ගමන් බලපත්‍ර හා බැඳුනු සේවාවන් |
සහතික කිරීමේ සේවාව ගමන් බලපත්‍රයක ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද?
ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ. මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිය කියවිලි කවරේද? මුල් ගමන් බලපත්‍රය හා සහතික කිරීමට අවශ්‍ය එහි ඡායා පිටපත්. මෙම සේවාව සඳහා නියමිත සැකසුම් ගාස්තුව කවරේද ? එක් පිටපතක් සඳහා ශ්‍රී ලංකා රු. 300.00. (සහතික කරනුයේ දත්ත පිටුව පමණි.) පරිවර්තන සේවාව ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන්වල අරාබි පරිවර්තනය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූතසේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ. මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා අදාළ ක්‍රියා පටිපාටිය කුමක් ද? අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය ද රැගෙන ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය. මෙම සේවාව ලබා ගැනීම සඳහා අදාළ සැකසුම් ගාස්තුව කවරේද ? එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කරවා ගැනීම සඳහා ලංකා රුපියල් 1200.00 අය කරනු ලැබේ. ගමන් බලපත්‍ර ශ්‍රී ලංකා රාජ්‍ය සීමාවෙන් එපිට විදේශීය ගමනාන්තවලට දූත මෙහෙය (courier service) මගින් යැවීමට අවසරලබාදීම. සාමාන්‍ය තොරතුරු ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දූත මෙහෙය (courier service) මගින් විදේශීය ගමනාන්තවලට යැවීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය. අවශ්‍ය ලිපිලේඛන කවරේද? පහත විශේෂයෙන් සඳහන් අදාළ ලියකියවිලිවල මුල් පිටපත් සහ ඡායා පිටපත් ද සමග නිවැරදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
එක් ගමන් බලපත්‍රයක් සඳහා ලංකා රු. 1150.00 මා ඉල්ලුම් පත්‍ර ලබා ගතහැක්කේ සහ භාරදිය හැක්කේ කොතැනටද ? ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වරාය අංශය (අයදුම්පත බාගත කරන්න) |
NEW....Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Media Notice
Extension of Russian and Ukraine tourist visa - 26-04-2022
(English / Sinhala/ Tamil )
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS