ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ද්විත්ව පුරවැසිභාවය

ද්විත්ව පුරවැසි අයදුම්කරුවන් සඳහා උපදෙස්

1. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කළ හැක්කේ

1948 අංක 18 දරන පුරවැසි පනතේ අංක 19, 20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න පුද්ගලයෙකුට පමණි.

   1.  පනතේ 19(2) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයෙකුට හෝ

   2. පනතේ 19(3) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීමට අවශ්‍ය වු අයෙකුට

පමණක් ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා අයදුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය.

 

අයදුම්කළ හැකි කාණ්ඩ සහ  ඉදිරිපත් කළ යුතු ලියවිලි

 

හෝ

හෝ

  ( අදාල බැංකුවෙන් එම මුදල වසර 03 ක් ඇතුලත ආපසු නොගන්නා බව තහවුරු කර ලබාගන්නා සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.)

 

2. අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමට අදාල උපදෙස් -

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පුර්ණ කළ යුතු වේ.  (කරුණාකර ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කරන්න.)
     
  2. අයදුම් පත්‍රයේ * සළකුණ යොදා ඇති සෑම අවස්ථාවකදීම අදාල නොවන වචනය හෝ වචන කපා හරින්න.
     
  3. අයදුම් පත්‍රයේ අදාල නොවන කොටස් වේ නම් අදාල නොවන බව නිශ්චිත ස්ථානයන්හි සඳහන් කරන්න.
     
  4. එකම පවුලක වුවද සෑම අයදුම්කරුවෙකු සඳහාම වෙන් වෙන්ව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වන අතර ඒ සමඟ 3.5  x 4.5 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක්ද ඉදිරිපත් කළ යුතු වේ.  ඉන් එක් ඡායාරූපයක් අයදුම් පත්‍රයේ දකුණු පස ඉහල කෙළවර ඡායාරූපය ඇලවීම සඳහා වෙන්කර ඇති කොටුව තුල අලවන්න.
  5. ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා අයදුම් පත්‍රයේ අංක 1 යටතේ දක්වා ඇති A සිට G දක්වා ඇති සුදුසුකම් අතුරින් එක් සුදුසුකමක් පමණක් සම්පුර්ණ කර තිබීම ප්‍රමාණවත් වේ. ඒ අනුව අදාල සුදුසුකම ඉදිරිපස දැක්වෙන කොටුව තුල (√) සලකුණ යොදන්න.
     
  6. අයදුම්පත්‍රයේ 6 පිටුවේ දක්වා ඇති දිව්රුම් ප්‍රකාශය අයදුම්කරු විසින් සම්පුර්ණ කර එය සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් සහතික කළ යුතු වේ.
     
  7. පුද්ගලික තොරතුරු පත්‍රිකාව ඉංග්‍රීසි කැපිටල්  අකුරින් පිරවිය යුතුය. එම පත්‍රිකාවේ විමසා ඇති සියලුම තොරතුරු සම්පූර්ණ කළ යුතු අතර අඩුපාඩු සහිත අයදුම්පත් ජාතික බුද්ධි සේවාව මඟින් ආපසු හරවා එවනු ඇත.

 

සටහන :

  1. අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන ලේඛන සහතික කළ හැක්කේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ නියෝජ්‍ය / සහකාර පාලකවරයාට හෝ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ තෙවන ලේකම් හෝ ඊට නොඅඩු නිලයක් දරන අයකුට පමණි.
  2. පරිවර්තිත ලේඛන මුල් පිටපත ලෙස සලකණු නොලැබේ. (උදා : උප්පැන්න සහතික, විවාහ සහතික වල ඉංග්‍රීසි පරිවර්තන හා පොලිස් වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තන ආදිය.)
  3. අදාල පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත හෝ විදේශයන්හී පිහිටි විදේශ දූත මණ්ඩල වෙත අයදුම්කරු විසින්ම භාරදිය යුතුය.
  4. ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලට අමතර වෙනත් භාෂාවකින් ඇති ලේඛන ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයන් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
  5. පහත සඳහන් රටවල් හැර වෙනත් රටක් සමඟ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන්  නීතිමය බාදාවක් නොමැති බවට අදාල රටේ රජයෙන් නිකුත් කල ලිපියක් ඉදිරිපත් කල යුතුය.
    ඔස්ට්‍රේලියව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, නවසීලන්තය, ස්විඩනය, ස්විට්සර්ලන්තය, එකසත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාකය, නෝර්වේ, සයිප්‍රස්, වනවාටු ජනරජය, අයර්ලන්තය, බෙල්ජියම, රුසියාව,  ජර්මනිය, පෝලන්තය

3. අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි පිළිවෙල

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර සෘජුවම අයදුම්කරුට පැමිණ ආගමන හා විගමන පාලක ජනරාල් වෙත හෝ අයදුම්කරු විදේශගතව සිටි නම් තමන් පුරවැසිභාවය / වාස වීසා දරන රටෙහි විදේශ දූත මණ්ඩල වෙත භාරදිය හැකිය. විදේශ දූත මණ්ලය වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් (අංක 03 හි දැක්වෙන ලේඛන වල) විදේශ දූත මණ්ඩල ප්‍රධානියා හෝ ඔහු / ඇය විසින් බලය පවරන ලද දූත මණ්ඩල තෙවන ලේකම් හෝ ඊට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය.  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් පුරවැසි අංශයේ නියෝජ්‍ය පාලක හෝ සහකාර පාලක විසින් සහතික කරනු ලැබේ.

දෙපාර්තමේන්තු ලිපිනය

පාලක ජනරාල්,
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,
පුරවැසි අංශය
“සුහුරුපාය“,
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල.
ශ්‍රී ලංකාව

විද්‍යුත් තැපැල : accit@immigration.gov.lk

 
4. ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අදාල ගාස්තු
ප්‍රධාන අයදුම්කරු ඇ. ඩො. 2,000
කලත්‍රයාට ඇ. ඩො.    500
වයස අවුරුදු 22කට අඩු අවිවාහක එක් දරුවකුට ඇ. ඩො.    500
පුරවැසි පනත යටතේ නිකුත් කරන ලබන සහතික වල, අනු පිටපතක් නිකුත් කිරීමේ ගාස්තුව රු.         2,000

ඉහත දක්වා ඇති ගාස්තු අය කරනු ලබන්නේ, අදාල අයදුම්පත්‍ර පරීක්ෂා කර බලා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර නියමිත අනුමැතිය ලද පසුව වේ. නියමිත ගාස්තු ගෙවීම සඳහා දොපර්තමේන්තුව විසින් අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑල මගින් (e-mail) දැනුම්දීමක් සිදු කරනු ලබන අතර, එම නියමිත ගාස්තුව බත්තරමුල්ල "සුහුරුපාය" ආගමන හා විගමන දෙපර්තමේන්තුවේ 04 වන මහලේ පුරවැසි අංශයේ සරප් වෙත මුදලින් හෝ හර / බැර බැංකු කාඩ්පත් මගින් (ඇමරිකානු ඩොලර් මගින්) ගෙවීම සිදු කළ හැකි අතර විද්‍යුත් තැපෑල මගින් ලැබෙන උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමයටද (Online) බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකල හැකිය (ඇමරිකානු ඩොලර් මගින්)

  • ද්විත්ව පුරවැසිභාවය සඳහා ගෙවීම් සිදු කරනු ලබන දිනය ද්විත්ව පුරවැසිභාවය ක්‍රියාත්මක වන දිනය වේ.

5. ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගත හැක්කේ කෙසේද?

සහතිකපත් සූදානම්වූ පසු ඒ බව විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙනු ලබන අතර අදාල උපදෙස් පරිදි මෙම දෙපාර්තමේන්තුව වෙත පැමිණ සහතිකපත් ලබාගත හැකිය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
78499996