ගාස්තු රහිත වීසා බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන නිල සහ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර හිමියකු / හිමියන් වෙතය.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහිතව විභව අයදුම්කරු සඳහා එක් එක් අවස්ථාවේදී රැඳී සිටීමේ කාලය දින 90 කට සීමා කරමින්, වසරක කාලයක් රැඳී සිටීමට අවසර දෙමින් රාජ්‍යතාන්ත්‍රික/තානාපති කටයුතු සඳහා වීසා බලපත්‍රයකින් බලය ලබා දී ඇති සමස්ත කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට ඇතුළු වීමට බලාපොරොත්තු වන, තෙවන රටකින් ශ්‍රී ලංකාව වෙත බලය පවරා ඇති රාජ්‍යතාන්ත්‍රික/දූත මණ්ඩල නිලධාරියෙකු වෙත නිකුත් කරනු ලබන වීසා බලපත්‍රයකි.
කවුරුන් සඳහාද:
තෙවන රටෙන් ශ්‍රී ලංකාව වෙත බලය ලබා දෙනු ලබන විදේශ දූත මණ්ඩලයක රාජ්‍යතාන්ත්‍රිකයින්/නිලධාරීන්
වීසා කාල සීමාව:
එක් එක් පැමිණීමකදී රැඳී සිටීම දින 90කට සීමා කරමින් වසරක් (වීසා බලපත්‍රයේ වලංගු කාලය සමඟ බහුවාර ප්‍රවේශය)
වීසා ගාස්තුව:
ගාස්තු රහිත පදනම
අයදුම් කිරීමේ ක්‍රමය:
ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය / විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල
අවසර දෙනු ලබන ක්‍රියාකාරකම්:
රාජ්‍යතාන්ත්‍රික හෝ තානාපති කටයුතු ඉටු කිරීම
අවසර නොදෙන ක්‍රියාකාරකම්:
අවශ්‍ය ලිපි ලේඛන:
3 වැනි තීරුවේ සඳහන් කර ඇති කාල සීමාවක් සඳහා 2 වැනි තීරුවේ විශේෂයෙන් සඳහන් කර ඇති විදේශ ගමන් බලපත්‍රයක් සහිත 1 වැනි තීරුවේ සඳහන් කර ඇති රටක පුරවැසියන් වෙත පහත සඳහන් වීසා බලපත්‍ර නිදහස් කිරීම් ලබා දිය යුතුය. :-
| 1 තීරුව | 2 තීරුව | 3 තීරුව |
| රට | විදේශ ගමන් බලපත්‍ර වර්ගය | වීසා කාල සීමාව |
|---|---|---|
| බහරේන් | රාජ්‍ය තාන්ත්‍රික හෝ විශේෂ | පළමු ප්‍රවේශයේ සිට දින එකසිය අසූවක කාලසීමාවක් තුළ දින අනූවක් දක්වා |
| බංග්ලාදේශය | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල දින | දින තිහක් දක්වා |
| බෙලරුස් | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල | දින තිහක් දක්වා |
| බ්‍රසීලය | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සේවා | දින අනූවක් දක්වා |
| කාම්බෝජය | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සේවා | තිහක් දක්වා |
| චිලී | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල | දින අනූවක් දක්වා |
| චීනය | රාජ්‍යතාන්ත්‍රික, නිල, සේවා හෝ රාජ්‍ය කටයුතු | දින තිහක් දක්වා |
| කියුබාව | රාජ්‍ය තාන්ත්‍රික කටයුතු | දින අනූවක් දක්වා |
| ජෝර්ජියාව | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සේවා | ඕනෑම දින එකසිය අසූවක කාලසීමාවක් තුළ දින අනූවක් දක්වා |
| හොංකොං | හොංකොං හි විශේෂ පරිපාලන කලාපයේ පුරවැසියන් | දින තිහක් දක්වා |
| ඉන්දියාව | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල (රාජ්‍ය තාන්ත්‍රික සහ නිල සංචාර සඳහා පමණි.) (ජාත්‍යන්තර සංවිධානයක හෝ නියෝජිතායතනයක සේවය කරන්නේ නම් නිල සහ පෞද්ගලික සංචාර සඳහා වීසා අනුමැතිය ලබා ගත යුතුය.) | දින තිහක් දක්වා |
| ඉන්දුනීසියාව | රාජ්‍යතාන්ත්‍රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
| ඉරානය | රාජ්‍යතාන්ත්‍රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
| කසකස්තානය | රාජ්‍යතාන්ත්‍රික හෝ සේවා | දින තිහක් දක්වා |
| කෙන්යාව | රාජ්‍යතාන්ත්‍රික හෝ නිල | දින තිහක් දක්වා |
| මාලදිවයින | රාජ්‍යතාන්ත්‍රික, නිල හෝ සාමාන්‍ය | දින අනූවක් දක්වා |
| මියන්මාරය | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
| ඕමානය | රාජ්‍යතාන්ත්‍රික, විශේෂ හෝ සේවා | පළමු ප්‍රවේශයේ සිට දින එකසිය අසූවක කාලයක් තුළ දින අනූවක් දක්වා |
| පකිස්ථානය | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල | දින තිහක් දක්වා |
| පිලිපීනය | රාජ්‍යතාන්ත්‍රික හෝ නිල | දින තිහක් දක්වා |
| කටාර් | රාජ්‍ය තාන්ත්‍රික සහ විශේෂ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් | දින තිහක් දක්වා |
| රුමේනියාව | රාජ්‍යතාන්ත්‍රික | ඕනෑම දින එකසිය අසූවක කාලසීමාවක් ඇතුළත දින අනූවක් දක්වා |
| රුසියාව | රාජ්‍යතාන්ත්‍රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
| සීෂෙල්ස් | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සාමාන්‍ය | සෑම සංචාරයකදීම දින හැටක් සහ වසරකට දින අනූවක සමුච්චිත කාලය |
| සිංගප්පූරුව | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සාමාන්‍ය | දින තිහක් දක්වා |
| තායිලන්තය | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල | දින අනූවක් දක්වා |
| යුක්රේනය | රාජ්‍ය තාන්ත්‍රික, සේවා හෝ නිල | දින හැටක කාලසීමාවක් ඇතුළත දින තිහක් දක්වා |
| වියට්නාමය | රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල | දින අනූවක් දක්වා |
| බෙනින් | රාජ්‍ය තාන්ත්‍රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |