ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ගමන් බලපත්‍ර හා බැඳුනු සේවාවන්

සහතික කිරීමේ සේවාව

ගමන් බලපත්‍රයක ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද ?

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත සේවා මණ්ඩල ශාඛාව මගින් සහතික කිරීමේ සේවාව සපයනු ලැබේ.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිය කියවිලි කවරේද ?

මුල් ගමන් බලපත්‍රය හා සහතික කිරීමට අවශ්‍ය එහි ඡායා පිටපත්.

මෙම සේවාව සඳහා නියමිත සැකසුම් ගාස්තුව කවරේද ?
එක් පිටපතක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 300.00
(සහතික කරනුයේ ප්‍රධාන පිටුව පමණි)

 

පරිවර්තන සේවාව

ගමන් බලපත්‍රයේ ප්‍රධාන දත්ත පිටුවේ හා අදාළ පිටසන්වල අරාබි පරිවර්තනය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූතසේවා මණ්ඩල ශාඛාව මගින් සපයා දෙනු ලැබේ.

මාගේ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගන්නා අදාළ ක්‍රියා පටිපාටිය කුමක් ද ?

අයදුම්කරු ස්වකීය ගමන් බලපත්‍රය ද රැගෙන ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට තමාම පැමිණිය යුතුය.

මෙම සේවාව ලබා ගැනීම සඳහා අදාළ සැකසුම් ගාස්තුව කවරේද ?

එක් ගමන් බලපත්‍රයක් පරිවර්තනය කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 1200.00 අය කරනු ලැබේ.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14517852