www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව
ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී ( දෙපාර්තමේන්තුමය) පුරප්පාඩු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම

මෙම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී (දෙපාර්තමේන්තුමය) තනතුරෙහි පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත්  බලයලත් නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

02.  ඒ සඳහා වන අයදුම්පත් කැදවීමේ නිවේදනයේ පිටපතක්, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටියේ පිටපතක් හා අයදුම්පත්‍රයේ පිටපතක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් යුතුව මේ සමඟ ඔබ වෙත එවමි.

03.   තවද, අදාළ අයදුම් පත්‍රයෙහි භාෂා ප්‍රවීණතාව (සිංහල/දෙමළ), භාෂා ප්‍රවීණතාව (ඉංග්‍රීසි/වෙනත් විදේශීය භාෂාවක්) හා  පරිගණක දැනුම සනාථ කිරීම සඳහා අදාළ සහතිකපත්‍ර වල පිටපත් අයදුම්පත්‍රය සමඟ එවිය යුතු බවට හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොම්ෂන් සභාව විසින් අනුමත කරන ලද ආයතන වලින් නිකුත් කරනු ලබන සහතික පත්‍ර පමණක් පිළිගනු ලබන බවට අදාල නිලධාරීන්ව දැනුවත් කිරීමට කටයුතු කරන්න.

04.  එමෙන්ම, අදාළ අයදුම්පත් ඔබගේ නිර්දේශය සහිතව 2017.12.22 වැනි දිනට පෙර මා වෙත එවීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වමි.

 

දැන්වීම

ලකුණු පරිපාටිය

අයදුම් පත්‍රය

ආවරණ ලිපිය

 

 

එම්.එන්. රණසිංහ
ආගමන හා විගමන පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

 

පුවත් හා සිදුවීම්

විශේෂ නිවේදනය

ආගමන හා විගමන දෙපාර්තුමේන්තු
විශේෂ නිවේදනය

2017.12.29 දින, මූල්‍ය කටයුතු ප. ව. 12.00 ට අවසන් කිරීමට සිදුව ඇති බැවින්, මෙම වේලාවට පසුව කිසිදු අයදුම්පතක් භාර නොගන්න බව කාරුණිකව දැනුම් දෙමු.
මේ සම්බන්ධයෙන් ඔබට සිදුවන්නවු අපහසුතවය පිළිබඳව කනගාටු වෙමු.

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව
"සුහුරුපාය"
බත්තරමුල්ල


 
Change of Contact Number on Photo Studio Registration

Please be informed that the contact number 011 5731028 will be changed to 011 5329313 with effect from 29.12.2016. The current number 011 5731028 will not operate thereafter. For any information and queries on photo studio registration and operation contact us on 011 5329313.


 
ETA ගාස්තු 28/12/2015 දින සිට වෙනස් වී ඇත

ETA ගාස්තු 28/12/2015 දින සිට වෙනස් වී ඇත. වැඩි විස්තර සඳහා http://www.eta.gov.lk


 
තවත් විශිෂ්ට විජයග්‍රහණයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තම තත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO 9001:2008 / SLS ISO 9001:2008 තත්ව ප්‍රමිතියෙන් පිදුම් ලබූ වගයි.

(සහතික පත් අංකය  QSC 07283)


 
Registration of Photo Studios

Department of Immigration and Emigration has made arrangements to issue the Sri Lankan passport with a photograph of international standards. Applications are called from the studios which have fulfilled basic requirements to undertake the aforesaid task, to be registered under this department.

Click to Register


 

Location