ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



වාස වීසා

වාස වීසා යනු විශේෂ කාර්යයන් සදහා පදිංචිවීමේ පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලාංකික නොවන අයෙකුට ලබාදෙන අවසර පත්‍රයකි. ශ්‍රී ලංකාවේ නැවතී සිටීම සහ ඔවුන් වෘත්තීයක නිරතවිම මෙරට ජනතාවගේ ශුභ සිද්ධියට හානිදායක නොවන බවට නියමිත බලධාරියා සෑහීමට පත්වන අවස්ථාවලදී,  අදාළ වීසා කාණ්ඩයේ සඳහන් කර ඇති කරුණ සඳහා පදිංචිවීමේ පහසුකම් දීර්ඝ කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් වෙත එය නිකුත් කරනු ලැබේ.

වැදගත්

වාස වීසා බලපත්‍රයක් ලබා ගැනීමට නම් විදේශ රටක ඇති ශ්‍රී ලාංකික දූත මණ්ඩලයක් විසින් ආගමන හා විගමන පාලක ජනරාල්ගේ එකගත්වය ඇතිව නිකුත් කරනු ලබන ඇතුල්වීමේ වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීම අවශ්‍යවේ. ශ්‍රී ලාංකික වාස වීසා ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව රටට ඇතුළු වීමේ වීසා ලබා ගන්නා අවස්‍ථාවේදී සදහන් කළ යුතු අතර ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලිපිලේඛන ද ඉදිරිපත් කළ යුතු ය.

පහත සඳහන් 1, 2, 3, 4, 5, සහ 9 කාණ්ඩවල වාස වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා පැමිණීමේ වීසා බලපත්‍ර සලකා බලනු නොලැබේ.

 

සේවා නියුක්ති කාණ්ඩය

  1. රජය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා සේවාව අවශ්‍ය වන ව්‍යාපෘති සේවා නියුක්ත කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ යැපෙන්නන්

  2. ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI) යටතේ පවතින ව්‍යාපෘතිවල සේවයේ නියුතු ප්‍රවාසික කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ යැපෙන්නන්

    වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

    මගේ වාස වීසා ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද ?

    ඔබේ වීසා ඉල්ලුම් පත්‍රය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

    මගේ වාස වීසා ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන මොනවා ද ?

    ආයෝජන මණ්ඩලය

    • ආයෝජන මණ්ඩලයේ සහතිකය
    • නියෝජනය කරනු ලබන සමාගමේ /ආයතනයේ ඉල්ලීම් ලිපිය
    • ආයෝජන මණ්ඩලයේ ගිවිසුම
    • සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකය
    • සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර
    • සමාගමේ සමාගම් ව්‍යවස්ථාව
    • ආයෝජන මණ්ඩලයේ නිර්දේශය
    • ඔබගේ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
    • විදේශ ගමන් බලපත්‍ර/ය

    ව්‍යාපෘතිය

    • ව්‍යාපෘති කාර්යාලයේ ඉල්ලීම
    • රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය හෝ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය
    • ව්‍යාපෘතියේ ගිවිසුම
    • ඔබගේ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • විදේශ ගමන් බලපත්‍ර

    මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවා ද ?

    වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා කරුණාකර මෙතැනින් පිවිසෙන්න.

    මාගේ වාස වීසා බලපත්‍රයේ වලංගු කාල සීමාව කොපමණ ද ?

    ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ අදාළ බලධාරියා විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය වර්ෂයක් පාසා අළුත් කළ හැකිය.

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

    කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

    මගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

    ඔබේ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

  3. බැංකුවල සේවයේ නියුක්ත කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්

    වාස වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින් 

    මාගේ වාස වීසා අයදුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද ?

    ඔබට ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

    මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

    • බැංකුවේ ඉල්ලීම
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය
    • ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU  මගින් ලබා ගත හැක.)
    • විදේශ ගමන් බලපත්‍ර

    මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ වන ගාස්තු කොපමණ ද ?

    වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

    මාගේ වාස වීසා බලපත්‍රයේ වලංගු කාල සීමාව කොපමණ ද ?

    ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ අදාළ බලධාරියා විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය වර්ෂයක් පාසා අළුත් කළ හැකිය.

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

    කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

    මගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

    ඔබේ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

  4. පෞද්ගලික සමාගමක සේවයේ නියුක්ත කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්

    වාස වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?
     
    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

    මාගේ වාස වීසා අයදුම් පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද ?

    ඔබට ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

    මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

    • නියෝජනය කරනු ලබන සමාගම /ආයතනයේ ඉල්ලීම් ලිපිය
    • සාමගම ලියාපදිංචි කිරීමේ සහතිකය
    • සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර
    • සමාගමේ සමාගම් ව්‍යවස්ථාව
    • රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය
    • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
    • විදේශ ගමන් බලපත්‍ර/ය
    • සමාගම් පරමාර්ථ ප්‍රකාශය හා  සමාගම් ව්‍යවස්ථාව
    • රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය
    • ඔබේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )

    මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තුව කොපමණ ද?

    වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

    මාගේ වාස වීසා බලපත්‍රයේ වලංගු කාලය කොපමණද?

    ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ අදාළ බලධාරියා විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය වර්ෂයක් පාසා අළුත් කළ හැකිය.

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

    කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර අදාළ රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය ද සමඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

    වාස වීසා බලපත්‍රයක් අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

    ඔබේ විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

ආයෝජක කාණ්ඩය

මූල්‍යමය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති පුද්ගලයන්

ආයෝජක වීසා බලපත් කාණ්ඩ සහ කොන්දේසි මොනවාද?
 

  1. රන් පාරාදීස වීසා

    අදාළ වන්නේ : රන් පාරාදීස වීසා වැඩසටහන - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200 ක වීසා ගාස්තුවක්
     
     

    අවම ආයෝජනය

    කාලසීමාව
    රන් පාරාදීස වීසා

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලබන ඕනෑම වාණිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 200,000 ක තැන්පතුව

    (රන් පාරාදීස වීසා නිකුත් කිරීමේ දිනයේ සිට පළමු වසර සම්පූර්ණ වීමෙන් පසුව 50%ක අවම ආයෝජනයක් දක්වා ආයෝජකයින්ට මුදල් ආපසු ගත හැක.)

    වසර 10

    වැඩි විස්තර සඳහා පිවිසෙන්න.
     
  2. සෘජු ආයෝජන

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන් -
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : අදාළ රේඛීය අමාත්‍යාංශය / ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  (BOI)

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200
     
     

    අවම ආයෝජනය

    කාලසීමාව
    සෘජු ආයෝජන

    ඇමෙරිකානු ඩොලර් 300,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 500,000

    වසර 10
  3. සහාධිපත්යල දේපලක ආයෝජනය කිරීම

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200

     
     

    අවම ආයෝජනය

    කාලසීමාව අවසර ලැබෙන පුද්ගලයන්
    පුද්ගලයන්
    සහාධිපත්‍ය දේපල
    (නාගරික ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 200,000

    වසර 10 අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහාධිපත්‍ය දේපල
    (නාගරික ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 150,000

    වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක් අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහාධිපත්‍ය දේපල
    (තදාසන්න ප්‍රදේශ)

    ඇමෙරිකානු ඩොලර් 75,000

    වසර 5 සහ දීර්ඝ කළ හැකි කාලසීමාවක් අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    අයදුම්කාර සමාගම
    සහාධිපත්‍ය දේපල
    නාගරික ප්‍රදේශ)
    1. ඇමෙරිකානු ඩොලර් 500,000 ක සහාධිපත්‍යයක්
    2. ඇමෙරිකානු ඩොලර් 150,000 කට අධීක වටිනාකමින් යුතු සහාධිපත්‍ය ඒකක එකක් හෝ දෙකක්, එකතුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක් විය යුතුය.
    වසර 5 අධ්‍යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්
    සහාධිපත්‍ය දේපල
    (තදාසන්න ප්‍රදේශ)

    එකක් ඇමෙරිකානු ඩොලර් 75,000 කට අධීක වටිනාකමින් යුතු සහාධිපත්‍ය ඒකක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, එකතුව අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක් විය යුතුය.

    වසර 5 අධ්‍යක්ෂවරුන් 4, ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්

    පියවර 1
    වීසා කාර්යයන් සඳහා සහශ්‍ර දේපල ලියාපදිංචි කිරීම
    අදාළ අයදුම්පත (3 ආකෘතිය) මෙතැනින් බාගත කරගන්න.
    සහශ්‍ර දේපල සංවර්ධක විසින් ඉල්ලීමේ ලිපියක් සමඟින් මෙම අයදුම්පත ආගමන හා විගමන දෙපාර්තමේන්තුව  වෙත බාර දිය යුතුය.

    පියවර 2
    (තනිසහශ්‍ර ඒකකය මිළදී ගනු ලබන) අයදුම්කරු / අයදුම් කරනු ලබන සමාගම විසින් පහත සඳහන් ලේඛන සමඟින් අයදුම්පත බාර දිය යුතුය.

    1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද වාස වීසා අයදුම්පත (අයදුම්පත මෙතැනින් බාගත කරගන්න. )
    2. අයදුම්කරුගේ ස්වයං ප්‍රකාශය  (අයදුම්පත මෙතැනින් බාගත කරගන්න. )
        ආකෘතිය 1 (තනි පුද්ගල අයදුම්කරුවන් සඳහා )
        ආකෘතිය 2 (අයදුම් කරනු ලබන සමාගම් සඳහා )
    3. සහතික කරන ලද ඔප්පුව සහ ඔප්පුවේ මුල් පිටපත
    4. හිමිකම් වාර්තාව සහ තක්සේරු වාර්තාව හෝ ඉඩම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පුරවන ලද ආකෘතිය 04
     
  4. භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර  බිල්පත් සහ සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීම්

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : ශ්‍රී ලංකා මහ බැංකුව

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200
     
     

    අවම ආයෝජනය

    කාලසීමාව
    භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර  බිල්පත් සහ සංවර්ධන බැඳුම්කර

    ඇමෙරිකානු ඩොලර් 250,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 400,000

    වසර 10
  5. ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීම්

    අදාළ වන්නේ - අයදුම්කරු, කලත්‍රයා සහ යැපෙන්නන්
    සහායකයින්, ආහාර පිසින්නන්, රැකබලා ගන්නන් (මාසික ප්‍රේෂණය - එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර්1500)

    නිර්දේශ කරනු ලබන බලධාරියා : ශ්‍රී ලංකා මහ බැංකුව / ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC)

    වීසා ගාස්තුව : වසරකට ඇමෙරිකානු ඩොලර් 200
     
     

    අවම ආයෝජනය

    කාලසීමාව
    ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ ආයෝජන

    ඇමෙරිකානු ඩොලර් 100,000

    වසර 5

    ඇමෙරිකානු ඩොලර් 200,000

    වසර 10
මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

 

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න. 

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තතුවට ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සහ / හෝ රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය
  • නියෝජනය කරනු ලබන සමාගම /ආයතනයේ ඉල්ලීම් ලිපිය
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) ගිවිසුම්
  • සාමගම ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර
  • සමාගමේ සමාගම් ව්‍යවස්ථාව
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍ර/ය

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර මෙතැනින්  පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය / රේඛීය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර අදාළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සහ / හෝ රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය ද සමඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

වාස වීසා බලපත්‍රයක් අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

පූජක පක්ෂය / ආගමික කටයුතුවල නියැලෙන්නන්

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින් 

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • ආගමික සංවිධානයෙන් ලබාගත් ඉල්ලීමේ ලිපිය
  • රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
  • විදේශ ගමන් බලපත්‍ර/ය

අධ්‍යාපන කාණ්ඩය

  • විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
  • රජයේ අනුමත අධ්‍යාපනික ආයතනවල ශිෂ්‍යයන්
  • ස්වේච්ඡා
  • සීමාවාසිකයින් (Internship holders)

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින් 

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා

  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය
  • විශ්ව විද්‍යාලයෙන් ලබාගත් ලිපිය
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක.)
  • විදේශ ගමන් බලපත්‍ර/ය

වෙනත් ශිෂ්‍යයන් සඳහා සහ වයස අවුරුදු 16ට අඩු ශිෂ්‍ය‍යෙකුගේ  භාරකරුවකු සඳහා

  • අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරන ලද ඉල්ලීම් ලිපියක්
  • නිසි ලෙස සම්පූර්ණ කරන ලද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රය (මෙතැනින් බා ගත කර ගන්න)
  • අදාළ තානාපති / මහා කොමසාරිස් කාර්යාලයේ නිර්දේශය
  • එක් පුද්ගලයකු සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 1500/- ක් බැගින් වටිනා බැංකු මුදල් කුවිතාන්සි
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
  • විදේශ ගමන් බලපත්‍ර/ය

ස්වේච්ඡා පුද්ගලයන් සඳහා

  • ස්වේච්ඡා සංවිධානයෙන් ලබා ගත් ඉල්ලීම් ලිපියක්
  • රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශය
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක)
  • විදේශ ගමන් බලපත්‍රය/ය

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ රේඛීය අමාත්‍යාංශය හෝ අධ්‍යාපනික ආයතනය විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහා
වෙනත් ශිෂ්‍යයන් සඳහා සහ වයස අවුරුදු 16 ට අඩු ශිෂ්‍ය‍යෙකුගේ භාරකරුවකු සඳහා

  • අධ්‍යාපන ආයතනයෙන් / විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් ඉල්ලීමේ ලිපියක්
  • රේඛීය අමාත්‍යාංශයේ/ අදාළ තානාපති කාර්යාලයේ/ මහ කොමසාරිස් කාර්යාලයේ නිර්දේශය
  • එක් පුද්ගලයකු සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 1500/- ක් බැගින් වටිනා බැංකු මුදල් කුවිතාන්සි
  • ශිෂ්‍යායාගේ වත්මන් වසරේ කාර්ය සාධන වාර්තාව
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
  • විදේශ ගමන් බලපත්‍ර/ය

ස්වේච්ඡා පුද්ගලයන් සඳහා

  • අදාළ රේඛීය අමාත්‍යාංශයේ හා ආයතනයේ නිර්දේශය සහිතව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත දීර්ඝ කර ගැනීම සඳහා වන අයදුම්පත ඉදිරිපත් කළ යුතුවේ.
  • ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )

වාස වීසා බලපත්‍රයක් අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින් 

මාගේ වාස වීසා බලපත්‍රය අලුත් කිරීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවාද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

ස්වෙච්ඡා පුද්ගලයන් / රාජ්‍ය නොවන සංවිධාන / ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කාණ්ඩය

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්ත කාර්ය මණ්ඩල

  • සංවිධානයේ ඉල්ලීම
  • රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ නිර්දේශය.
  • අදාළ වන්නේ නම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද වැඩ කිරීමේ අවසර පත්‍රය
  • ශ්‍රී ලංකාව සහ අදාළ රට අතර අත්සන් කරන ලද ගිවිසුමේ හෝ අවබෝධතා ගිවිසුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්.
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
  • විදේශ ගමන් බලපත්‍ර/ය

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන

  • සංවිධානයේ ඉල්ලීම
  • ආරක්ෂක අමාත්‍යාංශය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ / විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිර්දේශය
  • අදාළ වන්නේ නම්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද වැඩ කිරීමේ අවසර පත්‍රය
  • ශ්‍රී ලංකාව සහ අදාළ රට අතර අත්සන් කරන ලද ගිවිසුමේ හෝ අවබෝධතා ගිවිසුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්.
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )
  • විදේශ ගමන් බලපත්‍ර/ය

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර මෙතැනින් පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා හෝ රේඛීය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන කාල පරිච්ඡේදයක් සඳහා වලංගු වේ. එය වාර්ෂිකව අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

වාස වීසා බලපත්‍රයක් අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය

1954 ඉන්දු ලංකා ගිවිසුමෙන් ආවරණය වන ලියාපදිංචි ඉන්දියානුවන්

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න. 

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය. 

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • ඉල්ලීමේ ලිපිය
  • ලියාපදිංචිවීමේ සහතිකය
  • විවාහ සහතිකය
  • වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතික.
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍ර/ය

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින්  පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

  • ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා වලංගු වේ.
  • එය වාර්ෂිකව අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

ශ්‍රී ලාංකිකයන්ව සිටි තැනැත්තන් සහ යැපෙන්නන්

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • උප්පැන්න සහතිකවල මුල් පිටපත හෝ පුරවැසි පනතේ 5 (2) වගන්තිය යටතේ උපත ලියාපදිංචි කිරීමේ ලේඛනය
  • ලියාපදිංචි වීමෙන් පුරවැසිබව ලබා ඇත්නම් පුරවැසි සහතික
  • විවාහ සහතිකය (අදාළ වන්නේ නම්)
  • යැපෙන්නන්ගේ උප්පැන්න සහතික (අදාළ වන්නේ නම්)
  • විදේශ ගමන් බලපත්‍ර/ය

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

  • ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් සඳහා වලංගු වේ.
  • එය වාර්ෂිකව අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් පත්‍ර  බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

කලත්‍ර වීසා වර්ග මොනවාද?

කලත්‍ර වීසා ලබා දීමේ ක්‍රියා පරිපාටිය
  කලත්‍ර වීසා වර්ගය වීසා කාලසීමාව වීසා ගාස්තුව විශේෂ සටහන්
1
  1. අයදුම් කරන අවස්ථාව වනවිට මාස හයකට වඩා වැඩි කාලයක් විවාහය පැවති ශ්‍රී ලාංකික පුරවැසියකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයා සහ
  2. ඉහත (i) හි සඳහන් ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාගේ එක් එක් යැපෙන දරුවකු.
පළමු නිකුත් කිරීම වසර 01 නොමිලේ වයස අවුරුදු 22 වනතෙක් වයස අවුරුදු 16 හෝ ඊට ඉහළ යැපෙන දරුවන් සඳහා වීසා ගාස්තු අදාළ වනු ඇත
දීර්ඝ කිරීම් *කලත්‍ර වීසාවේ  වසර 05 ක් සම්පූර්ණ වනතෙක් වරකට වසර 02 බැගින්
*කලත්‍ර වීසාවට   වසර 05 ක් සම්පූර්ණ වීමෙන් පසු වරකට වසර 05 බැගින්
නොමිලේ
2 නැවත විවාහ නොවූ, මිය ගිය ශ්‍රී ලාංකිකයකුගේ  ශ්‍රී ලාංකික නොවන කලත්‍රයකු සඳහා
(රැකියාවක නියැලීම සඳහා අනුමැතිය සහිතව)
වර්ෂ 01 වසරකට ඇමෙරිකානු ඩොලර් 100 බැගින් * රැකියා කොන්ත්‍රාත්තුව මත වීසා කාලසීමාව රඳා පවතිනු ඇත.
3 වසර දහයකට නොඅඩු කාලසීමාවක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවත් වන ලාංකික පුරවැසියකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයකු සඳහා (රැකියාවක නියැලීම සඳහා අනුමැතිය සහිතව) වර්ෂ 01 වසරකට ඇමෙරිකානු ඩොලර් 100 බැගින් * රැකියා කොන්ත්‍රාත්තුව මත වීසා කාලසීමාව රඳා පවතිනු ඇත.
4 වයස අවුරුදු දහ අටට අඩු දරුවන් සිටින, වෙන්ව ජීවත් වන ලාංකික පුරවැසියකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයකු සඳහා
(රැකියාවක නියැලීම සඳහා අනුමැතිය සහිතව)
වර්ෂ 01 වසරකට ඇමෙරිකානු ඩොලර් 100 බැගින් * රැකියා කොන්ත්‍රාත්තුව මත වීසා කාලසීමාව රඳා පවතිනු ඇත.

විශේෂ සටහන් :
අ. විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලසීමාව මත වීසා පිරිනැමීමේ කාලසීමාව රඳා පවතිනු ඇත.
ආ.  වීසා පිරිනැමීමේ අභිමත බලය ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සතුවේ.
ඇ. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරක්ෂක නිෂ්කාෂණ වාර්තාව ලබා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් ඉහත ක්‍රියා පරිපාටිය වෙනස් විය හැක.

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

  • ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.
  • ශ්‍රී ලාංකික කලත්‍රයා සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණිම අවශ්‍යවේ.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

කලත්‍රයන්

  • විවාහය සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක නිසි බලධාරයකු විසින් සහතික කරන ලද විවාහ සහතිකය
  • ශ්‍රී ලාංකික කලත්‍රයාගේ උප්පැන්න සහතිකය සහ ලියාපදිංචි විමෙන් පුරවැසියකු වූවෙකු නම්, ශ්‍රී ලාංකික පුරවැසිබව සනාථ කිරීම සඳහා ලිපිලේඛන
  • ශ්‍රී ලාංකික කලත්‍රයාගේ විදේශ ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත
  • දික්කසාද වී ඇත්නම් දික්කසාද තීන්දුව සහ පෙර සිටි කලත්‍රයා මිය ගොස් ඇත්නම් මරණ සහතිකය
  • ශ්‍රී ලාංකික කලත්‍රයාගේ අභිමතය
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍ර/ය

දරුවන් ශ්‍රී ලාංකිකයන් නොවන්නේ නම්

  • දරුවන්ගේ උප්පැන්න සහතික (ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටක නිසි බලධාරයකු විසින් සහතික කරන ලද ඉංර්‍ගිසි පරිවර්තන)
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍ර/ය

මගේ වාස වීසාව නැවත අළුත් කර ගත හැක්කේ කෙසේද?

  • ශ්‍රී ලාංකික කලත්‍රයාගේ අභිමතය දැක්වෙන ලිපියක්ද සමඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත  කාලසීමාව දිගු කර ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.
  • ශ්‍රී ලාංකික කලත්‍රයා සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අවශ්‍ය වේ.

මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරී වීසා

  • ශ්‍රී ලංකා විදේශ ධූත මණ්ඩලයන්ට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් සහ නිලධාරීන් හා ඔවුන්ගේ යැපෙන්නන්


    වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

    • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.


    මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

    ඔබේ වීසා අයදුම් පත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

    මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

    • විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය
    • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    • විදේශ ගමන් බලපත්‍ර/ය


    මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

    වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

    මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

    ඔබේ වාස වීසා බලපත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද කාලසීමාව සඳහා වලංගුවේ.

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

    කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් පත්‍ර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සමඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

    මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

    • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
    • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

    මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

    ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

වෛද්‍ය වීසා

වෛද්‍ය වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇත්තේ කාහටද?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින පුද්ගලයන් හා ඔවුන්ගේ වෛද්‍ය සහායකයෙකු

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • වෛද්‍යවරයා හෝ වෛද්‍ය නිලධාරියා විසින් නිර්දේශ කරන ලද ලිපිය (ආයුර්වේද හෝ හෝමියෝපති ඇතුළුව)
  • වෛද්‍ය වාර්තාව
  • ඔබේ වෛද්‍ය වියදම් වෙනුවෙන් එක් පුද්ගලයකු සඳහා වසරකට අමෙරිකානු ඩොලර් 1500/- ක් බැගින් වටිනා බැංකු මුදල් කුවිතාන්සි)
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • විදේශ ගමන් බලපත්‍ර/ය
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

ඔබේ වාස වීසා බලපත්‍රය එක් වර්ෂයක් හෝ වෛද්‍යවරයා / වෛද්‍ය නිලධාරී විසින් නිර්දේශ කරනු ලබන කාලසීමාවක් සඳහා වලංගු වේ. එය වාර්ෂිකව අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් පත්‍ර බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

අධිකරණ වීසා

අධිකරණයේ පවත්නා නඩුවක පාර්ශ්වයක් ලෙස තම ඉදිරිපත් කිරීම් සිදු කිරීම සඳහා ශ්‍රි ලංකාවේ අධීකරණයේ නඩුවක් සඳහා පෙනී සිටින පුද්ගලයන්

මට වාස වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද?

ඔබේ වීසා අයදුම් පත්‍රය කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ හැකිය.

මාගේ වාස වීසා අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු වන ලිපිලේඛන මොනවා ද?

  • ඉල්ලීමේ ලිපිය
  • ඊළඟ නඩු ඇසීමේ දිනය සඳහන් කරමින් අළුත්ම අධීකරණ වාර්තා
  • අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
  • සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ( www.health.gov.lk/IHU මගින් ලබා ගත හැක. )

මාගේ වාස වීසා බලපත්‍රයට අදාළ ගාස්තු මොනවාද?

වීසා ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

මාගේ වාස වීසා බලපතේ වලංගු කාල සීමාව කොපමණද?

ඔබේ වාස වීසා බලපත්‍රය ඊළඟ නඩු අසන දිනයේ සිට දින 14 ක් සඳහා වලංගු වේ. එය නඩු වාර්තා මත රඳා පවතිමින් අළුත් කළ හැකිය.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගත හැක්කේ කෙසේ ද ?

කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් පත්‍ර බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මට වාස වීසා බලපත්‍රය නැවත අළුත් කර ගැනීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණය කර ගත හැකි පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

මාගේ වාස වීසා බලපත්‍රය අළුත් කර ගැනීමට අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?

ඔබේ ගමන් ලේඛනයේ වලංගු කාල සීමාව ඉකුත් වීමට යටත් පිරිසෙයින් මාස දෙකකටවත් ප්‍රථම ශ්‍රී ලංකාව තුළ ඔබ නැවතී සිටීමට අදහස් කරන කාලය අවසන් විය යුතුය.

සියලුම වාස වීසා දරන්නන් සඳහා වන වැදගත් නිවේදන

  1. සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම

    2019 ජූනි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට (නව/අලුත් කිරීමේ) වාස වීසා අයදුම්පත් භාර දීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්ම ලබාගත යුතු බවට සියලුම වාස වීසා අයදුම්කරුවන් වෙත මින් දැනුම් දෙනු ලැබේ.
    වැඩි විස්තර සඳහා කරුණාකර පහත සබැඳියාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

    www.health.gov.lk/IHU


    ඉහත සඳහන් සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්මෙන් නිදහස් කරනු ලබන කාණ්ඩයන් පහත පරිදි වේ.
     
    • නිදහස් වන කාණ්ඩයන් :
      1. රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ දරන්නන් හා ඔවුන්ගේ පවුල්
      2. විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලතල යටතට ගැනෙන (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ආදී) ජාත්‍යන්තර සංවිධානයන්ට අනුයුක්ත කරන ලද කාර්ය මණ්ඩල  හා ඔවුන්ගේ පවුල්
      3. USAID, KOICA, JAICA හා එක්සත් ජනපද සාම බලකාය වැනි සංවිධානයන්ට අනුයුක්ත කරන ලද කාර්ය මණ්ඩල
      4. ශ්‍රී ලංකා රජයේ ආරාධනයට අනුව රජයේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/නියෝජිත ආයතන සහ ව්‍යාපෘතිවලට අනුයුක්ත කරන ලද කාර්ය මණ්ඩල
      5. රජයේ ව්‍යාපෘතිවල රජයේ උපදේශකයන් වශයෙන් සේවය කරනු ලබන කාර්ය මණ්ඩල
      6. ආයෝජකයින්, අධ්‍යක්ෂවරුන්  සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ ප්‍රවාසිකයින් හා ඔවුන්ගේ යැපෙන්නන් ඇතුළුව වාස වීසා අයදුම්කරුවන්ගේ “ආයෝජක කාණ්ඩය“
      7. ජනාධිපති ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ විදේශීය සිසුන් (සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්මේ ඇතුලත් රෝගී තත්ත්වයන් සඳහා රජයේ රෝහලකින් ලබා ගන්නා ලද වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවේ.)

        සෞඛ්‍ය ආරක්ෂණ සැලැස්මේ සඳහන් රෝගී තත්ත්වයන් ගෙන් තොර බව සනාථ කරමින් තමා කැමති ඕනෑම වෛද්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු සහතිකයක් i සිට vi කාණ්ඩයන් සතුවිය යුතුය.
    • නොමිලේ
      පූජ්‍ය පක්ෂයන්
      ශ්‍රී ලංකාවේ නොමිලේ සේවා සැපයීම සඳහා අයදුම්කරු සාධාරණීකරණය කරමින් අදාළ අමාත්‍යාංශය විසින් යොදන ලද පිටසන සමඟින් අයදුම්පත ඉදිරිපත් කළ යුතුවේ.
  2. ආරක්ෂණ නිශ්කාෂණය
    ශ්‍රී ලාංකිකයන්ව සිටි වීසා බලපත් දරන්නන් හැර,  අනෙත් සියළු වාස වීසා බලපත් දරන්නන්ගෙන් ඔවුන්ගේ මව් රටින් හෝ පදිංචිව සිටින රටෙන් ලබා ගත් පොලිස් වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් බලධාරීන් විසින් අවශ්‍ය වන පරිදි ඉල්ලා සිටිය හැක.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13909921