ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ගමන් බලපත්‍ නිකුත් කිරීම


සාමාන්‍ය ගමන් බලපත්‍ර

සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

  1. වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  2. ඡයාරූප ශාලා ලදු පත
  3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
  4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
  5. අවශ්‍ය වන්නේ නම්, විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
  6. වෘත්තියට අදාල අධ්‍යාපන සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගතහැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්. (අධ්‍යාපන හා වෘත්තීය)

භික්ෂුන් වහන්සේලා සඳහා:

  • භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

* දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

  1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
  3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
  4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
  5. අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්.

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

  1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  2. මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට
  3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය සකසා භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 30 ක්
හදිසි පදනම - එදිනම

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍ර ගාස්තුව කවරේද ?

සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල්  10,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල්  20,000.00

 

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර

ගමන් බලපත්‍රයේ විශේෂයෙන් සඳහන් කළ ඇතොත් මිස, මෙම ගමන් බලපත්‍ර සියලුම රටවල් සඳහා අවුරුදු 10කට වලංගුවේ. අතිශයින් වැදගත් පුද්ගලයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ විදේශික දූත මණ්ඩල වල  නියමිත තනතුරු වලට පත් කරනු ලැබූ පුද්ගලයින්‍ට මෙම ගමන් බලපත්‍රය නිකුත් කරනු ලබයි.

"මේ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ ලේඛනය සඳහා චක්‍රලේඛය බලන්න"

අයදුම්පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
  2. අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්.
  3. මහනුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද ?

  1. වත්මන් ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (කරුණාකර විස්තර සදහා පහල බලන්න*)
  2. ඡයාරූප ශාලා ලදු පත
  3. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
  4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
  5. විවාහ සහතිකය සහ ඡායා පිටපතක් අවශ්‍ය පරිදි (විවාහයෙන් පසු නම සනාථ කිරීම සඳහා)
    • පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා  පාර්ලිමේන්තුව මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.
    • විදේශ තනතුරු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.
    • අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ඉල්ලීමේ ලිපියක්.

* දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

  1. කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසුම් ගාස්තුව කවරේද ?

සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 10,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රු. 20,000.00 

 

රාජකාරී ගමන් බලපත්‍ර

රාජකාරී ගමන් බලපත්‍ර ඉල්ලුම් කළ හැක්කේ කාටද ?

පහත සඳහන් කාණ්ඩවල පුද්ගලයන් සඳහා රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ, –

ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව, මාතර, මහනුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්

ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

  • දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  • ඡයාරූප ශාලා ලදු පත
  • ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපතක් සහ ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයෙහි මුල් පිටපත සහ ඡායා පිටපතක්.
  • අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්.(විවාහයෙන් පසු භාවිතා වන නාමය සනාථ කරගැනීම සඳහා)
  • පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධාන රේඛීය අමාත්‍යාංශය වලින් ඉල්ලීමේ ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ ප්‍රධානියාගෙන් ඉල්ලීමේ අඩංගු ලිපියක්.

* දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කුමන ස්ථානයකටද ?

කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය

රාජකාරී ගමන් බල පත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද ?

සාමාන්‍ය පදනමින් : ශ්‍රී ලංකා රු. 10,000.00
හදිසි පදනමින් : ශ්‍රී ලංකා රු. 20,000.00    

 

හදිසි සහතික (EC)

හදිසි සහතිකයක් යනු කවරේද ?

හදිසි සහතිකයක් යනු ඉන්දියාවට සහ නේපාලයට ගමන් කරන බෞද්ධ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පමණක් නිකුත් කෙරෙන ගමන් බලපත්‍රයකි.

වර්තමානයේ පවතින අධික ගමන් බලපත්‍ර ඉල්ලුම නිසා ඇති වී තිබෙන වාතාවරණය යථා තත්ත්වයට පත්වන තෙක් දඹදිව වන්දනාවේ යෙදෙන වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ටද ඇඟිලි සළකුණු ලබා ගැනීම  සහිතව ඉන්දියාව හා නේපාලයේ සංචාරය සඳහා නිකුත් කරනු ලබන හදිසි සහතික ලබා ගැනීම සඳහා අවස්ථාව සලසනු ලැබේ.

මෙහිදී ඉල්ලුම්කරුගේ පැමිණීම අත්‍යවශ්‍ය වන අතර දඹදිව විදේශ සංචාර සංවිධානය කරන ආයතනය මගින් සිදුකරන ලිඛිත නිර්දේශයද අත්‍යවශ්‍ය වේ.

මෙම ලේඛනය අවුරුදු 2කට පමණක් වලංගු වන අතර බලපත්‍ර ඉල්ලා සිටිවිට එය තව අවුරුදු 2ක් දක්වා දීර්ඝ කළ හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය බලන්න.   

සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන කවරේද ?

  1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (වැඩි විස්තර සඳහා මෙහි පහත බලන්න*)
  2. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් ලේඛනය සහ එහි ඡායා පිටපතක්.
  3. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්.

මා ළඟ උප්පැන්න සහතිකයක් හෝ ජාතික හැඳුනුම් පතක් නැතිනම් මා කළ යුත්තේ කුමක් ද ?

පහත සඳහන් ලේඛන එකක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන. එනම්, –

  • ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ වැඩිහිටි අනන්‍යතා සහතිකය සහ එහි ඡායා පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය සහ එහි ඡායා පිටපතක්.
  • පිරික්සුම් ප්‍රතිඵලය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
  • අනුමාන වයස් සහතිකය සහ ඡායා පිටපතක්. (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද)

* දැනටමත් ඔබ සතුව වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය ඉල්ලුම් පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලුම්පත්‍රය ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • කොළඹ ආගමනහා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
  • වවුනියාව මාතර මහනුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින්,
  • ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්,

ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කුමන ස්ථානයකටද?

  • කොළඹ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
  • වවුනියාව මාතර මහනුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට.

හදිසි සහතික පත් භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 30 ක්
හදිසි පදනමින් - සේවාවක් නොමැත

හදිසි සහතික සඳහා සැකසුම් ගාස්තු කවරේද ?

සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 500.00 (හදිසි පදනමින් – අදාළ නැත.)

 

යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් බලපත්‍ර (NMRP)

මෙම ලේඛන කවරේද ?

මෙම ලේඛන වනාහි ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ විදේශයේ සිටියදී කල් ඉකුත් වී ඇති විට ශ්‍රී ලාංකිකයින් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

එම ලේඛන ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද ?

විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින් මෙම ලේඛන ලබාගත හැකිය.

ඉල්ලුම් කළ හැක්කේ කවදාද ?

ඔබ පෙරලා ටික කලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකිය.

වලංගු කාලය කුමක් ද ?

යන්ත්‍රයෙක් කිව නොහැකි බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් බලපත්‍රයක් වලංගු වන්නේ ශ්‍රී ලංකාවට එක් වරක් ගමන් කිරීමට පමණි.

ඉල්ලුම් පත්‍රය ලබාගත හැක්කේ කුමන ස්ථානයකින්ද?

  • විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින්
  • අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්,

ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ කෙසේ ද ?

විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයට භාර දීමෙන්

 

හඳුනා ගැනීමේ සහතිකය (IC)

හඳුනාගැනිමේ සහතිකය යනු කුමක් ද ?

විදේශිකයකුගේ ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ ලංකාවේ  සිටියදී කල් ඉකුත් වී ඇති විට විදේශිකයන් වෙත නිකුත් කරන බලපත්‍රයයි.

හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැක්කේ කෙසේද ?

කොළම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව අමතා ශ්‍රි ලංකා මුදලින් රු. 3500.00 ක් ගෙවා එදිනම හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැකිය. 

 

වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලකා ගමන් බලපත්‍ර (වලංගු කාලය අවුරුදු 3 හෝ 10)

බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?

වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද ?

අයදුම්පත් භාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය දෙමව්පියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම්පතට ඇමිණිය යුතුය.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?

  • අයදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
  • ඡයාරූප ශාලා ලදු පත
  • දෙමව්පියන්ගේ ගමන බලපත්‍රය (දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුළත් පිටුවේ ඡායා පිටපත් සමඟ).
  • දෙමව්පියන්ට ගමන් බලපත්‍රයක් නොමැති නම් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
  • දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්. (දෙමවුපියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය)
  • දැනට වලංගු ගමන් බලපත්‍රයක් ඇත්නම් එය සහ දත්ත පිටුවේ ඡායා පිටපතක්.

දරුකමට හදාගත් ළමයෙකු සඳහා ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නේ නම් පහත සඳහන් අමතර ලියකියවිලි අවශ්‍ය වේ.

  • දරුකමට හදාගත් බවට සහතිකයක්
  • ඒ සඳහා අධිකරණ නියෝගය
  • පරිවාස හා ළමා රක්ෂණ කොමසාරිස් විසින් නිකුත් කළ ලිපියක්

විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය.

අයදුම්කරුගේ දෙමාපියන් සතුව වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් නොමැති නම්, ඒ බව තහවුරු කරමින් දිවුරුම් ප්‍රකාශයක් හා ජාතික හැඳුනුම්පත.

දෙමාපියන් මිය ගොස් ඇත්නම් මරණ සහතිකය, නීත්‍යානුකූල භාරකරුගේ හඳුනාගැනීමේ ලේඛනය, නීත්‍යානුකූල භාරකරු විසින් නිකුත් කරන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරනු ලදුව ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද වාර්තාව.

 දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් විදේශගත වී ඇත්නම්, ඔවුන් විසින් ලබාදෙන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවල පිටපත් අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුයි.

දෙමව්පියන් දෙදෙනොම විදේශගත වී ඇත්නම් නීත්‍යානුකූල භාරකරුට දෙමව්පියන් විසින් ලබාදෙන ලද පිළිගත හැකි බලය පැවරීමේ ලිපිය අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුය.

දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් ලබාදෙන ලද අධිකරණ නියෝගය.

දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරනු ලදුව ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කිරීමේ ලිපියක්.

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?

වලංගු කාලය අවුරුදු 3ක් සඳහා

සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 3,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල්  9,000.00

වලංගු කාලය අවුරුදු 10ක් සඳහා

සාමාන්‍ය පදනමින් -  ශ්‍රි ලංකා රුපියල් 10,000.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 20,000.00

 

දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට බාලවයස්කරුවන් ඇතුළත් කිරීම.

බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?

වයස අවුරුදු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස නම් කරනු ලැබේ.

දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවලට ළමයින් ඇතුළත් කළ හැකිද ?

දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවලට 2015 අගෝස්තු 10 දින සිට ළමයින් ඇතුලත් කරනු නොලැබේ. වයස් භේදයකින් තොරව දරුවන් සඳහා වෙනම ගමන් බලපත්‍රයක් ලබාගත යුතුය.   

 

ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය

ශ්‍රී ලංකාවේ හා වෙනත් රටක යන දෙරටෙහිම පුරවැසිභාවය දරන තැනැත්තෙකුට පහත ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය.
(අයදුම්පත්‍රයේ මුද්‍රණීය පිටපතක් මෙතැනින් බාගත කර ගැනීම මඟින්)

  • සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
  • ඡයාරූප ශාලා ලදු පත
  • ද්විත්ව පුරවැසිභාවය ලද සහතිකය සහ ඡායා පිටපතක්.
  • පුරවැසිභාවය ලබා ගත් අනිකුත් රටේ ගමන් බලපත්‍රය හා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා තිබේ නම් එම ගමන් බලපත්‍රය (ජීව දත්ත අඩංගු පිටුවල ඡායා පිටපත් සමඟ)
  • ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපතක්. (1948 අංක 18 දරණ සංශෝධිත පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෙකුනම්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පසු නව ජාතික හැදුනුම් පතක් ලබාගත යුතුය.)
  • උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.

 

ගමන් බලපත්‍රයක් නැතිවූ අවස්ථාවක පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය.

  • නැතිවූ ගමන් බලපත්‍රයේ අංකය සහිතව පොලිසියට කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත. නැතිවූ ගමන් බලපත්‍රයේ අංකය නොමැති නම් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැක.
  • ගමන් බලපත්‍රය පිටරටක නැතිවූයේ නම්, එම රටේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නිකුත් කළ (NMRP) තාවකාලික ගමන් ලියවිල්ල. (ඡායා පිටපතක් සමඟ)
  • නිකුත් කොට වසරකට අඩු කාලයක් තුල නැතිවූ ගමන් බලපත්‍ර - ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 20,000 ක දඩ මුදලක්.
  • නිකුත් කොට වසරකට වැඩි කාලයක් තුල නැතිවූ ගමන් බලපත්‍ර - ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 15,000 ක දඩ මුදලක්.
    (මෙම දඩ මුදල අයකරනු ලබන්නේ නැතිවූ ගමන් බලපත්‍රයේ අදාල වලංගු කාලය ඉක්මවා නොමැති නම් පමණි.) 

විශේෂ දැන්වීමයි – ඉහත ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14746590