www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව
සේවාවන් ලබා ගැනීමට පැමිණෙන්නන් සදහා පොදු උපදෙස් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
  • සේවාවක් ලබා ගැනීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුවේ. නියමිත වේලාවට නොපැමිණිය හොත් එම වේලා වෙන්කිරීම අවලංගු වන අතර නැවත දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුවේ.
  • දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේදී ලබාදෙන අනන්‍යතා අංකය/ රිසිට් පත්‍රය සේවාව ලබාගැනීම සඳහා පැමිණීමේදී රැගෙන ආයුතු අතර, එය කාර්යාලයට පිවිසීමේදී ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල යුතුය.
  • කාර්යාලයට පිවිසීම සදහා අවසර ලබා දෙනුයේ සේවාව ලබා ගන්නා පුද්ගලයාට හා සේවාව ලබා ගන්නා අවස්ථාවේදී පැමිණිය යුතු බවට නීතිමය වශයෙන් නියම කොට ඇති පුද්ගලයන්ට පමණක් වේ.
  • සේවාව ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් හා රැගෙන ආයුතු ලේඛන පිලිබඳ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස  http://www.immigration.gov.lk/ එම සියළු ලේඛණ රැගෙන ඒමට කටයුතු කල යුතුය.
  • දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිවිසීමට ප්‍රථම සියළු දෙනා දෑත් පිරිසිදු කිරීමට සකසා ඇති ස්ථාන වලින් දෑත් පිරිසිදු කර ගතයුතු අතර,  මුහුණු ආවරණ පැළඳ සිටිය යුතුය.
  • කාර්යාල පරිශ්‍රයට පිවිසීමට පෙර සියළු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කරනු ලබන අතර, ඒ සඳහා සියළු දෙනා සහය ලබාදිය යුතුය. එහිදී ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් 98.4 (98.4 °F) හෝ සෙල්ෂියස් අංශක 37 (37 °C) ට වැඩි පුද්ගලයින් හට කාර්යාල පරිශ්‍රයට පිවිසීමට ඉඩ ලබා දෙනු නොලැබේ.
  • කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව, හුස්මගැනීමේ අපහසුතා යන Covid 19 වෛරස් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතින පුද්ගලයින්,  Covid 19 වෛරස් රෝගියකු සමග අවසාන දින 14 තුල ලඟින් ඇසුරු කල පුද්ගලයින්, ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති පුද්ගලයින්  සේවා ලබා ගැනීමට නොපැමිණිය යුතුය.
  • දිනක් තුල සේවාව ලබාදීම සිදුකරනු ලබන්නේ සීමිත සේවාලාභින් ප්‍රමාණයකට වන බැවින් සෑම විටම පුද්ගලයින් අතර පරතරය මීටර 1 ක් වන සේ පවත්වා ගනිමින් තම සේවාව ලබා ගත යුතුය.
  • ඉතත සඳහන් කරුණුවලට අමතරව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, කාර්යාලයේ අධීක්ෂණ නිලධාරීන් ලබා දෙන උපදෙස් සහ කාර්යාලයීය පරිශ්‍රයේ ප්‍රදර්ශනය කොට ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කල යුතුය.
 

පුවත් හා සිදුවීම්

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

මෙම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය 2020 ඔක්තෝම්බර් මස 05 වන සඳුදා දින සිට අංක 95, මීගමු පාර, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කර ඇත.


 
Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Location