ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා වැඩටසහන

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වාස වීසා ලබාගත හැක්කේ කාට ද ?

නේවාසික ආගන්තුක ක්‍රමයේ වීසා වැඩ සටහන වූ කලි රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික සංවර්ධනයට දායක වන විදේශීය ආයෝජකයන් සහ වෘත්තිකයන් සඳහා සලසා ඇති දිරිගැන්වීම් වැඩසටහනක කොටසකි.

ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය කුමක් ද ?

නේවාසික ආගන්තුක වීසා වැඩසටහනේ ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය යනු අදාළ රජයේ නියෝජිත ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වූවකි. ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ කාර්යාලය ශ්‍රී ලංකාවේ, කොළඹ "සුහුරුපාය", බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙහි පිහිටා තිබේ.

මෙම  වැඩසටහන යටතේ ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කරන්නේ කෙසේ ද ?

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය සියලුම් විදේශීය ජාතිකයන්ට විවෘත වන අතර මෙය රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය දායක විය හැකි ඕනෑම විදේශීය ආයෝජකයකුට / වෘත්තිකයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

පදිංචි වීසා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?
පදිංචි ආගන්තුක ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍ර ආකෘති පහත සඳහන් ස්ථානවලින් ලබාගත හැකිය.

  • ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ කාර්යාලයෙන් (ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්)
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

නේවාසික වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළයුතු ලියකියවිලි මොනවාද ?

ආයෝජක කාණ්ඩය

  1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත්
  3. ඡායාරූප (06) හයක්  (6 සෙ. මි. x 5 සෙ. මි.)
  4. විවාහ සහතිකවල ඡායා පිටපතක් (විවාහක නම්)
  5. අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද  පිළිබඳ සහතික (තිබේ නම් පමණක්)
  6. වෛද්‍ය වාර්තාව
  7. අදාළ රටෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන වාර්තාවක්
  8. ආයෝජනය කරන්නා වූ ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
  9. ශ්‍රී ලංකාව තුළ RGFCA (Resident Guest Foreign Currency Account) බැංකු ගිණුම් (තහවුරු කළ යුතුය.)
    • ඉල්ලුම්කරු - US$ 250,000 (අවම)
    • යැපෙන්නා - US$ 35,000 (අවම)
  10. RGRCA (Resident Guest Rupee Currency Account) බැංකු ගිණුම්

වෘත්තිමය කාණ්ඩය

  1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  3. විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත්
  4. ඡායාරූප (06) හයක්  (6 සෙ. මි. x 5 සෙ. මි.)
  5. විවාහ සහතිකයේ ඡායා පිටපතක් (විවාහක නම්)
  6. දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන වෘත්තීය සහ පළපුරුද්ද  පිළිබඳ සහතික
  7. ව්‍යාපෘති යෝජනාව
  8. වෛද්‍ය වාර්තාව
  9. අදාළ රටෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන වාර්තාවක්
  10. ප්‍රශංසාවන්
  11. සම්මාන
  12. ශ්‍රී ලංකාව තුළ බැංකු ගිණුම් (ලේඛන මඟින් තහවුරු කළ යුතුය)
    • ඉල්ලුම්කරු -  US$ 2,000 (අවම)
    • යැපෙන්නා -  US$ 1,000  (අවම)

මෙම ඩසටහන යටතේ මට වීසා ලැබුණොත් මගේ පවුලේ සාමාජිකයන්ට මා සමඟ පැමිණිය හැකිද ?

හැකියි. ඔබ සුදුසුකම් ලත් ආයෝජකයෙක් හෝ වෘත්තීකයෙක් නම් ඔබගේ කලත්‍රයා, ඔබගෙන්  යැපෙන ළමයින්, ඔබගේ දෙමව්පියන් හෝ ඔබගේ කලත්‍රයාගේ දෙමව්පියන් රැගෙන ආ හැකිය.

ගෙන ඒමට හැකි මුදල් සීමා මොනවාද ?

ආයෝජන කාණ්ඩය

මෙම යෝජනා ක්‍රමය යටතේ මෙරටට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ආයෝජකයකු අමෙරිකානු ඩොලර් 250,000 ක හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදල් වර්ගයකින් ඒ සමාන මුදලක් අවම වශයෙන් ගෙනවූත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කර ඇති ඕනෑම වාණිජ බැංකුවක් විශේෂ ගිණුමක තැන්පත් කළ යුතුය. වෙනත් විදේශීය පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවකු හෝ පාර්ශ්වකරුවන් සමග හවුලේ කිසියම් ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයෝජකයකු අදහස් කරන්නේ නම් එබඳු එක් එක් පුද්ගලයා විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 250,000 ක් හෝ පරිවර්තනය කළ හැකි ඕනෑම විදේශීය මුදලකින් ඒ සමාන මුදලක් ආයෝජනය කළ යුතුය. ආයෝජකයා සමග පැමිණෙන සෑම යැපෙන්නකු වෙනුවෙන්ම අමෙරිකානු ඩොලර් 35,000 බැගින් වූ අති‍රේක මුදල් තැන්පත් කළ යුතුය. භාවිතයට නොගෙන ශේෂව තිබෙන තැන්පතු මුදල සඳහා කලින් කල ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරන ප්‍රමාණයන් මත පොලිය ගෙවනු ලැබේ. ශ්‍රී ලංකාවට මුදල් එවූ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. මුල් තැන්පත් කිරීම්වලට අමතරව ආයෝජකයකු විසින් නිරතුරුවම තමාගේත් තම යැපෙන්නන්ගේත් ජීවත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් රැගෙන ආ යුතුය.

වෘත්තීය කාණ්ඩය

මෙම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රි ලංකාවේ පදිංචි වීමට අදහස් කරන වෘත්තිකයකු තමන් සඳහා අවම වශයෙන් ඇ.ඩො. 2000/- ක් ද කලත්‍රයා ඇතුළු  ස්වකීය යැපෙන්නන් සඳහා එක් අයකුට මසකට ඇ.ඩො. 1000/- ක් ද ජීවන වියදම් වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ බැංකු ගිණුමක තැන්පත් කළ යුතුය.

ආයෝජනය කාණ්ඩය

කිසියම් විදේශීය ආයෝජකයකු විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන අරමුදල් අනුමත ව්‍යාපෘතියක ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ප්‍රථම වර්ෂ දෙක තුළ දී මෙරට ආයෝජනයක් කිරීම සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් නොපෙන්වුවහොත්, එම ආයෝජකයාගේ විශේෂ ගිණුමේ පවතින බැර ශේෂය මත තව දුරටත් කිසියම් පොලියක් ගෙවීම නවතා දැමීමට ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියට හැකිය.

මෙම යෝජනා ක්‍රමයේ කාර්යය සඳහා අනුමත ව්‍යාපෘති පහත දැක්වේ.

  • ආයෝජන මණ්ඩලය (BOI) හෝ අදාළ බලාධිකාරයක් විසින් අනුමත කරනු ලැබීමට යටත් වූ නව ව්‍යාපාර.
  • අදාළ බලාධිකාරයේ අනුමතියට යටත්ව දැනට පවත්නා හෝ අලුතින් පටන් ගන්නා සමාගම්.
  • කොළඹ කොටස් වෙළඳ පොළේ සඳහන් කර ඇති කොටස්

ආයෝජන මණ්ඩලය විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථා හඳුනාගැනීමට සහ ආයෝජන සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙනු ඇත.

විශේෂ ගිණුම්

පහත විස්තර කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක වෙන වෙනම විශේෂ ගිණුම් දෙකක් විවෘත කිරීමට විදේශීය ආයෝජකයන්ට මෙම යෝජනා ක්‍රමය යටතේ අවසර දෙනු ලැබේ.

  1. නේවාසික ආගන්තුක විදේශීය මුදල් ගිණුම (Resident Guest Foreign Currency Account)
    • ශ්‍රී ලංකාවේ ඕනෑම අනුමත ව්‍යාපෘතියක ආයෝජන කිරීම සඳහා ශ්‍රී ලංකාවට එවන මුදල් මෙම ගිණුමට බැර කළ යුතුය.
    • ගිණුමේ පවතින පාවිච්චි නොකළ ශේෂය සඳහා මුල් වර්ෂ දෙක තුළ දී බැංකුව විසින් අනේවාසික විදේශීය මුදල් ගිණුම්වලට අදාළ පොලී ප්‍රමාණයට නොවැඩි ප්‍රමාණයක පොලියක් බැංකුව විසින් ගෙවනු ඇත. වසර 02ක කාලය අවසන් වූ විට පොළිය ගෙවීම එය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියේ අනුමැතියට යටත් වනු ඇත.
    • ආයෝජනය හැර වෙනත් කාර්යයක් සඳහා මුල් ගිණුමෙන් මුදල් ගන්නා විට එය ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය විසින් අනුමත කළ යුතුය.
    • මෙම ගිණුමේ ශේෂය මත ගෙවන පොලිය නේවාසික ආගන්තුක රුපියල් ජංගම ගිණුමට මාරු කළ හැකිය.
  2. නේවාසික ආගන්තුක රුපියල් ගිණුම (Resident Guest Rupee Currency Account)
    • ශ්‍රී ලංකාවේ ජීවත්වීම සඳහා එවනු ලබන මුදල්, ආයෝජන මගින් ලබා ගන්නා ආදායම්, කොටස් විකිණීමෙන් ලැබෙන මුදල් ආදිය මෙම ගිණුමට බැර කිරීමට අවසර දෙනු ලැබේ.
    • මෙම ගිණුමෙන් බැහැරව යවන මුදල විනිමය පාලකගේ පූර්ව අනුමතියට යටත් විය යුතුය.

ආදායම් ප්‍රාග්ධනය විදේශවලට යැවීම

දැනට පවතින විනිමය පාලන සහ බදු රෙගුලාසිවලට යටත් ව පහත සඳහන් බාහිර ගෙවීම්වලට අවසර දෙනු ලැබේ.

  • ආයෝජකයාගේ විශේෂ ගිණුමෙහි පවතින භාවිතයට නොගත් මුදල්
  • ආයෝජනවලින් ලබා ගන්නා ප්‍රාග්ධන ලාභ සහ ආදායම
  • ආයෝජන විකිණීමෙන් ලැබෙන මුදල්.

මාගේ නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා කෙරෙහි බලපාන ගාස්තු මොනවාද ?

වාස වීසා ගාස්තු සහ බදු මුදල්වලට අතිරේක වශයෙන් ඇ.ඩො. 250 හෝ ඊට සමාන පරිවර්තනය කළ හැකි මුදලක් ක්‍රියාත්මක කිරීමේ ඒජන්සියට ගෙවිය යුතුය. වීසා ගාස්තු පිළිබඳ තොරතුරු සඳහා මෙහි  ක්ලික් කරන්න.

නේවාසික ආගන්තුකයන් සඳහා කොන්දේසි

නේවාසික සිටින ආගන්තුකයන්ගෙන් පහත සඳහන් කාර්ය ඉටුවිය යුතුය.

  • අයදුම්පත්‍රයෙහි සඳහන් විස්තර සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදු වූ විට එම වෙනස සිදු වී මාස දෙකක් (2) ඇතුළත ඒ බව ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය වෙත දැනුම් දිය යුතුය.
  • ශ්‍රී ලංකා රජයේ ආගමන හා විගමන විධිවිධාන පිළිපැදිය යුතුය.
  • ශ්‍රී ලංකාවේ බදු නීති පිළිපැදිය යුතුය.
  • ශ්‍රී ලංකා රජයේ වෙනත් සියලුම නීති හා රෙගුලාසි පිළිපැදිය යුතුය.
  • මහජන ශුභ සිද්ධියට හේතු නොවන හෝ රටේ ආරක්ෂාවට හානිදායක විය හැකි වන දේශපාලනික හෝ වෙනත් කිනම් හෝ ක්‍රියාවන්ගෙන් හෝ වැළකී සිටිය යුතුය.
  • තම රටේ පොලිසියෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

​​​​​​නේවාසික ආගන්තුකයා විසින් ආයෝජන ව්‍යාපෘතිය / වෘත්තීය සේවා අවසන් කරන විට ඔහු විසින් පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතුය.
නේවාසික සිටින ආගන්තුකයන්ගෙන් පහත සඳහන් කාර්ය ඉටුවිය යුතුය.

  • ස්වකීය ආයෝජන ව්‍යාපෘතිය / වෘත්තීය සේවය අවසන් කිරීමේ තම අදහස මාස (2) දෙකකට ප්‍රථම ලිඛිතව ක්‍රියාත්මක කිරීමේ ඒජන්සිය වෙත දැනුම් දිය යුතුය.
  • ඔවුන්ගේ ආයෝජන ව්‍යාපෘති / වෘත්තීය සේවා නිමකිරීමෙන් පසු ඔවුන් ශ්‍රි ලංකාවෙන් නික්මයාමට අදහස් කරන අවස්ථාවක දී එසේ පිටත්වීමට මත්තෙන් වැඩකරන දින 14 කට පෙරාතුව ඒ බව ලිඛිතව දැනුම් දිය යුතුය.

නේවාසික ආගන්තුක යෝජනාක්‍රමයේ වීසා ලබා ගැනීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවා ද ?

නේවාසික ආගන්තුක යෝජනාක්‍රමය සියලුම විදේශීය ජාතිකයනටම විවෘතව පවතී.  මේ රටේ ආර්ථික සහ සමාජ සංස්කෘතික ප්‍රවර්ධනය දායකත්වය දියහැකි ඕනෑම විදේශීය ආයෝජකයකුට හෝ වෘත්තිකයකුට මේ යෝජනා ක්‍රමය යටතේ වීසා ඉල්ලුම් කළ හැකිය.

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය  යටතේ වීසා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  1. කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  2. අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද ?

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට (04 වන මහල)

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා බලපත්‍රය වලංගු වන උපරිම කාලය කොපමණ ද ?

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා බලපත්‍රය අවුරුදු පහක් වලංගුව පවතී.

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසාව අලුත් කරගත හැක්කේ කෙසේ ද ?

සියලුම වීසාවල කාලය දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. අවුරුදු පහක් කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු විසා කාලය දීර්ඝ කිරීම සඳහා අයදුම් කළ විට, ව්‍යාපෘතිවල ආයෝජන කිරීම්, බැංකු ප්‍රකාශ ආදි ලියකියවිලි, එම කරුණු සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

බදු මුදල් ගෙවා ඇතිබවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිඛිත සාක්ෂි සහ බදුවලින් නිදහස් කරනු ලැබූ ව්‍යාපෘති පිළිබඳව ආයෝජන මණ්ඩලයෙන් ලබාගත් නිර්දේශ ද අලුත් කිරීම සඳහා වූ අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.

නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය යටතේ වීසා අලුත් කිරීමේ අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

මාගේ නේවාසික ආගන්තුක යෝජනා ක්‍රම වීසාවලට අදාළ අනෙකුත් කොන්දේසි මොනවාද ?

ඔබේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමේ දිනට යටත්පිරිසෙයින් මාස දෙකකටවත් කලින් ශ්‍රී ලංකාවේ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14376992