www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව පුරවැසිභාවය ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම
ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැරීම

අවශ්‍ය ලිපි ලේඛන

  • අයදුම්කරුගේ ඉල්ලීම
  • “K” පෝරමය
  • අදාළ රටෙහි පුරවැසිභාවය සනාථ කරන ලිපිය (හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන පිටපත)
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  • ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයේ මුල් පිටපත (සහ ඡායා පිටපත)
  • ජාතික හැදුනුම්පතේ මුල් පිටපත (සහ ඡායා පිටපත)
  • ද්විත්ව පුරවැසි සහතික පත්‍රයේ මුල් පිටපත (තිබේ නම්)
  • 5(2) වගන්තිය යටතේ නිකුත් කරන ලද පුරවැසි සහතික පත්‍රයේ මුල් පිටපත (තිබේ නම්)

නිසි පරිදි සම්පුර්ණ කළ ඉල්ලුම්පත්‍රය නියමිත ලේඛන හා ඒවායේ සහතික කරන ලද පිටපත් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයට හෝ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට අයදුම්කරු විසින් භාර දිය යුතුය

 

පුවත් හා සිදුවීම්

විශේෂ නිවේදනයයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුනෑගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් හෙට දින (2021.09.15) සිට විවෘතව තබන බව කාරුණිකව දැනුම් දෙමි.

එසේම  බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට පවත්වා ගෙන ආ පරිදි  එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබා දීම සිදු කරයි.


Location