www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව වීසා සේවය පදිංචි වීසා
ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජෛවමිතික දත්ත ලබා ගැනීම

2015 අගෝස්තු මස 10 වන දින සිට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ජෛවමිතික දත්ත ලෙස අයදුම් කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය තීරණය කර ඇත.

නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ වන වැදගත් තොරතුරු

අයදුම්පත භාරදීම.

  1. නව අවශ්‍යතා අනුව පිළිවෙල කරන ලද "කේ.ආ.වි.35 ඒ" යන අයදුම් පත්‍රය පමණක් භාවිතා කළ යුතුය. (උපදෙස් පත්‍රිකාව)
  2. මෙම අයදුම් පත්‍රය අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය , ශාඛා කාර්යාල වලින් හෝ www.immigration.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
  3. ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණු ලබා ගන්නා බැවින් සියළුම අයදුම්කරුවන් අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාලයට පැමිණ තම අයදුම්පත භාර දිය යුතු වේ.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල ඡායාරූප ලබා දීම.

  1. මින් පසු මුද්‍රිත ඡායාරූප ලබා දීම අවශ්‍ය නොවේ. සියළුම අයදුම්කරුවන් අප දෙපාර්තමේන්තුවේ අනුමත දිවයින පුරා විසිරී ඇති ඡායාරූප ශාලාවකින් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වල පිහිටි ඡායාරූප ශාලාවකින් එම ඡායාරූප ලබා ගත යුතුයි.
  2. එම ඡායාරූප ශාලා මඟින් ඔබට මුද්‍රිත ඡායාරූප ලබා නොදෙන අතර අන්තර්ජාල භාවිතයෙන් ඔබගේ ඡායාරූප අප දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ලබා දෙනු ඇත.
  3. ඡායාරූප ශාලාව මඟින් ඔබට ලදු පතක් ලබා දෙන අතර එය ඔබගේ අයදුම්පත සමඟ දෙපාර්තමේන්තුවට පැමිණ භාරදිය යුතු වේ.
  4. අනුමත ඡායාරූප ශාලා ලයිස්තුව ජාතික පුවත්පත් වල හා අප වෙබ් අඩවිය   www.immigration.gov.lk හි ප්‍රදර්ශනය කරන අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද දර්ශනය කරනු ඇත.

ඇඟිලි සලකුණු ලබා ගැනීම

  1. 1948 අංක 20 දරණ ආගමික හා විගාමික පනතේ 2015 අංක 07 දරණ සංශෝධනය ප්‍රකාරව අවුරුදු 16ට වැඩි සහ අවුරුදු 60ට අඩු සියළු ගමන් බලපත්‍ර අයදුම්කරුවන් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වලදී තම ඇඟිලි සලකුණු ලබා දිය යුතු වේ.
  2. අවුරුදු 16 ට අඩු ළමුන් තම ඇඟිලි සලකුනු ලබා දීම අවශ්‍ය නොවේ.

වැදගත්

2015 අගෝස්තු 10 වන දිනෙන් පසුව කුඩා දරුවන්  සිය දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට ඇතුලත් නොකරන අතර ඔවුන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ.

වැඩි විස්තර: ක්ෂණික ඇමතුම් 1962 දුරකථන අංක 011 532 9200 / 001 532 9175 හෝ විස්තර

 

 


 

NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 16-06-2022

(EnglishSinhala/Tamil)

 


 

Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)

 


 

 

Circular -OM/2021/01
Overseas Missions



 

Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )


 

Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )

 


 

Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )

 


 

GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS

 


NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS

 


 

 

Information with regard to applying for ETA

 


 


 

You must make an appointment.

Appointments are open now......

 


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions


 

Notice to the all Residence Visa Applicants




INSTRUCTION FOR OVERSEAS APPLICANTS

 

Dual Citizenship Pending List

api_wenu_api

Location