ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



අනේවාසික වීසා

සංචාරක වීසා බලපත්‍රයක් යනු විදේශීය ජාතිකයෙකුට මෙරටට ඇතුළු වීම සඳහා ශ්‍රී ලංකා රජයේ මනාපය දක්වා ඇති ඇතුළුවීමේ අවසර පතකි. රැඳී සිටීමේ කාලසීමාව සහ කොන්දේසි/ය පිළිබඳ විස්තර වීසා බලපත්‍රයේ අඩංගු වේ.

ව්‍යාපාරික වීසා

කෙටි කාලසීමාවක් සඳහා ව්‍යාපාරික අරමුණු උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින් වෙත ව්‍යාපාරික අරමුණු වීසා බලපතක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි හෝ බහු ගමන් සඳහා නිකුත් කළ හැක.

  1. ව්‍යාපාරික වීසා - සම්මත සංචාරක වීසා

    සම්මත සංචාරක ව්‍යාපාරික වීසා - එක් එක් සංචාරයකදී දින 60 ක් රැඳී සිටීමකට සීමා කර, ද්විත්ව පිවිසුම් පහසුකම සහිතව කෙටි කාලීන සංචාරයන් සඳහා මාස 06 ක කාල සීමාවක් උදෙසා ශ්‍රී ලංකාවට පැමිණීමට ව්‍යාපාරිකයන්ට මෙමඟින් හැකියාව ලබා දෙනු ලැබේ.
     
    • කා සඳහාද:
      ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන විභව ව්‍යාපාරිකයා
       
    • වීසා කාල සීමාව :
      සෑම සංචාරයක්ම දින 60කට සීමා කරමින් උපරිම මාස 06ක් (වීසා බලපත්‍රයේ වලංගු කාලසීමාව තුළ ද්විත්ව ප්‍රවේශය)
       
    • වීසා ගාස්තුව:

      සාර්ක් රටවල්                 ඇමෙරිකානු ඩොලර් 35
      සාර්ක් නොවන රටවල්     ඇමෙරිකානු ඩොලර් 75
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :

      https://www.srilankaevisa.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව
       
    • අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡාවලට සහභාගී වීම
      • සම්මන්ත්‍රණ, සම්මේලන සහ වැඩමුළුවලට සහභාගී වීම
      • කෙටි කාලීන ඉගෙනුම් වැඩසටහන්වලට සහභාගී වීම
      • චිත්‍ර, සංගීතය සහ නැටුම් අවස්ථාවන්ට සහභාගී වීම
      • ආගමික අවස්ථාවන්ට සහභාගී වීම
      • ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම
       
    • අවසර නොලැබෙන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාර/වෙළඳාම් කටයුතු වල නිරත වීම
      • වැටුප් සහිත/රහිත රැකියාවල,  ස්වයං රැකියාවල නිරතවීම
      • නිරන්තර හෝ අනුක්‍රමික සංචාර හරහා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වීම
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      • jpg ආකාරයේ වර්ණ ඡායාරූපයක්
      • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ jpg රූපය
      • අදාළ ආයතනයන්ගෙන් ආරාධනා/ ඉල්ලීම් ලිපිය
       
  2. ව්‍යාපාරික වීසා - වසරක බහුවාර ප්‍රවේශ වීසා

    විභව අයදුම්කරුට එක් සංචාරයකදී දින 90 ක රැඳී සිටීමේ කාලයකට සීමා කරමින් වසරක් රැඳී සිටීමට අවසර දෙමින් ව්‍යාපාරික කටයුතු සඳහා වීසා බලපත්‍රයක් මඟින් අවසර දී ඇති සමස්ත කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශිකයෙකුට නිකුත් කරනු ලබන වීසා බලපත්‍රයකි.
     
    • කා සඳහාද:
      විභව ව්‍යාපාරිකයා
       
    • වීසා කාල සීමාව :
      සෑම සංචාරයක්ම දින 90කට සීමා කරමින් උපරිම මාස 12ක් (වීසා බලපත්‍රයේ වලංගු කාලසීමාව තුළ බහුවාර ප්‍රවේශය)
    • වීසා ගාස්තු:

      ඇමෙරිකානු ඩොලර් 200
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :

       https://www.srilankaevisa.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව
       
    • අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡාවලට සහභාගී වීම
      • සම්මන්ත්‍රණ, සම්මේලන සහ වැඩමුළුවලට සහභාගී වීම
      • කෙටි කාලීන ඉගෙනුම් වැඩසටහන්වලට සහභාගී වීම
      • චිත්‍ර, සංගීතය සහ නැටුම් අවස්ථාවන්ට සහභාගී වීම
      • ආගමික අවස්ථාවන්ට සහභාගී වීම
      • ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම
       
    • අවසර නොලැබෙන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාර/වෙළඳාම් කටයුතු වල නිරත වීම
      • වැටුප් සහිත/රහිත රැකියාවල,  ස්වයං රැකියාවල හෝ කිසිඳු ආකාරයක ව්‍යාපාරික ක්‍රියාකාරකමක නිරතවීම
      • නිරන්තර හෝ අනුක්‍රමික සංචාර හරහා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වීම.
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      • jpg ආකාරයේ වර්ණ ඡායාරූපයක්
      • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ jpg රූපය
      • අදාළ ආයතනයන්ගෙන් ආරාධනා/ ඉල්ලීම් ලිපිය
       
  3. ව්‍යාපාරික වීසා - අවුරුදු දෙකක බහු වාර ප්‍රවේශ වීසා

    විභව අයදුම්කරුට එක් සංචාරයකදී දින 180 ක රැඳී සිටීමේ කාලයකට සීමා කරමින් වසර දෙකක් රැඳී සිටීමට අවසර දෙමින් ව්‍යාපාරික කටයුතු සඳහා වීසා බලපත්‍රයක් මඟින් අවසර දී ඇති සමස්ත කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශිකයෙකුට නිකුත් කරනු ලබන වීසා බලපත්‍රයකි.
     
    • කා සඳහාද:
      විභව ව්‍යාපාරිකයා
       
    • වීසා කාල සීමාව :
      සෑම සංචාරයක්ම දින 180 කට සීමා උපරිම වසර 02ක් (වීසා බලපත්‍රයේ වලංගු කාලසීමාව තුළ බහුවාර ප්‍රවේශය)
    • වීසා ගාස්තු:

      ඇමෙරිකානු ඩොලර් 300
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :

       https://www.srilankaevisa.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව
       
    • අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡාවලට සහභාගී වීම
      • සම්මන්ත්‍රණ, සම්මේලන සහ වැඩමුළුවලට සහභාගී වීම
      • කෙටි කාලීන ඉගෙනුම් වැඩසටහන්වලට සහභාගී වීම
      • චිත්‍ර, සංගීතය සහ නැටුම් අවස්ථාවන්ට සහභාගී වීම
      • ආගමික අවස්ථාවන්ට සහභාගී වීම
      • ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම
       
    • අවසර නොලැබෙන ක්‍රියාකාරකම්:
      • වෙනත් කිසිඳු ක්‍රියාකාරකමක් සිදු කිරීම සපුරා තහනම්ය.
      • රටේ අභ්‍යන්තර දේශපාලනයේ නිරතවීම
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      • jpg ආකාරයේ වර්ණ ඡායාරූපයක්
      • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ jpg රූපය
      • අදාළ ආයතනයන්ගෙන් ආරාධනා/ ඉල්ලීම් ලිපිය
       
  4. ව්‍යාපාරික වීසා - අවුරුදු පහක බහු වාර ප්‍රවේශ වීසා

    විභව අයදුම්කරුට එක් සංචාරයකදී දින 180 ක රැඳී සිටීමේ කාලයකට සීමා කරමින් වසර පහක් රැඳී සිටීමට අවසර දෙමින් ව්‍යාපාරික කටයුතු සඳහා වීසා බලපත්‍රයක් මඟින් අවසර දී ඇති සමස්ත කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශිකයෙකුට නිකුත් කරනු ලබන වීසා බලපත්‍රයකි.
     
    • කා සඳහාද:
      විභව ව්‍යාපාරිකයන්
       
    • වීසා කාල සීමාව :
      සෑම සංචාරයකදීම දින 180ක රැඳීසිටීමකට සීමා කරමින් වසර 05ක්
       
    • වීසා ගාස්තු:

      ඇමෙරිකානු ඩොලර් 500
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :

      https://www.srilankaevisa.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව
       
    • අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡාවලට සහභාගී වීම
      • සම්මන්ත්‍රණ, සම්මේලන සහ වැඩමුළුවලට සහභාගී වීම
      • කෙටි කාලීන ඉගෙනුම් වැඩසටහන්වලට සහභාගී වීම
      • චිත්‍ර, සංගීතය සහ නැටුම් අවස්ථාවන්ට සහභාගී වීම
      • ආගමික අවස්ථාවන්ට සහභාගී වීම
      • ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම
       
    • අවසර නොලැබෙන ක්‍රියාකාරකම්:
      • වෙනත් කිසිඳු ක්‍රියාකාරකමක් සිදු කිරීම සපුරා තහනම්ය.
      • රටේ අභ්‍යන්තර දේශපාලනයේ නිරතවීම
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      • jpg ආකාරයේ වර්ණ ඡායාරූපයක්
      • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ jpg රූපය
      • අදාළ ආයතනයන්ගෙන් ආරාධනා/ ඉල්ලීම් ලිපිය
       
  5. ව්‍යාපාරික වීසා - අවුරුදු දහයක බහුවාර ප්‍රවේශ වීසා

    විභව අයදුම්කරුට එක් සංචාරයකදී දින 180 ක රැඳී සිටීමේ කාලයකට සීමා කරමින් වසර දහයක් රැඳී සිටීමට අවසර දෙමින් ව්‍යාපාරික කටයුතු සඳහා වීසා බලපත්‍රයක් මඟින් අවසර දී ඇති සමස්ත කාලසීමාව තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන විදේශිකයෙකුට නිකුත් කරනු ලබන වීසා බලපත්‍රයකි.
     
    • කා සඳහාද:
      විභව සංචාරකයා / ව්‍යාපාරිකයා
       
    • වීසා කාල සීමාව :
      සෑම සංචාරයකදීම දින 180ක රැඳීසිටීමකට සීමා කරමින් වසර 10ක්
       
    • වීසා ගාස්තු:

      ඇමෙරිකානු ඩොලර් 1000
       
    • අයදුම් කිරීමේ ක්‍රමය :

      https://www.srilankaevisa.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව
       
    • අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
      • ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡාවලට සහභාගී වීම
      • සම්මන්ත්‍රණ, සම්මේලන සහ වැඩමුළුවලට සහභාගී වීම
      • කෙටි කාලීන ඉගෙනුම් වැඩසටහන්වලට සහභාගී වීම
      • චිත්‍ර, සංගීතය සහ නැටුම් අවස්ථාවන්ට සහභාගී වීම
      • ආගමික අවස්ථාවන්ට සහභාගී වීම
      • ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයන්ට සහභාගී වීම
       
    • අවසර නොලැබෙන ක්‍රියාකාරකම්:
      • වෙනත් කිසිඳු ක්‍රියාකාරකමක් සිදු කිරීම සපුරා තහනම්ය.
      • රටේ අභ්‍යන්තර දේශපාලනයේ නිරතවීම
       
    • අවශ්‍ය ලිපිලේඛන:
      • jpg ආකාරයේ වර්ණ ඡායාරූපයක්
      • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ jpg රූපය
      • අදාළ ආයතනයන්ගෙන් ආරාධනා/ ඉල්ලීම් ලිපිය
       



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
18451193