ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය




අපගැන

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත හා එයට පසුකාලීනව සිදු කරන ලද සංශෝධනයන්ගේ විධිවිධාන ප්‍රකාරව රට තුළට සහ  රටින් බැහැරට සිදුවන අවිධිමත් සංක්‍රමණයන් හඳුනා ගැනීම, වළක්වාලිම, නියාමනය කිරිම හා පාලනය කිරීමේ  කාර්යය පැවරී ඇත.


දැක්ම

"ආගාමික හා විගාමික නීතිය බලාත්මක කිරීමෙන් සුරක්ෂීතවූත්. සමෘද්ධිමත්වූත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම"


මෙහෙවර

“රටේ සංස්කෘතිය ආරක්ෂා කරමින් ආර්ථික සංවර්ධනය මගින් සුරක්ෂීතවූත් සමෘද්ධිමත්වූත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරී හා ප්‍රතික්‍රියාකාරී ලෙස ආගාමික හා විගාමික නීතිය කාර්යයක්ෂමව හා අනුකූලතාවකින් යුක්තව බලාත්මක කිරීම“

  1. අරමුණු
    1. මෙරටට ඇතුළු වීමෙන් ආගාමික හා විගාමික පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමට විභවයක්  ඇතැයි සැලකෙන තැනැත්තන් මෙරටට ඇතුළුවීමට පෙර, රටට ඇතුළුවන අවස්ථාවේදී හා පැමිණීමෙන් පසුව හඳුනා ගැනීමේ අරමුණු ඇතිව ඇගයීම
    2. මෙරට රැඳි සිටීමෙන් ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරන්නාවූ විදේශීකයන් හඳුනා ගැනීම සහ ඉවත් කිරීම කාර්යත්ෂමව සිදු කිරීම.
    3. ආගාමික හා විගාමික පනත යටතේ වරදක් සිදු කිරීමට ආධාර හා අනුබල දෙන්නා වූ පුද්ගලයන් හඳුනා ගැනීම සහ  ඒ හා සම්බන්ධ නෛතික කටයුතු සිදු කිරීම.
    4. තැනැත්තන් වෙළදාම සහ මිනිස් ජාවාරම සිදුවිය හැකි හා සිදුවන අවස්තා හඳුනා ගැනීම සහ වැඩිදුර විමර්ෂණ සඳහා ඒවා යොමු කිරීම.
    5. වීසා නිකුත් කිරීම, දීර්ඝ කිරීම හා ඒ හා සම්බන්ධ අවස්තාවල දී විමර්ෂණ වාර්ථා ලබා දීම.
    6. විදේශිකයන් රටින් ඉවත් කිරීම, පිටුවහල් කිරීම,තැනැත්තන් රඳවා තබාගැනීම හා වෙනත් අනුශාංගික කරුණු සම්බන්ධව අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම.
    7. විමර්ශන ක්‍රියාවලියේ සැමවිටම අනුකූලතාවය පවත්වා ගෙන යාම.
    8. නිතිය බලාත්මක කිරීමේ කටයුතු සඳහා හවුල්කාර පාර්ශව සමග තොරුතුරු හුවමාරු කර ගැනීම. ප්‍රවර්ධනය කරිම.
       
  2. පනත් සහ රෙගුලාසි.
    1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
    2. 1955 අංක 16,1961 අංක 68, 1993 අංක 16, 1998 අංක 42, 2006 අංක 31, 2015  අංක 7 හා 2021 අංක  27  දරණ පනත්වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ රෙගුලාසි.
    3. දණ්ඩ නීති සංග්‍රහය
    4. අපරාද නඩු විධාන සංග්‍රහය
    5. සාක්ෂි ආඥා පනත
    6. 1948 අංක 18 දරන පුරවැසි පනත සහ සිදු කරන ලද සංශෝධන.


ඇමතුම් තොරතුරු.

ලිපිනය :-විමර්ශන අංශය,ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,06 වන මහල,“සුහුරුපාය”,බත්තරමුල්ල.
ක්ෂණික ඇමතුම් ‍:-0115749999
දුරකථන :-       0114199318
ව්ද්යුිත් තැපෑල - acinvestigation@immigration.gov.lk
ෆැක්ස් - 0112885358


නිලධාරී ඇමතුම් තොරතුරු.

පාලක (විමර්ශන හා මෙහෙයුම්)

  • නම    :- එම්.ජී.වී.කාරියවසම් මහතා
  • කාර්යාල දුරකථන අංකය :- 0112101564

සහකාර පාලක (විමර්ශන)

  • නම    :- එස්.ඒ.ජේ.ප්‍රසන්න කුමාර මහතා
  • කාර්යාල දුරකථන අංකය  :-0112101565


"හරි පාරෙන් රට යමු"


 

නිතර අසන පැන

ආගමික හා විගාමික පනතට අනුව,රැකියාවක් අපේක්ෂා කරන්නා වූ විදේශිකයකු නීත්‍යානුකූලව සේවයේ යෙදවිය හැකිද යන වග සේවා යෝජකයා විසින් තහවුරු කරගත යුතුය.
  • පළමුව විදේශිකයෙකු සතුව වලංගු  ගමන් බලපත්‍රයක් තිබිය යුතුය.
  • රැකියාවක් අපේක්ෂා කරන්න්වූ විදේශිකයකු පැමිණීමේ වීසා/පැමිණීමේ පිටසන ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණිය යුතුය.
  • තොටුපළකින් ඇතුළුවන අවස්ථාවේ දී නැවතීම සඳහා ලබා දෙන්නා වූ කාල පරිච්ඡේදය තුළ විදේශිය සේවකයකු විසින් වාස වීසා අයදුම් කළ යුතුය.
නැත.ඔහු/ඇය විසින් වර්තමාන සේවා ස්ථානය සඳහා වාස වීසා ලබා ගැනීම අවශ්‍ය වේ.එක් කාර්යයක් වෙනුවෙන් පමණක් වාස වීසා ලබාදේ.
නැත.එය නීත්‍යානුකූල නොවේ.
ආගමික හා විගාමික පනත යටතේ සේවා යෝජකයා දඩ මුදලක් ගෙවීමට/දඩුවම් ලැබීමට යටත්ය.
කරුණාකර වීසා අංශයෙන් විමසන්න. ඇමතුම් තොරතුරු සබැඳිය
නැත.එය නීත්‍යානුකූල නොවේ.
නැත. ඔහු / ඇය වලංගු වීසාවක් ලබාගත යුතුය.
නැත. ඔහු / ඇය රට තුළ රැදී සිටීම සඳහා වලංගු වීසාවක් ලබා ගත යුතුය.



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14721812