හෙන්ලෙ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය -2023 (Henley Passport Index 2023) හි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සැලකිය යුතු අයුරින් දියුණු වී ඇති අතර, එය පසුගිය වසරේ සිට ස්ථාන අටක් ඉහළට පැමිණ නවතම ශ්‍රේණිගත කිරීම්වල 95 වන ස්ථානයට පත් වී ඇත.
හෙන්ලෙ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය යනු පූර්ව වීසා බලපත්‍රයක් රහිතව හිමිකරුවන්ට ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව ලෝකයේ සියලුම විදේශ ගමන් බලපත්‍රවල මුල්, බලයලත් ශ්‍රේණිගත කිරීම වේ. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සහයෝගීතාව ඇතිව, ගෝලීය නේවාසික සහ පුරවැසිභාවය පිළිබඳ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් එය වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.
මෙම දර්ශකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු අයුරින් වැඩිදියුණු වී ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලබා ඇත. වීසා රහිතව හෝ පැමිණීමේදී වීසා බලපත්‍ර ලබා ගැනීමත්, වැඩි රටවල් ගණනකට ප්‍රවේශ වීමත් සමඟින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය වර්තමානයේ පුරවැසියන්ට වැඩි ගෝලීය සංචලතාවක් භුක්ති විඳීම සඳහා ඉඩ සලසයි. ශ්‍රී ලාංකේය විදේශ ගමන් බලපත්‍ර හිමිකරුවන්ට සංචරණය කිරීමත්, ප්‍රවේශ විමේ හැකියාවත් වඩාත් පහසු කරමින් ජාත්‍යන්තර සබඳතා හා වීසා ගිවිසුම්වල ධනාත්මක වර්ධනයන් මෙම ස්ථානය ඉහළ යාමෙන් පිළිබිඹුවේ. ගෝලීය තත්ත්වය ඉහළ නැංවීමටත්, අනෙකුත් ජාතීන් සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමටත් දෙපාර්තමේන්තුව විසින් දරන උත්සාහය ද මෙමඟින් ඉස්මතුවේ.

Free Tourist Visas for Nationals of 40 Selected Countries...
24 05 2026 - 18:40 PM

ලංසු ආරාධනය...
30 03 2026 - 10:30 AM

බදාදා දිනවල කාර්යාලය වසා...
30 03 2026 - 10:10 AM

Free Visa Extension for Foreign Nationals Unable to Depart Sri Lanka Due to Flight...
18 03 2026 - 11:30 AM