මගේ සිහින නිවහන වීසා වැඩසටහන |
ශ්‍රී ලංකාව තුළ පදිංචි වී දිගුකලක් ගත කිරීමට අදහස් කරන ජ්‍යෙෂ්ඨ විදේශීය ජාතිකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී.
සිහින නිවහන වීසා යනු කුමක් ද? ශ්‍රී ලංකාවේ මගේ නිවහන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වීසාවයි. ශ්‍රී ලංකාවේ මගේ නිවහන වැඩසටහන මා තෝරාගත යුත්තේ ඇයි?
පදිංචි ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍රයක් සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ?
ඉල්ලුම් පත්‍ර භාරගෙන පිරිසැකසුම් කෙරෙන්නේ කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදි පමණි පමණි.
මගේ පදිංචි වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද?
සිහින නිවහන වීසා ඉල්ලුම්පත්‍ර ආකෘතියක් ලබා ගත හැක්කේ කොතනින්ද ?
ඔබට ඔබේ සංචාරක වීසා ඉල්ලුම් පත්‍රය ළඟම ඇති ශ්‍රී ලංකා දූතමණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිය. මගේ සිහින නිවහන වීසා ඉල්ලුම් පත්‍රය අදාළ වන ගාස්තු කොපමණ ද? වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙහි ක්ලික් කරන්න. මා වාසය කරන ආසන්නයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නැත. එවිට කළ යුත්තේ කුමක් ද? ඔබ වෙනුවෙන් වීසා ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාවේ (මිතුරකු, ඥාතියකු හෝ සංචාරක ඒජන්ත වැනි) යම් කිසිවකු යොදා ගත යුතුය. මගේ සිහින නිවහන වීසා වලංගු වන උපරිම කාලය කොපමණ ද? වසර 02කි. දිර්ඝ කල හැකිය. මගේ සිහින නිවහන වීසා අලුත්කරගත හැක්කේ කෙසේද ? කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන වීසා ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මගේ සිහින නිවහන වීසා අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද?
ඔබේ ගමන් ලියකියවිලිවල දිනය ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට ඔබ අදහස් කරන කාලය අවසන් විය යුතුය. මාර්ගස්ථ වීසා මාර්ගස්ථ වීසා යනු කුමක් ද? මාර්ගස්ථ වීසා යනු එම පාඨයෙන් ම ඇඟවෙන පරිදි විදේශීය ජාතිකයකු වෙනත් රටකට යන අතරතුර අනියම් වශයෙන් කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ලබා දෙන අවසර පත්‍රයයි. ‘A’ උපලේඛනයෙහි සඳහන් රටවල වැසියන් ශ්‍රී ලංකාවට ඇතුළු වන ගුවන් නැව් තොටුපළේ දී පිටසනක් නිකුත් කරනු ලැබේ අනෙක් අය පිටරට තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් මාර්ගස්ථ වීසා ලබා ගත යුතුය. මාර්ගස්ථ වීසා බලපත්‍රයක් ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම කුමක් ද? ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට යන ඕනෑම විදේශීය ජාතිකයකු වීම මාර්ගස්ථ ලබා ගැනීමට තිබෙන එකම සුදුසුකම වේ. වෙන රටකට අඛණ්ඩව යන අතරතුර ශ්‍රී ලංකාවට ඇතුළු වී ඒ පැමිණි යාත්‍රාවෙන්ම හෝ යානයෙන්ම ආපසු යන මගියකු මාර්ගස්ථ වීසා ගැනීම අවශ්‍ය නැත. ගුවන් සමාගමකින් පුද්ගලයකු හෝ පුද්ගලයන් රටට රැගෙන විත් ඊළඟට ඇති ගුවන් නැවෙන් රැගෙන යයි නම් ද එසේ පැමිණි අයගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ නම් ද එබඳු මගින්ට මාර්ගස්ථ වීසා අවශ්‍ය නැත. එබඳු අවස්ථාවලදී පැමිණිම් මැදිරියේ සිටින ජ්‍යේෂ්ඨ බලයලත් නිලධාරී විසින් එම මගීන්ගේ විදේශගමන් බලපත්‍ර රඳවා ගෙන පිටවීම් මැදිරියේ සිටින ජ්‍යේෂ්ඨ බලයලත් නිලධාරී වෙත භාර දෙන අතර ඔහු එම මගීන් ආපසු යන විට එම ගමන් බලපත්‍ර ඔවුන්ට ආපසු භාර දෙනු ඇත. මේ පහසුතම සාමාන්‍ය සිරිතක් වශයෙන් නොකෙරෙන අතර අදාළ ගුවන් සමාගම් විසින් ඒ සඳහා විශේෂයෙන් ඉල්ලිමක් කොට ආගමන හා විගමන පාලක ජනරාල්ගේ අවසරය ඒ සඳහා ලබාගත යුතුය. ශ්‍රී ලංකාවට ඇතුළු වීමට පූර්ව වීසාවක් ඉල්ලා සිටින මගීන්ට මේ ක්‍රියා පරිපාටිය අදාළ වන්නේ ය. පූර්ව වීසා අවශ්‍ය නොකරන මගීන්ට ඊළඟට ඔවුන්ට යාහැකි ගුවන් යානයට ඇතුළු වීමට අවසර දෙනු ලැබේ. මාර්ගස්ථ වීසා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් මට ලබා ගත හැක්කේ කොතැනින් ද?
ඔබට ඔබේ මාර්ගස්ථ වීසා ඉල්ලුම් පත්‍රය ළඟම ඇති ශ්‍රී ලංකා දූතමණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිය. මගේ මාර්ගස්ථ වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ? මාර්ගස්ථ වීසා බලපත්‍රයකට අදාළ වන ගාස්තු මොනවාද ? වීසා ගාස්තු අය කරනු ලබන්නේ හැම කෙනකුටම අදාළ වන පදනම මතය. මාර්ගස්ථ වීසා ගාස්තු උපලේඛනයෙහි විස්තර දැක්වෙන රටට පැමිණෙන වීසා ගාස්තු ‘B’ ප්‍රමාණයන්ම ය. මාර්ගස්ථ වීසා බලපත්‍රය සඳහා උපරිම වලංගු කාලය කොපමණද? පිටරට ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් උපරිම වශයෙන් එක් මාසයක කාලයක් සඳහා මාර්ගස්ථ වීසා ප්‍රදානය කරනු ලැබේ. මාර්ගස්ථ වීසා අලුත් කරගත හැක්කේ කෙසේ ද? සියලුම වීසාවල කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. මාර්ගස්ථ වීසාවක් ව්‍යවස්ථාපිත උපරිම කාලය වන එක මාසයකට වඩා අඩු කාලයකට නම් ද ඉල්ලුම්කරු අදාළ කොන්දේසි සපුරා ඇත්නම් ද එහි කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු නැත. මාර්ගස්ථ වීසා අලුත් කිරීමේ ඉල්ලුම් පත්‍ර ආකෘතියක් ලබාගත හැක්කේ කොතැනින් ද? කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙනි. ඉල්ලුම්පත්‍ර ආකෘතියේ පිටපත් කර ගතහැකි ස්වරූපය මෙතැනින් බා ගන්න. මාර්ගස්ථ වීසා අලුත් කිරීමට අදාළ වෙනත් කොන්දේසි මොනවා ද? ඔබේ ගමන් ලියකියවිලිවල සඳහන් ඉකුත් වීමේ දිනයට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් කලින්, ශ්‍රි ලංකාවේ ඔබ නැවතීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය. |
NEW....Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Public Notice
(English / Sinhala/ Tamil)
Media Notice
Extension of Russian and Ukraine tourist visa - 26-04-2022
(English / Sinhala/ Tamil )
Circular -OM/2021/01
Overseas Missions
Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )
Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )
Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )
GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS
NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Information with regard to applying for ETA
Appointments are open now......
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
Notice to the all Residence Visa Applicants
INSTRUCTION FOR OVERSEAS APPLICANTS