www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව ප්‍රත්‍යන්ත පාලනය
ප්‍රත්‍යන්ත පාලනය

ප්‍රත්‍යන්ත පාලනය

තොටුපල ශාඛාව
ප්‍රත්‍යන්ත පාලනය කිරීම, විමර්ශනය කිරීම සහ වෙනත් ආධාරක සේවා මෙම අංශයෙන් සැපයේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ 6වන මහලේ මෙම ශාඛාව පිහිටා ඇත

ප්‍රත්‍යන්ත පාලනය

ශ්‍රී ලංකාවේ නියමිත තොටුපලවල් හරහා සිදුවන , මගීන් ගේ ගමන් බිමන් පාලනය කිරීම.

ශ්‍රී ලංකාවේ නියමිත තොටුපලවල්

ගුවන් තොටුපලවල්

  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA)
  • රත්මලාන ගුවන් තොටුපොළ
  • පලාලි තොටුපොළ
  • මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA)

වරායවල්

  • කොළඹ වරාය
  • ගාලු වරාය
  • මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය(හම්බන්තොට)
  • ත්‍රිකුණාමල වරාය
  • කන්කසන්තුරේ වරාය
  • තලෙයිමන්නාරම පියරය
  • නොරොච්චෝලේ පියරය

නාවිකයන්ගේ පැමිණීම

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම නාවික කණ්ඩායම්වල හැම සාමාජිකයකුගෙන්ම ශ්‍රී ලංකා රුපියල් 1150.00 ක රාජ්‍ය බද්දක් අය කරනු ලැබේ. මීට අතිරේකව ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර ලබා දෙන්නට ප්‍රථම ඔහු / ඇය විසින් බැඳුම්කරයක් ද අත්සන් කළ යුතුය.

මෙම බැඳුම්කරයේ ගාස්තුව ඔහුගේ / ඇයගේ මෙරට නියෝජිතයා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුවේ. තීරු සංකේත සහිත ස්ටිකරයක් නියෝජිතයාට වරාය ශාඛාවේදී නිකුත් කරනු ලැබේ.

අභ්‍යන්තර ආගමන පාලනය

විමර්ශන අංශය

වලංගු ගමන් ලියකියවිලි හෝ වලංගු වීසා බලපත්‍ර නොමැතිව විදේශිකයෙකු ශ්‍රී ලංකාවට ඇතුළුවීම / නැවතී සිටීම ආගමන විගමන පනත යටතේ වරදක් වේ.
ආගමන විගමන පනත උල්ලංඝනය කරන විදේශිකයින් අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම, නෙරපීම සිදු කරනු ලැබිය හැකිය.

නියමිත කාලසීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ නැවතී සිටීම.
යම් පුද්ගලයෙකු නියමිත කාලසීමාව ඉක්මවා තවදුරටත් මෙරටේ නැවතී සිටින බවට අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම සහ නෙරපීම සිදු කරනු ලබන අතර ඔහු හෝ ඇය නැවත මෙරටට ඇතුළුවීම වළක්වාලමින් ඔහුගේ / ඇයගේ නම අසාධු ලේඛනයට ඇතුළත් කරනු ලැබේ.

ඒ බව ඔහු/ ඇය පිටත්වන ස්ථානයේ දී සොයගනු ලැබූවහොත් අවස්ථාවෝචිතව වීසා ගාස්තු සහ දඩ මුදල් ගෙවනු ලැබිය යුතු වන අතර ඔහුගේ / ඇයගේ නම පිරික්සුම් ලේඛනයේ ඇතුළත් කරනු ලැබේ. ඔහු / ඇය නැවත මෙරටට පැමිණීමේ දී ඔහු / ඇය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරනු ලැබිය හැකිය.

ඔහු/ ඇය අදාළ දඩමුදල් නොගවනු ලැබූවහොත් ඔහුගේ/ ඇයගේ නම අසාධු ලේඛනයට ඇතුළත් කරනු ලබන අතර ඔහු / ඇය නැවත මෙරටට ඇතුළු වීම වළක්වනු ලැබේ.

සහාය සේවා

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ශ්‍රී ලංකාවෙන් පිටතට යැවීම
ආගමන විගමන පාලක ජෙනරාල් ගේ ලිඛිත අවසරයක් නොමැතිව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් වෙනත් රටකට යැවීම වරදකි.

කිසියම් රටක වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් රටින් පිටට යැවීම සඳහා අවසර දෙනු ලබන්නේ අදාළ රටේ තානාපති කාර්යාලයක් / මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ නොමැතිනම් පමණි.

තුන්වන පාර්ෂවයක් මාර්ගයෙන් විදේශ ගමන් බලපත්‍රයක් පිටත්කොට යැවීම

අවශ්‍ය ලේඛන

  1. විදේශ ගමන් බලපත්‍රය පිටත්කර යැවීමට හේතු දක්වමින් ගමන් බලපත්‍රය හිමිකරුගෙන් ලබාගත් ඉල්ලීම් ලිපියක්.
  2. විදේශ ගමන් බලපත්‍රය හිමිකරුවා වෙනුවෙන් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන යාමට තෙවැනි පුද්ගලයාට බලය ලබාදෙන ලිපියක්.
  3. අවශය කාරණය සම්පූර්ණ වීමෙන් පසු (උදා:- වීසා ලබාගැනීමෙන් පසු) විදේශ ගමන් බලපත්‍රය එහි හිමිකරුවාට නැවත ලබාදෙන බවට තුන්වැනි පුද්ගලයාගෙන් ලබාගත් ලිපියක්
  4. විදේශ ගමන් බලපත්‍රය පිටත්කර යැවීම අත්‍යාවශ්‍ය බව ඔප්පු කිරීම සඳහා අදාළවන ලිපි (අදාළ රට නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයාගෙන් ලබාගත් ලිඛිත ඉල්ලීමක්)

දූත සේවයක් මගින් විදේශ ගමන් බලපත්‍රයක් පිටත්කොට යැවීම.

අවශ්‍ය ලියවිලි

  1. අදාළ අවස්ථාවලදී සනාථකරන ලේඛන ද ඇතුළත් ව විදේශ ගමන් බලපත්‍රය පිටත්කර යැවීමට හේතු දක්වමින් ගමන් බලපත්‍ර හිමිකරුගෙන් ලබාගත් ඉල්ලීම් ලිපියක්.
  2. අවශ්‍ය කාරණය සම්පූර්ණ වීමෙන් පසු විදේශ ගමන් බලපත්‍රය එහි හිමිකරුවාට නැවත භාරදෙන බවට දූත සේවා සමාගමෙන් ලබාගත් ලිපියක්.

ගාස්තුව
විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 1150.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.

 

පුවත් හා සිදුවීම්

Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuence of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Suspension of Visas in Sri Lanka due to COVID-19 Outbreak - Country wise Details


new දෙපාර්තමේන්තු සේවා නැවත ආරම්භ කෙරේ.

සේවාවක් ලබා ගැනීමට පෙර  අත්‍යවශ්‍යයෙන්ම දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුවේ.

දිනයක් වෙන්කර ගැනීමට >>


ශ්‍රී ලාංකික වීසා බලපත් දීර්ඝ කිරීම

- නිවේදනය II

- නිවේදනය III

new - නිවේදනය IV


New Procedure for Visa Exempted Countries


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions







 


ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන “විශේෂිත රටවල් සඳහා වලංගු වන” ගමන් බලපත්‍රය

විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා උපදෙස්

ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියන් වෙත වැදගත් නිවේදනයයි

ඡායාරූප අන්තර්ජාලය හරහා එවන අවස්ථාවලදී ඡායාරූපශාලා හිමියන් විසින් අනුගමනය කළ යුතු උපදෙස්.

අඩුපාඩු සහිත ද්විත්ව පුරවැසිභාවය අයදුම්පත්‍ර ලැයිස්තුව

9001

slab

call1962_s


api_wenu_api

Location