වැදගත් නිවේදන
The announcement issued on 13 October 2025, which declared that obtaining an Electronic Travel Authorization (ETA) would be mandatory for all short-stay visitors (tourism and business) to Sri Lanka with effect from 15 October 2025, is hereby revoked until further notice.
All ETA-related services and other visa issuance procedures will continue to operate as they were prior to 15 October 2025 without any change.
ශ්‍රී ලංකාවට පැමිණෙන සියළු සංචාරකයින්ට හෝ ව්‍යාපාරික සංචාරකයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා විද්‍යුත් සංචරණ ඇනුමැතිය ලබා ගත හැක. වැඩිදුර විස්තර සඳහා https://eta.gov.lk වෙත පිවිසෙන්න.
තෙවන පාර්ශ්වයක් විසින් විද්‍යුත් සංචරණ අනුමැතිය සඳහා අයදුම් කරනු ලබන විට https://eta.gov.lk වෙබ් අඩවියෙහි කටයුතු සළසා ඇති පරිදි ගෙවීම් සිදු කළ යුතුවේ. එබැවින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ වරායේදී නැවත ගෙවීම් වලක්වාලමින්, විද්‍යුත් සංචරණ අනුමැති නිල වෙබ් අඩවියට පිවිස ගෙවීම් කිරීමට සැමවිටම සහතික වන්න.
කාර්යාල වේලාවන් මොනවාද?
ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු කුමක්ද?
ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට නීත්‍යානුකූලව රටට ඇතුළුවීම සඳහා පහසුකම් සලසනු ලබන හා ඔවුන් රටේ රැඳී සිටින කාලසීමාව හා එම රැඳී සිටීම පාලනය කරනු ලබන කොන්දේසි නියාමනය කිරීම සඳහා විදේශ ගුවන් ගමන් බලපත්‍රයේ හෝ ඒ හා සමාන ලේඛනයක යොදනු ලබන පිටසනකි.
ශ්‍රී ලාංකික වීසා බලපත්‍ර වර්ග මොනවාද?
පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ/හෝ රැඳී සිටීමට අවසර දෙනු ලබන වීසා වර්ග 3ක් ඇත.
පැමිණීමේ වීසා යනු විදේශීය ජාතිකයකු මෙරටට ඇතුළු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ අභිමතය සනිටුහන් කෙරෙන ඇතුළු වීමේ අවසරපත්‍රයකි. වීසා බලපත්‍රයේ රැඳී සිටීමේ කාලසීමාව හා කොන්දේසි/ය පිළිබඳ විස්තර අඩංගුවේ.
පැමිණීමේ වීසා යටතේ ගැනෙන උප කාණ්ඩ දෙකක් ඇත.:-
සංචාරක වීසා
කෙටි කාලසීමාවක් සඳහා දර්ශන නැරඹීම සඳහා හෝ නිවාඩු ගත කිරීම සඳහා, මිතුරන් හා නෑදෑයන් බැලීම සඳහා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, චිත්‍ර, සංගීත හා නැටුම් ඉසව්වලට සහභාගී වීම සඳහා, ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවශ්‍ය නිර්ව්‍යාජ සංචාරකයින් සඳහා සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි හෝ ද්විත්ව ප්‍රවේශයක් සඳහා නිකුත් කරනු ලැබේ.
ව්‍යාපාරික අරමුණු වීසා
කෙටි කාල සීමාවක් සඳහා ව්‍යාපාරික අරමුණු උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින් වෙත ව්‍යාපාරික අරමුණු වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි, ද්විත්ව හෝ බහු වාර ගමන් සඳහා නිකුත් කළ හැක.
පැමිණීමේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීම
වැඩිදුර විස්තර සඳහා මෙම ස්ථානය මත ක්ලික් කරන්න.
වාස වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට විශේෂ අරමුණු සඳහා නේවාසික පහසුකම් ලබා ගැනීමේ අවසර පත්‍රයකි.
වාස වීසා යටතේ එන උප කාණ්ඩ දහතුනක් (13) ක් ඇත.
මා අයත් වන්නේ කුමන යෝග්‍යතා කාණ්ඩයටද?
රැකියා කාණ්ඩය
රාජ්‍ය නොවන සංවිධාන හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්තව සිටින කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්
1954 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ආවරණය වන ලියාපදිංචි ඉන්දියානුවන් - දිර්ඝ කිරීම් පමණි.
හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයන්
රාජ්‍යතාන්ත්‍රික සහ නිල වීසා
මගේ සිහින නිවස (My Dream Home) වීසා වැඩසටහන - වත්මන් වීසා බලපත්‍ර හිමියන් සඳහා දීර්ඝ කිරීම පමණි.
නේවාසික ආගන්තුක වීසා (Residence Guest) වීසා වැඩසටහන - වත්මන් වීසා බලපත්‍ර හිමියන් සඳහා දීර්ඝ කිරීම පමණි.
වෛද්‍ය වීසා
මාර්ගස්ථ වීසා බලපත්‍රයක් යනු විදේශීය ජාතිකයකුට වෙනත් ගමනාන්තයකට යන ගමනේදී අමතර වශයෙන් කෙටි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශවීම සඳහා ලබා දෙන ඇතුළුවීමේ අවසරපතකි.
වීසා ගාස්තු ගෙවීමෙන් නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ කවුද?
ගෙවීම් රහිත වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
රාජ්‍යතාන්ත්‍රික හෝ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් හෝ වලංගු රාජ්‍යතාන්ත්‍රික හෝ නිල පිටසනක් සහිත විදේශ ගමන් බලපත්‍රයක් දරන්නා. රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශයට අනුව ඔවුන් වීසා බලපත්‍රය සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ.
රාජ්‍යතාන්ත්‍රික/රාජකාරී සහ සේවා විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ඔවුන්ගේ කෙටිකාලීන රාජ්‍යතාන්ත්‍රික හෝ නිල සංචාර වෙනුවෙන් වීසා බලපත්‍රයන්ගෙන් නිදහස් කිරීමේ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹී ඇති රටවල් මොනවාද?
රටවල් ලැයිස්තුව සහ අවසර ලබා දී ඇති කාලසීමාව මෙහි ඇති සබැඳුම හරහා කරුණාකර බලන්න.
ශ්‍රී ලාංකික වීසා සඳහා සපුරාලිය යුතු සාමාන්‍ය අවශ්‍යතා මොනවාද?
ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔබවෙත වීසා බලපත්‍රයක් ලබා දීම හෝ නිකුත් කිරීම සිදු කරනු ඇත.
පැමිණිමේ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
වාස වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
මාර්ගස්ථ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
ඔබ හා සම්බන්ධ ගුවන් ගමන සඳහා ඔබ පැය 24කට වැඩි කාලයක් රැඳී සිටින්නේ නම්, ඔබේ පැමිණිමේදී, ඇතුළුවීමේ තොටුපලේදී හෝ ඔබේ පැමිණීමට පෙර ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයෙන් හෝ ඔබ මාර්ගස්ථ වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතුය. එය වලංගු වන්නේ පැය 48කට පමණි.
විශේෂ නිවේදනය :
සීමා කරන ලද ජාතීන්හට ඇතුළුවීමේ තොටුපලේදී පැමිණීමේ සංචාරක වීසා බලපත්‍ර අයදුම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.