ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍ර පිළිබඳව පිළිපැදිය යුතු උපදෙස්

ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරාගත් අවස්ථාවකදී නිසි බලධාරීන්ට දැනුම්දීම ඔබගේ වගකීම වේ. එසේ නොවුනහොත් සමහර විට ඔබේ නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍රය නීති විරෝධී කටයුතු වලට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වරදක් කිරීමට අනුබලදීමේ හෝ සහය දැක්වීමේ චෝදනාවකට ද ඔබ ලක්විය හැකිය.

ඔබ ශ්‍රී ලංකාවේ සිටියි නම් :

  1. ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරාගත් විටකදී ඒ පිළිබඳව හැකි ඉක්මනින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දුරකථන අංක 011 532 9326 හා ෆැක්ස් අංකයට 011-2885358 ට දැනුම් දිය හැකිය. රජයේ නිවාඩු දිනකදී හැර සතියේ දින පහේම පෙව. 8.30 - ප. ව. 4.00 දක්වා මෙම දුරකථන මාර්ගය විවෘතව ඇත.
  2. මේ පිලිබඳව ඔබගේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ද හැකි විගස පැමිණිල්ලක් ඉදිරිපත් කළයුතු වේ.
  3. අදාළ පොලිස් ස්ථානය ඔබේ පැමිණිල්ල පිලිබඳ විස්තර ද සමඟ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ඇත.
  4. එසේ දැනුම්දීමෙන්  අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඔබගේ එම විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ඇත.
  5. එසේ අවලංගු කිරීමෙන් අනතුරුව එම විදේශ ගමන් බලපත්‍රය මගින් විදේශ ගතවීමට නොහැකිය. මෙසේ නැතිවූ විට හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව ලොවපුරා බෙදා හරින බැවින් අනිසි ආකාරයට භාවිතා කිරීමට නොහැකිය. තවද නැතිවූ විට හෝ සොරාගත් ගමන් බලපත්‍රය සම්බන්ධව පැමිණිලි කිරීමෙන් පසු අවස්ථාවක එය නැවත ඔබ වෙත ලැබුනද එය භාවිතා කිරීමෙන් වලකින්න. එසේම කිසියම් අපහසුතාවයකට පත් නොවීම සඳහා හැකි ඉක්මනින් නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවවාද කෙරේ.

ඔබ විදේශයක සිටියි නම් :

  1. ඔබ පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඒ පිලිබඳ පොලිස් වාර්තාවක් ලබාගන්න.
  2. නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍රය පිලිබඳ පැමිණිලි කිරීමේ අයදුම්පතක් බාගත කරගන්න.
  3. පොලිස් පැමිණිල්ල සමඟ පුරවන ලද අයදුම්පත්‍රය ලඟම පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
  4. ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනු ඇත.
  5. එසේ අවලංගු කිරීමෙන් අනතුරුව එම විදේශ ගමන් බලපත්‍රය මගින් විදේශ ගතවීමට නොහැක. මෙසේ නැතිවූ විට හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ස්වයංක්‍රීයව ලොවපුරා බෙදා හරින බැවින් අනිසි ආකාරයට භාවිතා කිරීමට නොහැකිය. තවද නැතිවූ විට හෝ සොරාගත් ගමන් බලපත්‍රය සම්බන්ධව පැමිණිලි කිරීමෙන් පසු අවස්ථාවක එය නැවත ඔබ වෙත ලැබුනද එය භාවිතා කිරීමෙන් වළකින්න. එසේම කිසියම් අපහසුතාවයකට පත් නොවීම සඳහා හැකි ඉක්මනින් නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අවවාද කෙරේ.

වෙනත් අයකුගේ ගමන් බලපත්‍රයක් ඔබට ලැබුනේ නම්, ඝනකම් ලිපි කවරයක බහා පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

නැතිවූ / සොරාගත් විදේශ ගමන් බලපත්‍ර පිලිබඳ තොරතුරු දැන්වීමේ අංශය
ජාත්‍යන්තර සබඳතා ඒකකය
3 මහල
ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව
"සුහුරුපාය",
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව

වැදගත් කරුණු

  1. නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමෙන් වළකින්න.
  2. නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරන බැවින් විදේශ ගමන් සඳහා එම ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැකිය.
  3. එම විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර පොලිසිය වෙත ස්වයංක්‍රීයව විසුරුවා හැරේ.
  4. කිසියම් අවස්ථාවකදී නැතිවූ හෝ සොරාගත් විදේශ ගමන් බලපත්‍රය ඔබ වෙත යලිත් ලැබුනේ නම්, ඉහත ලිපිනයට එය යොමු කරන්න. එම  විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර නැවත ඔබ වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් එම  ගමන් බලපත්‍රය ඔබ වෙත නැවත භාර දෙනු ලැබේ.
  5. ගමන් බලපත්‍රයක්  නැතිවූ හෝ සොරාගත් බවට පැමිණිලි කොට අවලංගු කිරීමෙන් පසු එය නැවත වලංගු කිරීමට නොහැකිය.



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13880455