පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා වැඩටසහන |
මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පදිංචි වීසා ලබාගත හැක්කේ කාට ද? පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා වැඩ සටහන වූ කලි රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික සංවර්ධනයට දායක වන විදේශීය ආයෝජනයෙන් සහ වෘත්තිකයන් සඳහා සලසා ඇති දිරිගැන්වීම් පැකේජයක කොටසකි.
ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය යනු කුමක් ද? පදිංචි ආගන්තුක වීසා වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය යනු අදාළ රජයේ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූවකි. ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ කාර්යාලය ශ්‍රී ලංකාවේ, කොළඹ "සුහුරුපාය", බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි පිහිටා තිබේ. මේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කරන්නේ කෙසේ ද? පදිංචි ආගන්තුක ක්‍රමය සියලුම් විදේශීය ජාතිකයන්ට විවෘත ය. මේ රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය දායක විය හැකි ඕනෑම විදේශීය ආයෝජකයකුට / වෘත්තිකයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. පදිංචි වීසා ඉල්ලුම්පත්‍ර ආකෘති ලබාගත හැක්කේ කොතනින් ද? පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍ර ආකෘති පහත සඳහන් ස්ථානවලින් ලබාගත හැකිය.
පදිංචි වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළයුතු ලියකියවිලි මොනවාද ?
ආයෝජක වර්ගය
වෘත්තිමය වර්ගය
මේ වැඩසටහන යටතේ මට වීසා ලැබුණොත් මගේ පවුලේ අයත් මා එනවිට ගෙන ආහැකි ද? හැකියි. ඔබ සුදුසුකම් ලත් ආයෝජකයෙක් හෝ වෘත්තීකයෙක් නම් ඔබේ භාර්යාව / ස්වාමිපුරුෂයා, යැපෙන ළමයින්, ඔබේ දෙමවුපියන් හෝ ඔබේ භාර්යාවගේ / ස්වාමිපුරුෂයාගේ දෙමවුපියන් ගෙන ආ හැකිය. ගෙන ආහැකි මුදල් සීමා මොනවාද ? ආයෝජන වර්ගය මේ යෝජනා ක්‍රමය යටතේ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ආයෝජකයකු අමෙරිකානු ඩොලර් 250,000 ක හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ සමාන මුදලක් අවම වශයෙන් ගෙනවූත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක් විශේෂ ගිණුමක් තැන්පත් කළ යුතුය. වෙනත් විදේශීය පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවන් සමග පවුලේ කිසියම් ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයෝජකයකු අදහස් කරන්නේ නම් එබඳු එක් එක් පුද්ගලයා විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 250,000 ක් හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදලකින් ඒ සමාන මුදලක් ආයෝජනය කළ යුතුය. ආයෝජකයා සමග එන හැම යැපෙන්නකු වෙනුවෙන්ම අමෙරිකානු ඩොලර් 35,000 බැගින් වූ අතිරේක මුදල් තැන්පත් කළ යුතුය. පාවිච්චියට නොගෙන ශේෂව තිබෙන තැන්පතු මුදල සඳහා කලින් කල ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරන ප්‍රමාණයන් මත පොලිය ගෙවනු ලැබේ. ශ්‍රී ලංකාවට මුදල් එවූ බව තහවුරු කෙරෙන ලිඛිත සාකෂ්‍ය ඉදිරිපත් කළ යුතුය. මුල් තැන්පත් කිරීම්වලට අමතරව ආයෝජකයකු විසින් නිරතුරුවම තමාගේත් තම යැපෙන්නන්ගේත් ජීවත්වීමට ප්‍රමාණවත් අරමුදල් ගෙන ආ යුතුය.
වෘත්තීය වර්ගය මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකාවේ පදිංචි වීමට අදහස් කරන වෘත්තිකයකු තමන් සඳහා අවම වශයෙන් ඇ.ඩො. 2000/- ක් ද භාර්යාව හෝ ස්වාමිපුරුෂයා ඇතුළු ස්වකීය යැපෙන්නන් සඳහා එක් අයකුට මසකට ඇ.ඩො. 1000/- ක් ද ජීවන වියදම් වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය. ආයෝජනය කිසියම් විදේශීය ආයෝජකයකු විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන අරමුදල් අනුමත ව්‍යාපෘතියක ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ප්‍රථම වර්ෂ දෙක තුළ දී මෙරට ආයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් නොපෙන්වුවහොත්, එම ආයෝජකයාගේ විශේෂ ගිණුමේ පවතින බැර ශේෂය මත තව දුරටත් කිසියම් පොලියක් ගෙවීම නවතා දැමීමට ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියට හැකිය. මෙම යෝජනා ක්‍රමයේ කාර්යය සඳහා අනුමත ව්‍යාපෘති පහත දැක්වේ.
ආයෝජන මණ්ඩලය විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථා හඳුනාගැනීමට සහ ආයෝජන සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දේ. විශේෂ ගිණුම්
2. පදිංචි ආගන්තුක රුපියල් ගිණුම
ආදායම් ප්‍රාග්ධනය විදේශවලට යැවීම
මගේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා කෙරෙහි බලපාන ගාස්තු මොනවාද?
පදිංචි ආගන්තුකයා විසින් ආයෝජන ව්‍යාපෘතිය / වෘත්තීය සේවා අවසන් කරන විට ඔහු විසින් පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතුය.
පදිංචි ආගන්තුක යෝජනාක්‍රමයේ වීසා සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවා ද? මගේ පදිංචි ආගන්තුක යෝජනා ක්‍රම වීසාවලට අදාළ අනෙකුත් කොන්දේසි මොනවාද ? |
NEW....Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Media Notice
Extension of Russian and Ukraine tourist visa - 26-04-2022
(English / Sinhala/ Tamil )
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS