ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු

ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය

2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව අංකිත ඡායාරූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායාරූප ශාලාවලින් ලබා ගත හැකිය. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායාරූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ශාඛා කාර්යාලවලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.

වැදගත් තොරතුරු :

  1. වයස භේදයකින් තොරව සියලුම ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් පිරවිය යුත්තේ “K ආ. වි. 35 A”  (බාගත කරගන්න) අකෘති පත්‍රයයි. (උපදෙස් පත්‍රිකාව)
  2. අවු. 16ට අඩු ළමුන් ඇතුළු සියලුම අයදුම්කරුවන්, අනුමත කරන ලද ඡායාරූප ශාලාවකින් ලබා ගන්නා ලද අංකිත ඡායාරූපයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
  3. අවු. 16 ත් අවු. 60 ත් අතර සියලුම අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ප්‍රධාන  කාර්යාලය හා ශාඛා කාර්යාල වලදී ලබා ගනු ඇත.
  4. විදේශ දූත මණ්ඩල හරහා ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඇඟිලි සලකුණු සහ ඩිජිටල් ඡායාරූප ලබා නොදී ගමන් බලපත්‍ර ලබා ගත හැකිය.
  5. දෙමාපියන්ගේ ගමන් බලපත්‍ර සඳහා දරුවන් ඇතුළත් කිරිම මින් පසු වලංගු නොවන අතර දරුවන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගත යුතුය.

අංකිත ඡායාරූපය දෙපාර්තමේන්තුවට ලබාදිය යුත්තේ කෙසේද ?

  1. අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡයාරූප ශාලාවකට ගොස් ඔබගේ ඡයාරූපය ලබා ගන්න. මාස 6 ක් ඇතුළත ලබාගන්නා ලද ඡායාරූප පමණක් වලංගු වේ.
  2. ඡයාරූප ශාලාව මගින් ඔබගේ ඡයාරූපය අප දෙපාර්තමෙන්තුවේ දත්ත පද්ධතිය වෙත යොමු කරන අතර ඔබ වෙත ලදු පතක් නිකුත් කරනු ඇත. ගමන් බලපත්‍ර අයදුම්පත සඳහා මුද්‍රිත ඡායාරූප අවශ්‍ය නොවේ.
  3. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණ ඡයාරූප ශාලාවෙන් ලබා දෙන ලදු පත, ගමන් බලපත්‍ර අයදුම්පත හා අනෙකුත් අවශ්‍ය ලිපි ලේඛන සමඟ ලබා දිය යුතුය.

වැඩි විස්තර සඳහා : ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක +94 112 101 500

ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?

ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැකිය.

ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම

ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඒ සඳහා අයදුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් ලබාගත හැකි මෙම සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න.

ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව

දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍රවල වලංගු කාලය අවුරුදු 03 කට හෝ 10 කට දෙමාපිය අවශ්‍යතාව මත ලබගත හැකිය. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැකිය.

වැඩ කරන වේලාවල් මොනවාද ?

අයදුම්පත් භාර ගැනිම,

  • සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා.
  • හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 7.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා.
  • මාර්ගගතව ඉදිරිපත් කළ අයදුම්පත් සම්බන්ධ ගැටළු පිළිබඳ කවුළුව - සතියේ දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා.
    සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.

ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද ?

"සුහුරුපාය", බත්තරමුල්ල පිහිටා ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල - සාමාන්‍ය සේවා / 02 මහල  - එක්දින සේවා) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට මෙම ස්ථානය ක්ලික් (Click) කරන්න.

ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?

  1. සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    • සාමාන්‍ය ගමන් බලපත්‍ර
    • රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
    • රාජකාරී ගමන් බලපත්‍ර
  2. ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා හදිසි සහතික.
  3. විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින් නිකුත් කෙරෙන හඳුනාගැනීමේ  සහතික සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය නෙහැකි ගමන් බලපත්‍රය, හදිසි තනි ගමන් සඳහා

 

ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජෛවමිතික දත්ත ලබා ගැනීම

2015 අගෝස්තු මස 10 වන දින සිට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ජෛවමිතික දත්ත ලෙස අයදුම් කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය තීරණය කර ඇත. අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ලබා ගැනීමට ද කටයුතු සලසා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ජාත්‍යන්තරව පිළිගත් ගමන් බලපත්‍රයක් බවට පත්වනු ඇත.

නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ වන වැදගත් තොරතුරු

අයදුම්පත භාරදීම.

  1. නව අවශ්‍යතා අනුව පිළිවෙල කරන ලද "කේ.ආ.වි.35 A" යන අයදුම් පත්‍රය පමණක් භාවිතා කළ යුතුය. (උපදෙස් පත්‍රිකාව)
  2. මෙම අයදුම් පත්‍රය අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය , මාතර, මහනුවර, වවුනියාව, හා කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල වලින් හෝ www.immigration.gov.lk යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
  3. ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණු ලබා ගන්නා බැවින් සියලුම අයදුම්කරුවන් අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ තම අයදුම්පත භාර දිය යුතු වේ.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ලබා දීම.

  1. මින් පසු මුද්‍රිත ඡායාරූප ලබා දීම අවශ්‍ය නොවේ. සියලුම අයදුම්කරුවන් අප දෙපාර්තමේන්තුවේ අනුමත දිවයින පුරා විසිරී ඇති ඡායාරූප ශාලාවකින් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටි ඡායාරූප ශාලාවකින් එම ඡායාරූප ලබා ගත යුතුයි.
  2. එම ඡායාරූප ශාලා මඟින් ඔබට මුද්‍රිත ඡායාරූප ලබා නොදෙන අතර අන්තර්ජාල භාවිතයෙන් ඔබගේ ඡායාරූප අප දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ලබා දෙනු ඇත.
  3. ඡායාරූප ශාලාව මඟින් ඔබට ලදු පතක් ලබා දෙන අතර එය ඔබගේ අයදුම්පත සමඟ දෙපාර්තමේන්තුවට පැමිණ භාරදිය යුතු වේ.
  4. අනුමත ඡායාරූප ශාලා ලයිස්තුව ජාතික පුවත්පත්වල හා අප වෙබ් අඩවිය   www.immigration.gov.lk හි ප්‍රදර්ශනය කරන අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලද දර්ශනය කරනු ඇත.
     

ඇඟිලි සලකුණු ලබා ගැනීම

  1. 1948 අංක 20 දරණ ආගමික හා විගාමික පනතේ 2015 අංක 07 දරණ සංශෝධනය ප්‍රකාරව අවුරුදු 16ට වැඩි හා සියලුම අවුරුදු 60ට අඩු ගමන් බලපත්‍ර අයදුම්කරුවන් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවලදී තම ඇඟිලි සලකුණු ලබා දිය යුතු වේ.

වැදගත්

2015 අගෝස්තු 10 වන දිනෙන් පසුව කුඩා දරුවන්  සිය දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට ඇතුලත් නොකරන අතර ඔවුන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ.

වැඩි විස්තර: ක්ෂණික ඇමතුම් 1962 දුරකථන අංක +94 112 101 500

විශේෂ සටහන

වීසා  බලපත් අයදුම් කරනු ලබන ශ්‍රී ලාංකිකයින් සඳහා  ෆින්ලන්ත රජය විසින් පනවනු ලබන නව රෙගුලාසි

ෆින්ලන්තයට වීසා  බලපත් අයදුම් කිරීමට අපේක්ෂා කරන්නන් විසින් පහත කරුණු සම්බන්ධයෙන්ද සැළකිලිමත් විය යුතුය.

  • ෆින්ලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති නව ක්‍රියාපරිපාටියට අනුව, දෙවැනි පිටුවේ සිදු කර ඇති නම් සංශෝධන සහිත ශ්‍රී ලාංකේය විදේශ ගමන් බලපත්‍ර අනුමත කිරීම සඳහා ෆින්ලන්ත තානාපති කාර්යාලය විසින් මින් මතුවට අවසර දෙනු නොලැබේ.
  • විසා හෝ නේවාසික අවසර පත්‍රයේ අයදුම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රවල සඳහන් නමේ කිසියම් සංශෝධනයන් වේ නම් එවැනි අයදුම්කරුවන් විසින් නිවැරදි නම සහිතව නව විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතුවේ.
  • විදේශ ගමන් බලපත්‍රයේ පළමු පිටුවේ ලිවීමට නොහැකි ප්‍රමාණයටම නම දිග වීමේ හේතුව නිසා විදේශ ගමන් බලපත්‍ර සඳහා දෙවැනි පිටුවේ එම නම ලිවීමට අනුමැතිය ලබා දෙනු ඇත.

විශේෂ සටහන - මියෙන්මාරය (බුරුමය)

ජාත්‍යන්තර ගුවන් තොටුපල, වරාය සහ දේශ සීමා හරහා  මියෙන්මාරය (බුරුමය)ට ඇතුළුවීම සඳහා වන පොදු සෞඛ්‍ය අවශ්‍යතා -  වැඩි විස්තර මෙතැනින් ලබා ගන්න.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14508553