ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



විශේෂ විධිවිධාන

ඉන්දීය සම්භවය ඇති පුද්ගලයින්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.

ඉන්දීය සම්භවය ඇති පුද්ගලයන්ට 1988 අංක 39 දරණ පනත හා 2003 අංක 35 දරණ පනත යටතේ ඔවුන්ගේ ඉල්ලීම මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත්‍ර නිකුත් කිරීම.

ඔබට මෙම වර්ගීකරණය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත්‍ර ඉල්ලීමට සුදුසුකම් තිබේද ?

පුරවැසි පනත නියමිත දිනට පෙර සිට  (1948.11.15) ඔබ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ඉන්දීය සම්භවය ඇති පුද්ගලයකු නම් හෝ එවන් පුද්ගලයකුගෙන් පැවත එන්නෙකු නම් සහ ඔබ පරම්පරාවෙන් ශ්‍රිලංකාවේ පුරවැසියකු නොවන්නේනම්   මෙම වර්ගීකරණය යටතේ ඔබට  ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඉල්ලුම් පත්‍රයක් ලබා ගත හැක්කේ කෙසේද?

  1. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඉන්දු-ලංකා පුරවැසි අංශය, "සුහුරුපාය",ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල.
  2. ඉල්ලුම්පතේ මුද්‍රිත පිටපත බාගත කර ගැනීම.  
ඉල්ලුම්පත්‍රයේ  අංකය විස්තරය
IC/C/SPA 1988 අංක 39 දරණ පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
C/P/O/2003/01 2003 අංක 35 දරණ පනතේ විධිවිධාන ප්‍රකාර පුරවැසි සහතික පත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
C/P/O/2003/02 2003 අංක 35 දරණ පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ශ්‍රි ලාංකික පුරවැසිභාවය  ලබා  ගැනීම සඳහා ඉන්දීය ගමන් බලපත්‍ර දරන්නන් කල යුතු විශේෂ ප්‍රකාශය.

ඉල්ලුම්පත සම්පූර්ණ කිරීම සඳහා  උපදෙස්

  1. 1988 අංක 39 දරණ පනත ප්‍රකාර ඉල්ලුම් පත්‍රය (අංක 1988/01 මාර්ගෝපදේශය බලන්න)
  2. 2003 අංක 35 දරණ පනත ප්‍රකාර ඉල්ලුම් පත්‍රය (අංක 2003/01 මාර්ගෝපදේශය බලන්න)

ඉල්ලුම්පත්‍රය සමඟ භාරදිය යුතු ලේඛන මොනවාද?

  1. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ පිටපතක්
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පතේ පිටපතක් (ඇත්නම්)
  3. ඉල්ලුම්කරුගේ විවාහ සහතිකයේ පිටපතක් (ඇත්නම්)
  4. ඉල්ලුම්කරුගේ දෙමව්පියන්ගේ පුරවැසි සහතිකයේ පිටපතක් (ඇත්නම්)

උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය නොමැති අවස්ථාවලදී පහත ලේඛණ භාර දිය යුතුය.

  1. ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකයක්
  2. ඉල්ලුම්කරුගේ උපත සහ විවාහය සහතික කරන දිවුරුම් ප්‍රකාශයක්

ඉන්දීය ගමන් බලපත්‍ර හිමි අයට පමණක් අවශ්‍ය කරන අමතර ලිපි ලේඛණ

  1. 2003 අංක 35 පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ප්‍රකාශය භාරගත් බවට නිකුත් කළ දැනුම් දීමේ ලිපියේ පිටපතක්
  2. ඉල්ලුම්කරුගේ ඉන්දීය ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක්

සම්පූර්ණ කළ අයදුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද?

බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාර, “සුහුරුපාය” ගොඩනැගිල්ලේ පිහිටි  ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ    6 වන මහලේ ඉන්දු - ලංකා පුරවැසි අංශයට සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා පැමිණ භාරදිය හැකිය. නැතහොත් තැපෑලෙන් යොමු කළ හැකිය.

පුරවැසි සහතිකය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේවිද?

  1. නීතියට අනුව ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට සේවා දින 60 කින්
  2. උපදෙස් අනුව ඉල්ලුම් පත්‍රය සාර්ථකව භාර දී ඇත්නම් සේවා දින 30 ක් ඇතුලත පුරවැසි සහතිකය නිකුත් කරනු ඇත.

මෙම පුරවැසි වර්ගීකරණය සඳහා අදාළ නෛතික විධිවිධාන මොනවාද?

  1. 1988 අංක 39 දරණ ආදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සහ  එහි පසුව සිදු වූ සංශෝධන
  2. 2003 අංක 35 දරණ ඉන්දීයානු සම්භවය සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත හා පසුව සිදු වූ සංශෝධන
  3. 2003 අංක 35 දරණ ඉන්දීයානු සම්භවය සහිත තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනතේ 02 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඉන්දීය ගමන් බලපත්‍ර හිමි අයට දැනුම් දීමේ ලිපි නිකුත් කිරිම.

චීන සම්භවයක් ඇති තැනැත්තන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීම.

1948.11.15 දින හෝ ඊට පෙර  ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින චීන සම්භවයක් ඇති තැනැත්තන්ට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට ලියාපදිංචියෙන්  ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ අරමුණු කොට ගෙන 2008 අංක 38 දරණ දරණ චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත  පනවන ලදී. 2008 10.31 දින සිට බලාත්මක වූ මෙම පනත එහි 09 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව වසර 05 ක කාලයකට  සීමා කොට ඇත. ඒ අනුව පනතේ බලාත්මක කාලසීමාව 2013.10.30 දිනෙන් පසු අහෝසි විය.

එබැවින් දැනට ශ්‍රී ලංකාවේ පදිංචි චීන සම්භවයක් ඇති තැනැත්තන් සදහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා දීමට අදාලව අයදුම්පත් භාර ගැනීම සිදු නොකෙරේ. කෙසේ වුවද මෙම පනතේ 04 වන වගන්තියේ විධිවිධාන අනුව පුරවැසිභාවය පිළිබඳ සහතිකයක් නිකුත් කර ඇති ලියාපදිංචියෙන්  පුරවැසිභාවය ලද තැනැත්තෙකුට හෝ එවැනි තැනැත්තකුගෙන්  පැවත එන්නෙකුට අදාල ලියාපදිංචිය  පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට හැකියාව ඇත.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13913451