තාක්ෂණික සහ තාක්ෂණික නොවන දෝෂ සඳහා ඇමතුම් තොරතුරු |
ඡායාරූප ශාලා මෘදුකාංග පිළිබඳව වන තාක්ෂණික ගැටළු සම්බන්ධයෙන් විමසීම සඳහා ( සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා) 0115116633 දරන දුරකතන අංකය භාවිත කරන්න. ඔබේ තාක්ෂණික ගැටළු photostudioinfo[at]immigration.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයට පමණක් යොමු කරන්න. වත්මන් පරිගණකය / ප්‍රධාන පුවරුව (Main board) වෙනස් කරනු ලබන්නේ නම් නව Activation Key අවශ්‍යවේ. ඒ සඳහා ඔබට ඔබේ ඡායාරූප ශාලාවේ ලිපි ශීර්ෂය (Studio Letterhead) මඟින් ඉල්ලීමක් කිරීම අවශ්‍යවේ. ගැටළුව පිළිබදව කෙටි සටහනක් යොදන්න. ඡායාරූප ශාලාවේ අංකය (Studio ID), සම්බන්ධ කර ගැනීමේ තොරතුරු (Contact Details) සහ නව පරිගණකයේ පිරිවිතර (Specification) [ප්‍රොසෙසරය (Processor), මතක ධාරිතාව (RAM Capacity), hdd ධාරිතාව (hdd Capacity), මොනිටරයේ වර්ගය (Monitor Type) / විභේදනය (Resolution)] පමණක් සඳහන් කරන්න. Screen Shots එක් නොකරන්න. ඡායාරූප ශාලාවේ හිමිකරුගේ අත්සන / රබර් මුද්‍රාව යොදන්න. එය පරිලෝකනය කර අමුණා යොමු කරන්න. JPG ඡායාරූපයක් නම් වඩාත් සුදුසුය. මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයේදී සිදුවන දෝෂ වලදී පළමුව Photo Studio Client මෘදුකාංගය හා ජාවා මෘදුකාංගය (JAVA Software) අස්ථාපනය (Uninstall) කර, වෛරස් මෘදුකාංගය (Virus Guard) ඇත්නම් අක්‍රිය (Deactivate) කරන්න. ඉන්පසුව සපයා ඇති DVD තැටිය භාවිතයෙන් Photo Studio Client මෘදුකාංගය නැවත ස්ථාපනය (Install) කර Activation Wizard Window එක මුල සිට පිළිවෙලින් සම්පූර්ණ කරන්න. වැඩි විස්තර සඳහා ලබා දී ඇති උපදෙස් අත්පොත (Instruction Manual) බලන්න. ඡායාරූප ශාලාවට අදාළ දුරකතන අංක, ලිපින, විද්‍යුත් තැපැල් ලිපින වෙනස් කිරීම ආදී තාක්ෂණික නොවන ඕනෑම තොරතුරක් වෙනස් කිරීම් සඳහා 0115329313 සහ ephotostudio[at]immigration.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරන්න. අන්තර්ජාලය හරහා JAVA යාවත්කාලීන (Update) කිරීම නිසා ඔබට පද්ධතිය තුළට ඇතුළු (Log) වීමට අවසර ලබා නොදෙනු ඇත. එවිට Photo Studio Client මෘදුකාංගය සහ ජාවා මෘදුකාංගය (JAVA Software) යන දෙකම අස්ථාපනය (Uninstall) කර, ලබා දී ඇති DVD තැටිය භාවිතයෙන් Photo Studio Client මෘදුකාංගය නැවත ස්ථාපනය (Install) කිරීම මඟින් ගැටළුව විසඳා ගත හැකිය. |
NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 16-06-2022
Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS