ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



RTI ගාස්තු

  1. අයදුම්පත් ගාස්තු
    1. කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
       
    2. තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
       
  2. තොරතුරු සඳහා ගාස්තු:

    අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා කිසිදු ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරයක් විසින් අය කරනු ලැබිය හැකිය:
    1. ජායාපිටපත් ගැනිම:
      1. A4 (සෙ.මි 21 x සෙ.මි 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
      2. ලීගල් ප්‍රමාණයේ (සෙ.මි 21.59  x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
      3. ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
         
    2. මුද්‍රිත පිටපත් ලබා ගැනිම
      1. A4 (සෙ.මී 21 x සෙ.මී 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
      2. ලීගල් ප්‍රමාණයේ (සෙ.මී 21.59  x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී  42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
      3. ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසයක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
         
    3. තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disk) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු. 20/- බැගින් අය කරේ.
       
    4. පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disc) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත පිටපත්කර දීම සඳහා සැබෑ වියදම අය කෙරේ.
       
    5. යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරික්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරිම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු. 50/- බැගින් අය කෙරෙනු ලබන අතර,
      එකී අධ්‍යයනය/පරික්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් පළමු පැය සඳහා ගාස්තු අය නොකෙරේ. මෙය සිදුකරන්නේ නොමිලේ එබඳු පරීක්ෂාවක් සිදු කිරිමට ඉඩ සැලසු පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරින්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත.
       
    6. නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
       
    7. ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නෙකරේ.
       
  3. චක්‍රෙල්ඛ හෝ රීති වශයෙන් මීට පෙර නියමකළ හෝ නිකුත් කළ ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදු අධිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.
    මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කළ යුතු අභියාචනයට විෂය විය හැකිය.
     
  4. ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු:
    1. ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරිය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අත්තර්ගත හෝ සකසන ලද ජායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබාදීය යුතුය.

    2. සාමාන්‍යයෙන් ගාස්තුවකින් තොරව ලබාදිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරවම ලබාදිය යුතුය.

  5. ගාස්තු ගෙවීමේ කුමය:

    1. මෙකී රීතිවල අන් තැනෙක කුමක් සඳහන් වුවද,පොදු අධිකාරියට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අය කළ හැකිය.

      1. තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්

      2. පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ බැංකු අණකරයක් මගින්.

    2. ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාළව රිසිටිපතක් නිකුත් කළ යුතුය.

  6. තොරතුරුවලට ප්‍රවේශය:

    1. විශාල වෙළුම්වලින් සැපයිය යුතු තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන්,එකී තොරතුරුවලට ප්‍රවේශය ලබාදීමට පෙරාතුව එම ප්‍රවේශය ලබාදිය හැකි විවිධ ආකෘති පිළිබඳව සහ ඒවාට අනූකූල ගාස්තු පිළිබඳව මෙන්ම සටහන් ලබාගැනිමේ හැකියාව, උධෘත පිටපත් කර ගැනිමේ හැකියාව, පොදු අධිකාරියේ අභිමතය ද ඇතුළත්ව, සහ එකී ද්‍රව්‍යයේ ජායාරූප ජංගම දුරකථනයක් හෝ අතේ ඇති කැමරාවක් මගින් ලබාගැනිමට ඇති හැකියාව සම්බන්ධයෙන් තොරතුරු නිළධාරියා පුරවැසියාව දැනුවත් කළ යුතුය.

    2. 5 වන 6 වන රීතීයේ සඳහන් කර ඇති තත්වය හැරුණුකොට, නියම කරන ලද ගාස්තුව එකී තොරතුර ඉල්ලා සිටි පුරවැසියා වෙත තොරතුර වෙත ප්‍රවේශය ලබාදීමට පෙර සම්පුර්ණයෙන් ගෙවිය යුතුය.

  7. ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරිම:

    1. ඉහත රීති මගින් නියම කළ ගාස්තුවලට  අනුකූලව තොරතුරු ඉල්ලීමක් සිදුකරන පුරවැසියෙකුට පනතේ 8 වැනි වගන්තිය අනුව අමාත්‍යවරුන් විසින් පළ කරනු ලබන වාර්තා සහ පනතේ 10 වැනි වගන්තිය අනුව පොදු අධිකාරීන් විසින් පළකරනු ලබන වාර්තා පරීක්ෂා කිරීම, වෙබ්අඩිවියකින් බාගත කිරිම, විද්‍යුත් පිටපත් ද ඇතුලුව පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.

    2. පනතේ 9 වැනි වගන්තියෙන් දක්වන ආකාරයට ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන අමාත්‍යවරයෙක් එකී ව්‍යාපෘතියට අඳාල සියලු තොරතුරු පොදුවේ මහජනයා වෙත ලබාදිය යුත්තේය. එබඳු තොරතුරු පරීක්ෂා කිරිම, වෙබ්අඩවියකින් බාගත කිරීම, විද්‍යුත් පිටපත් ද ඇතුළුව පිටපත් ලබාගැනිම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.

  8. ගාස්තු පිළිබඳ අභියාචන:

    1. තොරතුරු ඉල්ලීම සිදුකරන පුරවැසියා තොරතුරු නිලධාරියා විසින් වැඩිපුර ගාස්තු අය කළේ යැයි සිතයි නම්, පනතේ 31 වගන්තිය ප්‍රකාරව ගෙවිය යුතු ගාස්තුව පිළිබඳ තොරතුරු නිලධාරියා විසින් දැනුම් දීමෙන් දින දාහතරක්  ඇතුළත, තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ රීතිවලින් නියම කර ඇති ආකෘතියක් භාවිතා කරමින් එකී පුරවැසියා විසින් මේ සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා වෙත අභියාචනය කළ යුත්තේය.

    2. ඉල්ලීම කරනු ලබන පුරවැසියා, නම් කළ නිලධාරියාගේ තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් ඔහු/ඇය එම තීරණයෙන් මාස 2ක් ඇතුළත, පනතේ 32 වගන්තියෙන් නියම කළ කාර්යපටිපාටිය සහ අඳාල රීති වලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනයක් කළ යුතු වන්නේය.

    3. නම් කළ නිලධාරියා සහ/හෝ කොම්ෂන් සභාව වෙත අභියාචනයක් කිරිමේදී ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. අභියාචන පෝරම ගාස්තුවකින් තොරව නිකුත් කළ යුතුය.

  9. අභියාචනයක් සාර්ථක වීම මත ගාස්තු අය කිරිමෙන් නිදහස් කිරිම:
    නම් කළ නිලධාරියා වෙත හෝ කොමිෂන් සභාව වෙත පුරවැසියකු විසින් කරනු ලබන අභියාචනයක් සාර්ථක වී නම් පුරවැසියා විසින් ඉල්ලා සිටි එකී තොරතුර ගාස්තු අය කිරීමකින් තොරව ලබාදිය හැක්කේය.

  10. ගාස්තු ප්‍රතිපුර්ණය:
    පනතේ විශේෂිතව දක්වා ඇති කාල පරිච්ජේදය තුළ අදාළ තොරතුර සපයා නැතිවිටදි පනතේ 15 (උ) වගන්තිය අනුව කොමිසමට තොරතුරු ඉල්ලීම කරනු ලැබු පුරවැසියාගෙන් අය කරනු ලැබු ගාස්තු ප්‍රතිපුර්ණය කරන ලෙසට පොදු අධිකාරියකට විධාන කළ හැකිය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14814826