී ලංකාවේ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

 
api_wenu_api

පුවත් හා සිදුවීම්

Mattala Rajapaksa International Airport (MRIA)

The country’s 2nd International Airport, Mattala Rajapaksa International Airport commenced operation with the landing of a Sri Lankan flight with president onboard.

The Department of Immigration & Emigration too took all necessary steps to fulfill Immigration & Emigration formalities at MRIA.

 


 
FUTUREGOV AWARDS CELEBRATE GOVERNMENT ICT ACHIEVEMENTS

The sixth annual FutureGov Awards ceremony was held on 19 October 2012, on the final day of FutureGov Summit in Chiang Mai, Thailand. These technology awards are given each year to government, education or healthcare organisations to recognise and celebrate the most successful modernisation programmes in the region.

තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර ගාස්තු හා වලංගු කාලය

2012 සැප්තැම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 16 අඩු ශ්‍රී ලංකික දරුවන් සඳහා ගමන් බලපත්‍ර  ගාස්තු හා වලංගු කාලය

තව දුරටත් කියවන්න...
 
ද්විත්ව පුරවැසි භාවය

අපගේ රටට සේවය කිරීමේ උතුම් අරමුණින් ඔබ විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට අයදුම් කිරීම අප දෙපාර්තමේන්තුව ඉහලින් අගය කරමු.

නමුත් තාවකාලිකව ද්විත්ව  පුරවැසි භාවයට අදාල වූ ක්‍රමවේදය අත්හිටවූ බැවින් ඔබගේ අයදුම් පත් සඳහා ද්විත්ව  පුරවැසි භාවය ලබා දීමට නොහැකි වීම පිළිබඳව අප කණගාටු වන්නෙමු.

කෙසේ නමුත් නව ක්‍රමවේදයක්‌ යටතේ මේ වසර අගදී ඔබගේ අයදුම් පත්‍රය සලකා බැලීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙමු.


 
Migrant Accommodating Center

The Department of Immigration and Emigration has been maintaining its Migrant accommodating center for accommodating foreign nationals who violate visa conditions in Sri Lanka since 1987.

තව දුරටත් කියවන්න...
 

Location