www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව
ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදනයයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින්
ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත.

වැදගත් නිවේදනයයි.

ජනතාව වෙත වඩාත් උසස් ප්‍රමිතියකින් යුතුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රතිපත්තියට අනුකූලව, ඡායාරූප ශාලා හරහා ලබා ගන්නා ගමන් බලපත්‍ ඡායාරූපවල ප්‍රමිතිය තවදුරටත් වැඩිදියුණු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, 2018 මාර්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පද්ධතිය මඟින් භාර ගැනීමට පෙර දෙපාර්තමේන්තුව විසින් ඡායාරූපයේ ගුණාත්මකභාවය මැනීම සඳහා ඉහළ මට්ටමේ පරීක්ෂාවන් යොදාගනු ලබන අතර අප හට ජාත්‍යන්තර ප්‍රමිතින් ළඟා කර ගැනීම සඳහා ගුණාත්මකභාවය මැනීමේ අමතර පරීක්ෂාවන් උපකාරී වනු ඇත. එමෙන්ම පද්ධතිය මඟින් ප්‍රතික්ෂේප කරනු ලබන ඡායාරූප සංඛ්යාකව ද ඉහළ යනු ඇත.

ගුණාත්මකභාවය මැනීම සඳහා වන ඉහළ මට්ටමේ පරීක්ෂාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින්  අපහසුතාවන්වලට ලක්වීම වළක්වා ගැනීම සඳහා උසස් ප්‍රමිතියකින් යුතු ඡායාරූප ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම දරන මෙන්  ඉල්ලා සිටිමු.

මෙම කාර්යය සම්බන්ධයෙන් ඔබ දක්වන්නා වූ සහයෝගය අගය කරනු ලබන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ 011 5329313 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.

ඔබගේ ඡායාරූප ශාලාවේ මෙම පහසුකම් තිබේදැයි සහතික කර ගන්න.

 

පාලක (ගමන් බලපත්)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

 

පුවත් හා සිදුවීම්

Foreign Nationals are not allowed to enter Sri Lanka until 07.04.2020, 2359hrs

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until 07.04.2020, 2359hrs (Local time in Sri Lanka)


 
Suspension of issuence of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 
Extension of Sri Lankan Visa due to spread of COVID-19 virus

Due to the spread of the COVID-19 virus in the country, the validity period of all types of Visas issued to all foreigners who are currently residing in Sri Lanka have been further extended untill 12th May 2020.





 

Location