www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව පුරවැසිභාවය ද්විත්ව පුරවැසිභාවය
සියලුම වාස වීසා අයදුම්කරුවන් වෙත කරනු ලබන නිවේදනයයි.

2019 ජූනි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාස වීසා අයදුම්පත් (මුල් වරට ලබා ගැනීම/අලුත් කිරීම) භාර දීමට ප්‍රථම සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ලබාගත යුතු බවට සියලුම වාස වීසා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ඉහත සඳහන් සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්මෙන් නිදහස් කරනු ලබන කාණ්ඩයන් පහත පරිදි වේ.

  1. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ හිමි අයදුම්කරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්

  2. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනවලට අනුයුක්ත කරන ලද අයදුම්කරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්

  3. USAID,KOICA,JAICA යන ආයතනවලට හා US Peace Corps වලට අනුයුක්ත කරන ලද අයදුම්කරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්

  4. රජයේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/නියෝජිත ආයතන සහ ව්‍යාපෘතිවලට අනුයුක්ත කරන ලද අයදුම්කරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්

  5. රජයේ ව්‍යාපෘති වල උපදේශකයන් වශයෙන් සේවය කරනු ලබන අයදුම්කරුවන්

වැඩි විස්තර සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න

 

Location