ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



මගේ සිහින නිවහන වීසා වැඩසටහන

ශ්‍රී ලංකාව තුළ පදිංචි වී දිගුකලක් ගත කිරීමට අදහස් කරන ජ්‍යෙෂ්ඨ විදේශීය ජාතිකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.

සිහින නිවහන වීසා යනු කුමක් ද ?

ශ්‍රී ලංකාවේ මගේ සිහින නිවහන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වීසාවකි.

ශ්‍රී ලංකාවේ මගේ නිවහන වැඩසටහන මා තෝරාගත යුත්තේ ඇයි ?

  • නැවත අලුත් කරගත හැකි අවුරුදු දෙකක කාලයක් සඳහා වලංගුවන පදිංචිය සඳහා වීසා ප්‍රදානය කරනු ලැබේ.
  • විදේශීකයනට කාරුණික වන ශ්‍රී ලාංකිකයන් අතර සුහද හැඟීමෙන් යුතුව ආරක්ෂා සහිතව වාසය කළ හැකිය.
  • වෙනස්වන දේශගුණික පරාසයන්, සෘතු නියමයන් (Seasons), උෂ්ණත්වය ආදිය බුක්ති විඳිය හැකිය.
  • ගෝල්ෆ්, ටෙනිස්, ක්‍රීඩාගාරවල කායික අභ්‍යාස, මැරතන් ධාවන, පිහිනුම්, සර්ෆින් (Surfing), ස්නෝර්කලිං (Snorkeling) මුහුදු හෝ මිරිදියේ මාළු බෑම, කුරුල්ලන් නැරඹීම සහ ලෝක මට්ටමේ වන රක්ෂිතවල සොබාදහම් සිරි නැරඹීම සඳහා එළිමහනේ ලබා ගත හැකි සුවදායී අවස්ථා රැසක් පවතී.
  • සුඛෝපභෝගී සර්ව සම්පූර්ණ නිවාස හෝ මහල් නිවාස, උෂ්ණ කලාපීය වෙරළබඩ තීරුවේ ද දර්ශනීය මධ්‍යම කඳුකරයේ ද ප්‍රධාන නගරවල ද තිබේ.

සිහින නිවහන වීසා යෝජනා ක්‍රමයට ඇතුළු වීමේ සුදුසුකම් මොනවාද ?

  1. වයස අවුරුදු 55ට වැඩි ඕනෑම විදේශීය ජාතිකයකු වීම.
    1. අමෙරිකානු ඩොලර් 15000 ක් හෝ ඒ සමාන විදේශීය මුදලක් ශ්‍රී ලංකාවේ අනුමත වාණිජ බැංකුවක ස්ථාවර තැන්පතු ගිණුමක තැන්පත් කර තිබිය යුතුය.
    2. අ.ඩො. 1500 ක් හෝ විදේශීය මුදල් වර්ගයකින් ඒ සමාන මුදලක් ප්‍රධාන ඉල්ලුම්කරු සඳහා ද (භාර්යාව / ස්වාමිපුරුෂයා / දරුවන් සමග පැමිණෙන්නේ නම්) එක් එක් භාර්යාව / ස්වාමිපුරුෂයා / දරුවා * සඳහා එක් අයෙකුට අ.ඩො. 750 හෝ විදේශීය මුදල් වර්ගයකින් ඒ සමාන මුදලක් ද මාස්පතා ශ්‍රී ලංකාවේ අනුමත වාණිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක හෝ ජංගම ගිණුමක තැන්පත් කළ යුතුය.

*වයස අවු. 18ට අඩු අවිවාහක අය විය යුතුය.

මගේ සිහින නිවහන යෝජනා ක්‍රමයේ වීසා ඉල්ලුම් පත්‍රයක් සමග ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන මොනවාද ?

  1. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක්. පදිංචිය සඳහා වන වාස වීසා අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයෙන් ලබා ගත හැකිය. එසේ නැතහොත් www.immigration.gov.lk වෙතින් බා ගත කළ හැකිය.
  2. විදේශ ගමන් බලපත්‍රයේ / ගමන් ලියකියවිලිවල (සියලුම පිටුවල) සහතික කළ පිටපත්
  3. ශ්‍රී ලංකාවේ නැවතී සිටිය හැකි බව සනාථ කිරීමට මුදල් තත්ත්වය පෙන්නුම් කරන අලුත්ම බැංකු ප්‍රකාශවල / වෙනත් අදාළ මූල්‍ය ලේඛනවල සහතික කළ පිටපත්
  4. ප්‍රධාන ඉල්ලුම්කරු සඳහා අ.ඩො. 1500 බැගින් ද එක් එක් යැපෙන්නාට අ.ඩො. 750 බැගින් ද මාසිකව ප්‍රේෂණය කළ හැකි අන්දමේ (විශ්‍රාම වැටුප් / වෘද්ධෝපගත දීමනා වැනි) ආදායම් ප්‍රභාවයන්
  5. වාසය කරන රටේ පොලිසියෙන් ලබාගත් මාස 6ක කාලයක් ඉකුත් නොවූ පොලිස් නිෂ්කාශන වාර්තාවක්.
  6. වාස වීසා ඉල්ලුම් කරන භාර්යාවගේ / ස්වාමිපුරුෂයාගේ විවාහ සහතිකය .

අදාළ වන නියමයන් සහ කොන්දේසි මොනවාද ?

  • ශ්‍රී ලංකාවේ තමන් නැවතී සිටින කාලය අවසන් කිරීමට තීරණය කරන ඕනෑම විටක මෙම ක්‍රමය ය‍ටතේ තැන්පත් කර ඇති මුළු ස්ථාවර තැන්පතුවම ආපසු ලබාගත හැකිය. එසේ වුව ද එම මුදල් ආපසු ගැනීමට ආගමන හා විගමන පාලක ජනරාල් මගින් විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය. ස්ථාවර තැන්පතුවෙන් ලබාගත් පොලිය ආපසු ගෙන ඉල්ලුම්කරුගේ සුබසෙත සඳහා වැය කළ හැකිය.
  • ශ්‍රී ලංකාවට අදාළ වන වලංගු වෛද්‍ය රක්ෂණ ඔප්පුවක් තමා සන්තකව තිබිය යුතුය.
  • වාසය කරන රටේ පොලිසියෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. ශ්‍රී ලංකා පොලිසියෙන් එබඳු සහතිකයක් වාස වීසා අලුත් කරන අවස්ථාවේදී ලබාගත යුතුය.
  • කිසිඳු ආකාරයක සාපරාධී ක්‍රියාවලට සම්බන්ධව නොවී සිටිය යුතුය.
  • ශ්‍රී ලංකාව තුළ කිසිඳු ආකාරයක දේශපාලන කටයුතුවල නියැලි නො සිටිය යුතු අතර දේශීය ජනතාවට සංවේදීයැයි සැලකිය හැකි කිසිඳු කාර්යයක ද රටේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ කටයුතු වල ද නොයෙදිය යුතුය.
  • ශ්‍රි ලංකාවේ නැවතී සිටින කාලය තුළ ගෙවීම් සහිත හෝ රහිත කිසිඳු රැකියාවක නියුක්ත නොවිය යුතුය.
  • නේවාසික වාස වීසා අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ බදු නීති රීතිවලට යටත් වන අතර අදාළ බදු මුදල් ගෙවිය යුතුය.
  • සිය ස්ථාවර තැන්පත් ගිණුම් මෙන්ම ඉතිරිකිරීමේ ගිණුම් පිළිබඳ අර්ධ වාර්ශික බැංකු ප්‍රකාශ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (වීසා)  වෙත ඉදිරිපත් කරනු ඇතැයි සෑම ඉල්ලුම්කරුවකුගෙන්ම අපෙක්ෂා කරනු ලැබේ.
  • වීසා තත්ත්වය හා පෞද්ගලික තොරතුරු පිළිබඳ යම් වෙනසක් සිදු වුවහොත් එම වෙනස්වීම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (වීසා) වෙත දැනුම් දිය යුතුය.

ඉල්ලුම්පත්‍ර පිරිසැකසුම් කෙරෙන්නේ කෙසේ ද ?

  • ඉල්ලුම් පත්‍ර භාරගෙන පිරිසැකසුම් කෙරෙන්නේ කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදි පමණි.
  • ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කොට සති දෙකක් තුළ දී සිය ඉල්ලුම් පත්‍රය පිළිබඳ තත්ත්වය ඉල්ලුම්කරුවන්ට ලිඛිතව දන්වනු ලැබේ.
  • සාර්ථක වූ ඉල්ලුම්කරුවන් වෙත (අ) ජීවත්වීමේ වියදම් සඳහා අ.ඩො. 1500 ක විදේශීය මුදල් ගිණුමක් සහ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමට තාවකාලික අනුමතිය දීමේ ලිපියක් සහ (ආ) බැංකුවේ මෙහෙයුම් කළමනාකරු නමට ලියූ උපදෙස් ලිපියක් ද නිකුත් කෙරෙනු ඇත.
  • ඇ.ඩො. 15,000 ක ස්ථාවර තැන්පතුව සහ මාසික ප්‍රේෂණය වශයෙන් අ.ඩො. 1500 පිළිබඳ බැංකු ප්‍රකාශය ඉල්ලුම්කරු විසින් නිසි බලධාරියා වෙත ඉදිරිපත් කල යුතුය.(අදාල වන පරිදි යැපෙන්නන් සදහා වන ඇ.ඩො. 750 මාසික ප්‍රේෂණය මීට ඇතුළත් විය යුතුය.)
  • වාස වීසා අවුරුදු දෙකකට වලංගු වේ. මෙය අලුත් කළ හැකිය. ඉල්ලුම්කරුවන්ට සහ යැපෙන්නන්ට එය ප්‍රදානය කෙරේ.
  • එක් අයදුම්කරුවකු සහ යැපෙන්නකු සඳහා අයදුම්පත්‍ර පිරිසැකසුම් ගාස්කුව අ.ඩො.150 කි.
  • එක් ඉල්ලුම්කරුවකු, ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සහ අවුරුදු 16ට වැඩි යැපෙන ළමයින් සඳහා වසරකට වාස වීසා ගාස්තුව අ.ඩො. 200කි.

වාස වීසා කාලය දීර්ඝ කිරීම සඳහා ක්‍රියා පරිපාටිය

මාගේ වාස වීසා අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ?

  • විදේශ ගමන් බලපත්‍රයේ / නව විදේශගමන් බලපත්‍රයේ පිටපත
  • ස්ථාවර තැන්පතුව අලුත්කිරීමේ සහතිකය සහ ඉතිරිකිරීමේ ගිණුම පිළිබඳ බැංකු ප්‍රකාශය.
  • වෛද්‍ය රක්ෂණ ඔප්පුව අලුත් කිරීමේ නිවේදනය.
  • ශ්‍රී ලංකාවෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන සහතිකය.

ඉල්ලුම් පත්‍ර සහ උපදෙස් සඳහා අප අමතන්න

සිහින නිවහන වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

මගේ සිහින නිවහන වීසා අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කෙසේද ?

මගේ සිහින නිවහන යෝජනා ක්‍රමය යටතේ වීසා අයදුම්කර ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔබට ඔබේ සංචාරක වීසා ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැති අයදුම්පත්‍රය (ETA application) ළඟම ඇති ශ්‍රී ලංකා දූත මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිය.

මගේ සිහින නිවහන වීසා අයදුම්පත්‍රයට අදාළ වන ගාස්තු කොපමණ ද ?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මෙහි ක්ලික් කරන්න.

මගේ සිහින නිවහන වීසා වලංගු වන උපරිම කාලය කොපමණ ද?

වසර 02කි. මෙය නැවත අලුත් කළ හැකිය.

මගේ සිහින නිවහන වීසා අලුත්කරගත හැක්කේ කෙසේද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන වීසා ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (වීසා) වෙත ඉදිරිපත් කළ යුතුය.

මගේ සිහින නිවහන වීසා අලුත් කිරීමේ අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

මගේ සිහින නිවහන වීසා අලුත් කිරීමට අදාළ වෙනත් කොන්දේසි මෙනවාද ?

ඔබේ ගමන් බලපත්‍රයේ දිනය ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාවේ නැවතී සිටීමට ඔබ අදහස් කරන කාලය අවසන් විය යුතුය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13909235