සංචාරක පැමිණීමේ වීසා
සෑම සංචාරකයෙක්ම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය (ETA) අයදුම් කළ යුතුය.
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා කරුණාකර https://www.eta.gov.lk වෙත පිවිසෙන්න.
මාගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කර ගත හැක්කේ කෙසේ ද ?
ශ්‍රී ලංකාවට ඇතුළු වන සෑම නිර්ව්‍යාජ සංචාරකයකුටම ඇතුල්වීමේ තොටුපොළේදී බලයලත් නිලධාරීන් විසින් ලබා දෙන ගොඩබැසීමේ බලපත්‍රයේ සඳහන් වීසා කාලය අවසන් වීමට පෙර වීසා දිගුවක් සඳහා අයදුම් කළහැකිය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ (ප්‍රධාන කාර්යාලය) හෝ https://www.eta.gov.lk සබැඳිය හරහා මාර්ගගතව දින 30ක් ඉක්මවා මාස දෙකක (02) කාලසීමාවකට වීසා දිගුවක් ලබා දිය හැකිය. කෙසේ වෙතත්, තව දුරටත් දීර්ඝ කිරීම සඳහා සලකා බලනු ලබන්නේ සාධාරන හේතු මත පමණි. ශ්‍රී ලාංකිකයන්ව සිටි පුද්ගලයන් සඳහා මෙම සීමා කිරීම අදාල නොවේ.
පැමිණීමේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය වන ලේඛන මොනවාද ?
කෙටි කාලීන වීසාවක් ලබා ගන්නා අයෙකු ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතියක් ලබා රට තුලට පිවිසිය යුතුය. ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය ලැබෙන තුරු කිසිදු විදෙශිකයකු ශ්‍රි ලංකාවට නොපැමිණිය යුතුය.
සංචාරක වීසා
* වීසා බලපත්‍රය රැගෙන යාම සඳහා අයදුම්කරු පැමිණීම අනිවාර්ය වේ. (ආගමන හා විගමන දෙපර්තමෙන්තුවේ (ප්‍රධාන කාර්යාලය) පමණක් අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයන්)
ව්‍යාපාරික වීසා
* වීසා බලපත්‍රය රැගෙන යාම සඳහා අදාළ පුද්ගලයා හෝ ව්‍යාපාරික ආයතනයේ බලයලත් නියෝජිතයකු පැමිණිය යුතුය.
මට සංචාරක වීසා බලපත්‍රයක් අලුත් කිරීමේ අයදුම්පතක් ලබාගත හැක්කේ කොතැනින්ද ?
මාගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කිරීම සඳහා අදාළ අනෙකුත් කොන්දේසි මොනවා ද ?
ඔබගේ සංචාරක ලෙඛනයේ කල් ඉකුත්වන දිනට අවම වශයෙන් මාස දෙකකටවත් පෙර ඔබ ශ්‍රී ලංකාවේ රැදී සිරීමට අදහස් කරන කාලසීමාව අවසන් විය යුතුය.
මාගේ ව්‍යාපාරික වීසා බලපත්‍රය අලුත් කර ගත හැක්කේ කෙසේද ?
සියලුම වීසා දීර්ඝ කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට (ප්‍රධාන කාර්යාලය) ඉදිරිපත් කළ යුතුය.
මාගේ ව්‍යාපාරික වීසා බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කොතැනින්ද ?
මාගේ ව්‍යාපාරික අරමුණු වීසා බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා අදාළ වන අනෙකුත් කොන්දේසි මොනවාද?
ඔබගේ වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා අවශ්‍ය ලේඛනමය සාක්ෂි අදාළ ශ්‍රී ලාංකික සමාගම/ නියොජිතායතනය/ ආයතනය ආදිය විසින් ඉදිරිපත් කළ යුතුය. ඔබගේ සංචාරක ලෙඛනයේ කල් ඉකුත්වන දිනට අවම වශයෙන් මාස දෙකකටවත් පෙර ඔබ ශ්‍රී ලංකාවේ රැදී සිරීමට අදහස් කරන කාලසීමාව අවසන් විය යුතුය.