ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



සාමාන්‍ය තොරතුරු

වැදගත් නිවේදන

2012 ජනවාරි මස 1 වන  දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම සංචාරකයින්ට හා ව්‍යාපාරික සංචාරකයින්ට ශ්‍රීලංකාවට ඇතුළුවීම සඳහා ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය (ETA) ලබා තිබිය යුතුය. වැඩිදුර විස්තර සඳහා https://www.srilankaevisa.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

තෙවන පාර්ශවයක් මගින් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය (ETA) සඳහා අයදුම් කිරීමේදී අපගේ https://www.srilankaevisa.lk වෙබ් අඩවියෙහි කටයුතු සළසා ඇති පරිදි ගෙවීම් සිදු කර විද්‍යුත් සංචරණ අනුමැති අයදුම්පත ලැබුණු බවට ලැබුම් හැඟවුම ලබා ගන්න. වලංගු ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතියක් ලබා ගැනීම සඳහා වෙනත් වෙබ් අඩවි හෝ නියෝජිතායතනවලට කරනු ලබන ගෙවීම් වලංගු නොවේ. එබැවින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ වාරයකදී නැවත ගෙවීම් කිරීමක් වලක්වා ගැනීම සඳහා  ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැති නිල වෙබ් අඩවියට පිවිස ගෙවීම් කිරීමට සැමවිටම වගබලා ගන්න.

කාර්යාල වේලාවන් මොනවාද?

  • සියළු අයදුම්පත් භාරගැනීම : පෙව. 8.30 සිට පව. 1.30 දක්වා
  • භාරදෙන ලද අයදුම්පත්‍ර සඳහා පසුව වීස ලබා ගැනීමට පැමිණිය යුතු වේලාව (ලබා ගැනීම) : පෙව. 8.30 සිට පව. 12.00දක්වා

    සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදි කාර්යාලය වසා ඇත. 

ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු කුමක්ද?

ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට රටට ඇතුළුවීම සඳහා නීත්‍යානුකූලව පහසුකම් සලසන හා ඔවුන් රටේ රැඳී සිටින කාලසීමාව හා එම රැඳී සිටීම පාලනය කෙරෙන කොන්දේසි දැක්වීමට විදේශ ගමන් බලපත්‍රයේ  යොදනු ලබන පිටසනක් හෝ ඒ හා සමාන ලේඛනයකි.

ශ්‍රී ලාංකික වීසා බලපත්‍ර වර්ග මොනවාද?

පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ/හෝ රැඳි සිටීමට අවසර දෙනු ලබන වීසා වර්ග 3ක් ඇත.

පැමිණිමේ වීසා (Visit Visa)

පැමිණිමේ වීසා බලපත්‍රයක් යනු විදේශිකයකුට මෙරටට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැමැත්ත සටහන් කෙරෙන ඇතුළු වීමේ අවසරපත්‍රයකි. මෙම වීසා බලපත්‍රයෙහි රැඳී සිටීමේ කාලසීමාව හා කොන්දේසි පිළිබඳ විස්තර අඩංගුවේ.

පැමිණිමේ වීසා යටතේ උප කාණ්ඩ දෙකක් ඇත.:-

  1. සංචාරක වීසා

    කෙටි කාලයක් සඳහා දර්ශනීය ස්ථාන නැරඹීම සඳහා  හෝ නිවාඩු ගත කිරීම සඳහා, මිතුරන් හෝ නෑදෑයන් බැලීම සඳහා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, චිත්‍ර, සංගීත හා නැටුම් ඉසව්වලට සහභාගී වීම සඳහා, ක්‍රීඩා ඉසව් නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවශ්‍ය නිර්ව්‍යාජ සංචාරකයින් සඳහා සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ.

    ව්‍යාපාරික අරමුණු වීසා

    කෙටි කාලයක් සඳහා ව්‍යාපාරික අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින් වෙත ව්‍යාපාරික අරමුණු වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි හෝ බහු වාර පිවිසුම් සඳහා නිකුත් කළ හැක.

වාස වීසා

වාස වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට විශේෂ අරමුණු සඳහා නේවාසික පහසුකම් ලබා ගැනීමේ අවසර පත්‍රයකි.
වාස වීසා යටතේ එන උප කාණ්ඩ දහ තුනක් (13) ක් ඇත.

මා අයත් වන්නේ කුමන යෝග්‍යතා කාණ්ඩයටද?

  1. රැකියා කාණ්ඩය

    • රජය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා සේවා අවශ්‍ය වන වෘත්තීය කාර්ය මණ්ඩල
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ව්‍යාපෘතිවල සේවයේ නියුතු විදේශගත කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්
    • බැංකුවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ යැපෙන්නන්
    • පුද්ගලික සමාගමක සේවයේ නියුතු කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ යැපෙන්නන්
       
  2. ආයෝජක කාණ්ඩය
    • ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට කැමැත්ත දක්වන පුද්ගලයන්
    • ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන පුද්ගලයන්
     
  3. ආගමික කාණ්ඩය
    • පැවිදි සාමාජිකයන්
    • ආගමික කටයුතුවල යෙදෙන කාර්ය මණ්ඩල
       
  4. ශිෂ්‍ය කාණ්ඩය
    • විශ්වවිද්‍යාල සිසුන්
    • රජය විසින් අනුමත කරන ලද අධ්‍යාපනික ආයතනවල සිසුන්
    • ස්වේච්ඡා සේවකයන්
       
  5. රාජ්‍ය නොවන සංවිධාන හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්තව සිටින කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්

  6. 1954 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ආවරණය වන ලියාපදිංචි ඉන්දියානුවන්.

  7. හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්

  8. ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයන්

    • කලත්‍රයන් සහ යැපෙන්නන්
    • විදේශික ජාතිකත්වය දරන දරුවන්
       
  9. රාජ්‍යතාන්ත්‍රික සහ නිල වීසා

    • ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලයකට අනුයුක්තව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් හා නිලධාරීන්.
    • ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්
       
  10. මගේ සිහින නිවස (My Dream Home) වීසා වැඩසටහන

  11. නේවාසික ආගන්තුක වීසා (Resident Guest) වීසා වැඩසටහන

  12. වෛද්‍ය වීසා

    • වෛද්‍ය ප්‍රතිකාර ලබන පුද්ගලයින්
    • වෛද්‍ය වීසා දරන්නාගේ සහායක සහ යැපෙන්නන්
       
  13. අධිකරණ වීසා
    • අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය යුතු, උසාවියක නඩුවක් පවතින පුද්ගලයා

මාර්ගස්ථ වීසා

මාර්ගස්ථ වීසාවක් යනු විදේශීය ජාතිකයකුට වෙනත් ගමනාන්තයක් කරායන අතරතුර අනියම් වශයෙන් කෙටි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ලබා දෙන ඇතුළුවීමේ අවසරපතකි.

වීසා ගාස්තු ගෙවීමෙන් නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ කවුද?

  • ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්.
  • 1948 පුරවැසි පනතේ 5(2)වගන්තිය යටතේ උපත ලියාපදිංචි කර ඇති වයස අවුරුදු 21දක්වා වන දරුවන්.
  • විදේශීය ජාතිකත්වය දරන ශ්‍රී ලාංකීය දෙමාපියන්ට දාව ශ්‍රී ලංකාවේදි උපන් වයස අවුරුදු 21 ට අඩු දරුවන්.

ගෙවීම් රහිත වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

රාජ්‍යතාන්ත්‍රික හෝ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් හෝ වලංගු රාජ්‍යතාන්ත්‍රික හෝ නිල පිටසනක් සහිත විදේශ ගමන් බලපත්‍රයක් දරන්නා. ඔවුන් වීසා බලපත්‍රය සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ. මේ සඳහා අදාල රේඛීය අමාත්‍යංශයේ නිර්දේශ අවශ්‍ය වේ.

රාජ්‍යතාන්ත්‍රික / රාජකාරී සහ සේවා ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ඔවුන්ගේ කෙටිකාලීන රාජ්‍යතාන්ත්‍රික හෝ නිල සංචාර වෙනුවෙන් වීසා බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමේ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹී ඇති රටවල් මොනවාද?

රටවල් ලැයිස්තුව සහ අවසර දී ඇති කාලසීමාව කරුණාකර මෙහි ඇති සබැඳුම හරහා බලන්න.

ශ්‍රී ලාංකික වීසා සඳහා සපුරාලිය යුතු සාමාන්‍ය අවශ්‍යතා මොනවාද?

  1. ඔබ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසු යැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් සෑහීමකට පත් නම්,
  2. ඔබ ශ්‍රී ලංකාවට ඇතුළු වන කාර්යය ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් අනුමත කරන්නේ නම්,
  3. ඔබ ශ්‍රී ලංකාවට පැමිණි දින සිට අවම වශයෙන් මාස හයක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් දරන්නේ නම්,
  4. ශ්‍රී ලංකාව තුල ඔබ ගත කරන කාලය තුල ඔබේ නඩත්තුව සඳහා සහ ඔබේ විදේශ ගමන් බලපත්‍රය නිකුත්කල රටට ආපසු යාම සඳහාත් ප්‍රමාණවත් අරමුදල් ඔබ සතුව තිබෙන බවට ශ්‍රී ලංකා ආගමන හා විගමන බලධාරීන් සෑහිමට පත්ව අවස්ථාවක,
  5. ඔබ පැමිණීමේ වීසා බලපත්‍ර හිමියෙකු නම් ඔබ වාසය කරන රටට යාමට  ලිඛිත සහතිකයක් (ප්‍රවේශ පත්‍රයක්) හෝ ඔබ අදහස් කරන ඊළඟ ගමනාන්ත රටට යාම සඳහා වීසා බලපත්‍රයක් ඔබ සතුවන්නේ නම්,

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔබට වීසා බලපත්‍රයක් ලබා දීම හෝ නිකුත් කිරීම සිදු කරනු ඇත.

පැමිණිමේ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

  • ඔබ ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළදී වීසා බලපත්‍රයේ සඳහන් කර ඇති කාර්යයන් හැර වැටුප් සහිත හෝ රහිත වෙනත් කිසිදු ආකාරයක රැකියාවක හෝ වෙනත් කිසිදු වෘත්තියක හෝ ව්‍යාපාරයක නිරත නොවිය යුතුය.
  • වීසා බලපත්‍රයේ සටහන් කර ඇති කල් ඉකුත් වීමේ දිනයට පෙර ඔබේ වීසා බලපත්‍රය භාවිතා කළ යුතුය.
  • සඳහන් කර ඇති ඇතුල්වීමේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔබගේ වීසා බලපත්‍රය වලංගුවේ.
  • දින 30ක් ඇතුළත සංචාරක වීසා සඳහා ද්විත්ව පිවිසුම් වාරද, ව්‍යාපාරික වීසා සඳහා බහු පිවිසුම් වාරද හිමි වේ.  ( ඔබ වීසා දිගුවක් සඳහා අයදුම් කරන්නේ නම් මෙම පහසුකම අවසන් වේ.)
  • සියලුම වීසා බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා අයදුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හෝ මෙහි ඇති සබැඳිය හරහා මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. දීර්ඝ කිරීම තනි ප්‍රවේශයක් සඳහා වන අතර ඔබ රටින් පිටවූ පසු ඔබගේ වීසාව අවලංගු වනු ඇත.
  • දැනට, මාර්ගගත ලෙස ව්‍යාපාරික වීසා දීර්ඝ කළ නොහැක.

වාස වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

  • ඔබගේ වීසා බලපත්‍රයේ සඳහන් කොන්දේසි හැර වෙනත් කිසිදු ආකාරයක ක්‍රියාකාරකමක ඔබ නිරත නොවිය යුතුය.
  • එය බහුවාර පිවිසුම් වීසා බලපත්‍රයකි.

මාර්ගස්ථ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

ඔබගේ සම්බන්ධක ගුවන් ගමන සඳහා ඔබ පැය 24කට වැඩි කාලයක් රැඳී සිටින්නේ නම්, https://www.srilankaevisa.lk. හරහා ඔබ මාර්ගස්ථ වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතුය. එය වලංගු වන්නේ පැය 48කට පමණි.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14512506