ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභියෙකු ස්වකීය ගමන් බලපත්‍රයේ ඇතුලත් දත්ත සංශෝධනය සඳහා ඉල්ලුම් කර, දෙපාර්තමේන්තුව මගින් එම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, එම සියලුම සංශෝධන. නීරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුලත් කරනු ලැබේ.

(මුද්‍රණය කරගත හැකි අයදුම්පත මෙතනින් බා ගත කරගන්න)

අනිකුත් වෙනස් කිරීම්

වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල.
  • මහනුවර, මාතර, වවුනියාව, කුරුණෑගල සහ යාපනය පිහිටි ප්‍රා‍දේශීය කාර්යාල.
  • විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගන්න.

වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද ?

  • කොළඹ ප්‍රධාන කාර්යාලය
  • මහනුවර, මාතර, වවුනියාව, කුරුණෑගල සහ යාපනය ප්‍රාදේශීය කාර්යාල
  • විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල

වෙනස් කිරීම් සඳහා කොපමණ කල් ගතවේද ?

පැය 1 යි මිනිත්තු 30 කිනි.

වෙනස් කිරීම් සඳහා සැකසුම් ගාස්තුව කවරේද ?

පහත වගුව බලන්න.

මාගේ ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?

ගමන් බලපත්‍රයක තොරතුරු වෙනස් කිරීම  සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග පහත වගුවේ දැක්වෙන ආකාරයට අවශ්‍ය ලියකියවිලි සහ ඡායා පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතුය.


සැ.යු - මුල් පිටපත් සමග ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.

වෙනස් කිරීම් අවශ්‍ය ලියකියවිලි අදාළ ගාස්තු
නම වෙනස් කිරීම ගමන් බලපත්‍රය හා අදාල පරිදි උප්පැන්න සහතිකය හෝ විවාහ සහතිකය ශ්‍රී ලංකා රු. 1,200.00
දරුවාගේ නම ඉවත් කිරීම ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා රු. 1,200.00
වෘත්තීය ඇතුළත් කිරීම වෘත්තිය සනාථ කරන හෝ සුදුසුකම් සනාථ කරන ලියකියවිලි ශ්‍රී ලංකා රු. 1,200.00
ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම ජාතික හැඳුනුම්පත ශ්‍රී ලංකා රු. 1,200.00
තනි ගමන අවලංගු කිරීම ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 1,200.00
ඉන්දියාව, නේපාලය පමණක් අවලංගු කිරීම ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකය ශ්‍රී ලංකා රු. 1,200.00
අනිකුත් වෙනස් කිරීම්   ශ්‍රී ලංකා රු. 1,200.00



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
48041731