ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



මාර්ගස්ථ වීසා

මාර්ගස්ථ වීසා බලපත්‍රයක් යනු විදේශිය ජාතිකයකුට අමතර වශයෙන් ඔහු වෙනත් ගමනාන්තයකට යන ගමනේදී කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා ලබා දෙන ඇතුළුවීමේ අවසරපතක් වේ.

සංක්‍රමණ වීසා යටතේ උප කාණ්ඩ දෙකක් ඇත

  1. මාර්ගස්ථ වීසා - දින දෙකයි.

    දින දෙකක් සඳහා වන මාර්ගස්ථ වීසා බලපත්‍රයක් මගින් මගීන්ට ශ්‍රී ලංකා මුහුදු/ගුවන් තොටුපළවල් හරහා ගමන් කිරීමටත්, වීසා කාලසීමාව තවදුරටත් මාර්ගස්ථ ලෙස දීර්ඝ කළ නොහැකි වීසා කාල සීමාව තුළ ගමනාන්ත රටට ඇතුළු වීමටත් අවසර දෙනු ලැබේ.
     
    • කා සඳහාද:
      ශ්‍රී ලංකාවට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍ර සහිතව  සංක්‍රමණය වන මගීන්
       
    • වීසා බලපත්‍ර කාලසීමාව:
      දින 02 යි
       
    • වීසා බලපත්‍ර ගාස්තුව:
      නොමිලේ
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :
      වෙබ් අඩවිය හරහා මාර්ගගතව https://eservices.immigration.gov.lk/TransitVisa
       
    • අවසර ලත් ක්‍රියාකාරකම්:
      ශ්‍රී ලංකා මුහුදු/ගුවන් තොටුපළ හරහා ගමන් කර රටට ඇතුළු වීමට
       
    • අවසර නැති ක්‍රියාකාරකම්:
      • ගෙවීම් සහිත හෝ රහිත රැකියා හෝ ස්වයං රැකියා හෝ කිසිඳු ආකාරයක ව්‍යාපාරික කටයුතුවල නිරත වීම.
      • නිරන්තර හෝ අනුයාත සංචාර මගින් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වීම.
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර/මුහුදු මාර්ගය පිළිබඳ තහවුරුව
       
  2. මාර්ගස්ථ වීසා බලපත්‍ර  - දින හතරයි.

    දින හතරක් සඳහා වන මාර්ගස්ථ වීසා බලපත්‍රයක් මගින් විනෝද චාරිකා සඳහා ‘මගී යාත්‍රා’ වලින් පැමිණෙන මගීන්ට ශ්‍රී ලංකා වරාය හරහා ගමන් කිරීමටත්, එම කාල සීමාව තුළ ගමනාන්ත රටට පිටත් වීමටත් අවසර දෙනු ලැබේ.
     
    • කා සඳහාද:
      මගීන් (නාවික යාත්‍රා වලින් පැමිණෙන)
       
    • වීසා බලපත්‍ර කාලසීමාව:
      දින 04 යි
       
    • වීසා බලපත්‍ර ගාස්තුව:
      ඇමෙරිකානු ඩොලර් 25
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :
      වෙබ් අඩවිය හරහා මාර්ගගතව https://eservices.immigration.gov.lk/TransitVisa
       
    • අවසර ලත් ක්‍රියාකාරකම්:
      • එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගමන් කිරීම
      • මගී යාත්‍රා සඳහා සංචාරක / විනෝද චාරිකා
       
    • අවසර නැති ක්‍රියාකාරකම්:
      • ගෙවීම් සහිත හෝ රහිත රැකියා හෝ ස්වයං රැකියා හෝ කිසිඳු ආකාරයක ව්‍යාපාරික කටයුතුවල නිරත වීම.
      • නිරන්තර හෝ අනුයාත සංචාර මගින් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වීම.
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය/මුහුදු මාර්ගය පිළිබඳ තහවුරුව



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
18432717