ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ උපත් ලියාපදිංචි කිරීම.

මෙය අදාළ වන්නේ කා හට ද ?

ශ්‍රී ලාංකික දෙමව්පියන්ට (අවම වශයෙන් දෙමව්පියන්ගෙන් එක් අයකු වත් ශ්‍රී ලාංකික විය යුතුය) ශ්‍රී ලංකාවෙන් පිටතදී උපන් දරුවාගේ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා උපතේ සිට අවම වශයෙන් වසරක් වත් ඇතුලත මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

වසරක් ඇතුලත මාගේ දරුවාගේ උපත ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් සිදුවනුයේ කුමක් ද ?

උපත ලද දිනයේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් වසරකට නිශ්චිත මුදලක් බැගින් අතිරේක ගාස්තුවක් පනවනු ඇත.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපිලේඛන මොනවාද ?

  1. දරුවාගේ උපත සිදු වූ රටෙන් නිකුත් කළ උප්පැන්න සහතිකය (උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ඇමිණිය යුතුය)
  2. ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ කොන්සල් කාර්යාල උප්පැන්න සහතිකය.
  3. දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්.
  4. ඉල්ලුම්කරු (පියා හෝ මව) ලියාපදිංචි ශ්‍රී ලාංකික පුරවැසියකු නම් අදාළ සහතිකය.
  5. දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
  6. දරුවාගේ උපත සිදු වූ අවස්ථාවේ විදේශික පදිංචිය තහවුරු කිරීම සදහා දෙමව්පියන් භාවිතා කළ ගමන් ලිපිලේඛන හා වීසා වල මුල් පිටපත්.
  7. දෙමව්පියන් ද්විත්ව පුරවැසියන් නම් ද්විත්ව  පුරවැසි සහතික.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැකි ස්ථානය.

  1. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පුරවැසි අංශය, "සුහුරුපාය", බත්තරමුල්ල.
  2. පදිංචි රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය.
  3. ඉල්ලුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගැනීමට මෙම ස්ථානය ක්‍රියා කරවන්න.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය ඉල්ලුම්පත් පරීක්ෂා කර ඉල්ලුම්කරුට යැවීම සඳහා සහතික පත්‍ර අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට තැපැල් කරනු ඇත.

ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?

  1. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය කරන ලිපි ලේඛන මුල් පිටපත් හා ඡායා පිටපත් සමග කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයට භාර දෙන්න.
  2. දරුවාගේ උපත සිදු වූ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය ලිපිලේඛන හා ඒවායේ පිටපත් සමග ඉදිරිපත් කළ හැකිය.

සටහන:

  • දරුවාගේ උපතේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කළ යුතුය. ඊට අපොහොසත් වුවහොත් අතිරේක ගාස්තුවක් පනවනු ඇත.
  • විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් හරහා ඉල්ලුම්පත් භාර දෙන විට දූත මණ්ඩලයේ බලයලත් නිලධාරියකු මගින් සියලු ලිපිලේඛන සහතික කරගත යුතු අතර එම නිලධාරියාගේ අත්සන සහ රබර් මුද්‍රාව එහි සටහන් විය යුතුය.
පුරවැසිභාවය ලියාපදිංචිය - ගාස්තු
විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ පුරවැසිභාවය ලියාපදිංචි කිරීම. රු (ශ්‍රී ලංකා)
නියමිත කාලය තුල සකස් කරන ලද ඉල්ලුම්පතක් සඳහා (උපතේ සිට පළමු වසර ඇතුළත) 5,750
ප්‍රමාද වූ ඉල්ලුම්පතක් සඳහා එක් වසරකට 500

ගෙවීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත භාරදෙන අවස්ථාවේ ගෙවීම් සිදුකළ යුතුය. පසුව පරීක්ෂා කිරීම සඳහා කුවිතාන්සිය තබාගත යුතුය.

පුරවැසි සහතිකය ලබා ගත හැක්කේ කෙසේද?

අයදුම්කරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන්නේ නම්;

  1. සහතිකය අදාළ තානාපති කාර්යාලයෙන් ලබා ගත හැකිය.
  2. සහතිකය අයදුම්කරුගේ ශ්‍රී ලාංකික ලිපිනයට තැපල් කළ හැකිය.
  3. දරුවාගේ දෙමව්පියන්ට පමණක් ආගමන හ විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයෙන් සහතිකය ලබා ගත හැකිය.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14540851