ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



පුරවැසිභාවය පිළිබඳ සාමාන්‍ය තොරතුරු

 

  • විදේශගතව උපන් දරුවා / දරුවන් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි කර ගැනීම හෝ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ලෙස ලියාපදිංචි කිරීම යන සේවාවන් පුරවැසි අංශය මගින් ඔබට සැපයේ.

 

  • මේ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශය (4 වන මහල - D කොටස) මඟින් අයදුම්පත් භාර ගැනේ.

 

  • සේවා සැපයෙන වේලාවන්: රජයේ නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා අයදුම්පත් භාර ගැනේ.

 

  • උප්පැන්න සහතිකයේ සඳහන් නම වෙනස් කර ඇත්නම් නම වෙනස් කිරීමේ සහතිකය හා උප්පැන්න සහතිකයේ 13 වන වගන්තියෙහි අදාළ වෙනස් කිරීම් සහිත සංශෝධිත නම සකස් කර ගැනීම අනිවාර්ය වේ.

 

  • නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය කරන ලිපි ලේඛන මුල් පිටපත් හා ඡායා පිටපත් සමග අයදුම්කරු විසින් කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයට භාර දීම හෝ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයට ‍භාර දිය හැක.

 

  • තැපැල් මඟින් එවනු ලබන අයදුම්පත් භාර නොගන්නා අතර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 

  • ද්විත්ව පුරවැසිභාවය සඳහා පොලිස් නිශ්කාෂණ සහතිකය අදාළ පුරවැසිභාවය ලබා ගෙන ඇති රටෙන් ලබා ගත යුතුය. එසේ නොමැතිව ගමන් බලපත්‍රය නොමැති වෙනත් රටකින් ලබා ගෙන ඇත්නම් එය සමඟ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරු වසර 03ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවේ පොලිස් මූලස්ථානය මඟින් ලබාගත් නිශ්කාෂණ සහතිකය දිවුරුම් ප්‍රකාශයක් සමඟ ඉදිරිපත් කළ යුතුය.

 

 

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන විශේෂ විධිවිධාන

ඉන්දු - ලංකා පුරවැසි අංශය මඟින් ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින් සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ලියාපදිංචි කිරීමේ සේවා සපයයි. අනුව,

  1. 1988 අංක 39 දරණ ආදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ(විශේෂ විධිවිධාන) පනත හා 2003 අංක 35 දරණ ඉන්දීයානු සම්භවය සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත යටතේ ඔවුන්ගේ ඉල්ලීම මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත්‍ර නිකුත් කිරීම.
  1. 2003 අංක 35 දරණ ඉන්දීයානු සම්භවය සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රි ලාංකික පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉන්දීය ගමන් බලපත්‍ර දරන්නන් කල යුතු විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු භාරගත් බවට දැනුම් දීමේ ලිපි නිකුත් කිරීම.
  1. පහත සඳහන් පනත් වල විධිවිධාන ප්‍රකාරව ලියාපදිංචියෙන් පුරවැසිභාවය ලද තැනැත්තෙකුට හෝ එවැනි තැනැත්තකුගෙන් පැවත එන්නෙකුට අවශ්‍ය වන අවස්ථාවලදී අදාල ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු පිළිබඳව තොරතුරු සනාථ කිරීමේ ලිපි නිකුත් කිරීම.
    1. 1949 අංක 03 දරණ ඉන්දියානු හා පාකිස්ථානු පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත හා ඊට අදාල සංශෝධන
    1. 1967 අංක 14 දරණ ඉන්දු- ලංකා ගිවිසුම ක්‍රියාවට නැංවීමේ පනත හා ඊට අදාල සංශෝධන
    1. 1988 අංක 39 දරණ ආදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත හා ඊට අදාල සංශෝධන
    1. 2003 අංක 35 දරණ ඉන්දීයානු සම්භවය සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත හා ඊට අදාල සංශෝධන
    1. 2008 අංක 38 දරණ චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

මේ සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු - ලංකා පුරවැසි අංශය (6 වන මහල - D කොටස) මඟින් අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැබේ.

සේවා සපයන වේලාවන්:- රජයේ නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දක්වා දිනයන්හි
පුරවැසිභාවය පිළිබඳ තහවුරු කිරීමේ සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් පෙ..9.00 සිට 3.00 දක්වා භාර ගැනේ.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
75531326