ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



වීසා ගාස්තු

කාලසීමාව ඉක්මවා රැඳී සිටීම වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල්

අංක 2337/10 හා 2023.06.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව විදේශිකයින් මෙරට අතිවාසය කර ඇති කාල සීමාව සඳහා දණ්ඩන මුදල් අය කිරීම 2023.06.21 දින සිට පහත පරිදි සංශෝධනය කර ඇත.

  • වැඩිපුර නැවතී සිටි කාල සීමාව මුල් වීසා බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමේ දින සිට ගණන් බලනු ලබන දින හතක්(07) ඉක්මවා ඇති අවස්ථාවක දී සහ දින දහහතරක් (14) දක්වා ගත වී ඇති අවස්ථාවක දී අදාළ වීසා බලපත්‍ර ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් දෙසීය පනහක් (250) දණ්ඩන මුදලක් වශයෙන් අයකර  ගනු ලැබිය යුතුය ; සහ
     
  • වැඩිපුර නැවතී සිටි කාල සීමාව මුල් වීසා බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමේ දින සිට ගණන් බලනු ලබන දින දහහතරක් (14) ඉක්මවා ඇති අවස්ථාවක දී අදාළ වීසා බලපත්‍ර ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් පන්සීයක (500) දණ්ඩන මුදලක් වශයෙන් අයකර  ගනු ලැබිය යුතුය ; සහ
     
  • වැඩිපුර නැවතී සිටි කාල සීමාව මුල් වීසා බලපත්‍රයේ වලංගු කාල සීමාව අවසන් වීමේ දින සිට ගණන් බලනු ලබන දින හතක් (07) ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන තැනැත්තෙකුට යම් දණ්ඩන මුදලක් නොගෙවා පිටත්වීමේ තොටේ දී අදාළ වීසා බලපත්‍ර ගාස්තුව ගෙවීමෙන් ශ්‍රී ලංකාවෙන් පිටත් ව යා හැකිය.
* මගියා පැමිණි දින සිට වීසා ගාස්තු ගණනය කෙරේ.
  වීසා පන්තිය ගාස්තුව ඇ.ඩො. (වසරකට හෝ ඉන් කොටසකට)
වාස වීසා - 1
  1. ආයෝජකයින් සඳහා
  2. සේවකයින් සඳහා
  3. සිසුන් සඳහා
  4. වෛද්‍ය වීසා සඳහා
  5. රාජ්‍ය නොවන ආයතන
  6. ආගමික කටයුතු සඳහා වීසා
  7. ඉහත සඳහන් පුද්ගලයාගේ කලත්‍රයා සඳහා
  8. ඉහත සඳහන් පුද්ගලයාගේ යැපෙන දරුවන් සඳහා
  9. මගේ සිහින නිවහන වීසා වැඩසටහන
  10. නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයේ වීසා වැඩටසහන
  11. අධීකරණයේ පෙනී සිටීම සඳහා වූ වීසා බලපත්‍රය
200
වාස වීසා - 2
  1. පුරවැසි පනතේ 19, 20 හා 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකීය පුරවැසිබව අහිමි වූ ඕනෑම පුද්ගලයකු
  2. ඉහත සඳහන් පුද්ගලයාගේ කලත්‍රයා සඳහා
  3. ඉහත සඳහන් පුද්ගලයාගේ යැපෙන දරුවන් සඳහා
100
වාස වීසා - 3
  1. ඉන්දු ශ්‍රී ලංකා  ගිවිසුමේ 13 වගන්තිය යටතේ ඉන්දියානු පුරවැසියකු ලෙස ලියාපදිංචි වී ඇති ඕනැම පුද්ගලයකු සඳහා
  2. ඉහත සඳහන් පුද්ගලයාගේ කලත්‍රයා සඳහා
  3. ඉහත සඳහන් පුද්ගලයාගේ යැපෙන දරුවන් සඳහා
100
වාස වීසා - 4

පූජ්‍ය පක්ෂය සඳහා

නොමිලේ
වාස වීසා - 5

ශ්‍රී ලාංකික පුරවැසියකු හා විවාහ වි සිටින විදේශික කලත්‍රයකු සඳහා

නොමිලේ
ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාගේ යැපෙන දරුවන් සඳහා 150
වාස වීසා - 6 නැවත විවාහ නොවූ, මිය ගිය ශ්‍රී ලාංකිකයකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයකු සඳහා  (රැකියාවක නිරත විම  සඳහා අනුමැතියද සහිතව) 100
වාස වීසා - 7 වසර දහයකට නොඅඩු කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් සිටින ශ්‍රි ලාංකික පුරවැසියකුගේ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන කලත්‍රයකු සඳහා  (රැකියාවක නිරත විම  සඳහා අනුමැතියද සහිතව) 100
වාස වීසා - 8 වයස වසර දහ අටට අඩු දරුවන සිටින, ශ්‍රි ලාංකික පුරවැසියකුගේ ශ්‍රී ලාංකික  පුරවැසියකු නොවන කලත්‍රයකු  සඳහා (රැකියාවක නිරත විම  සඳහා අනුමැතියද සහිතව) 100
වාස වීසා - 9 විදේශීය ගමන් බලපත් දරන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ ළමුන්. 150

 

සංචාරක වීසා සංචාරක කටයුතු සඳහා අන්තර්ජාලයෙන් පැමිණිමේදී
පළමු දින 30 සඳහා

සාක්  (SAARC) රටවල්

(ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය - ETA)
(පළමු දින 30 ට)

20 25
පළමු දින 30 සඳහා

සාක්  (SAARC) රටක් නොවන වෙනත් ඕනෑම රටකට

(ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය - ETA)
(පළමු දින 30 ට)

50 60
පළමු දින 180 සඳහා

ඕනෑම රටකට
(ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය - ETA)
(පළමු දින 180 ට)

( මෙය පවතින්නේ 2023.06.24 දින දක්වා පමණකි.)

50 -
 දින 30 සිට දින 90 දක්වා

පහත සඳහන් නියමිත රටවල් සඳහා

ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය,පෝලන්තය, ඉතාලිය, පින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, ස්වීඩනය, හංගේරියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, ස්ලෝවේනියාව, එස්ටෝනියාව, මව්රිටියසය, අයිස්ලන්තය, කියුබාව.

අන්තර් ජාලයෙන් ප්‍රධාන කාර්යාලයෙන්
100 100
දින  90 සිට දින 180 දක්වා

ඇමෙරිකා එක්සත් ජනපදය  සඳහා

- නොමිලේ
දින  30 සිට දින 90 දක්වා

සිංගප්පූරුව, මාලදිවයින, සිෂෙල්ස් සහ චෙක් ජනරජය

- නොමිලේ
දින  30 සිට දින 90 දක්වා

නියම කර ඇති රටක් හැර වෙනත් ඕනෑම රටකට,  ඇමෙරිකා එක්සත් ජනපදය,   සිංගප්පූරුව, මාලදිවයින, සිෂෙල්ස් සහ චෙක් ජනරජය

- 60
දින  90 සිට දින 180 දක්වා

ඇමෙරිකා එක්සත් ජනපදය හැර වෙනත් ඕනෑම රටකට

- 150
පැමිණි දින සිට 180 වෙනි දින පටන් 270 වෙනි දින දක්වා

ඕනෑම රටකට

- 200
සංචාරක වීසා

ව්‍යාපාරික කටයුතු

අන්තර්ජාලයෙන් පැමිණීමේදී
පළමු දින 30 ට

සාක්  (SAARC) රටවල්

(ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය - ETA)

30 -
පළමු දින 30 ට

සාක්  (SAARC) රටක් නොවන වෙනත් ඕනෑම රටකට

(ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය - ETA)

55 -
දින  30 සිට දින 180 දක්වා

ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා (දින තිහෙන් පසුව දින එකසිය අසූවක් දක්වා )

(දීර්ඝ කිරිම් සිදු කර ගත හැක්කේ ප්‍රධාන කාර්යාලයේදී පමණි.)

100
දින  30 සිට දින 90 දක්වා

ඇමෙරිකා එක්සත් ජනපදය හැර වෙනත් ඕනෑම රටකට (දින තිහෙන් පසුව දින අනූවක් දක්වා )

(දීර්ඝ කිරිම් සිදු කර ගත හැක්කේ ප්‍රධාන කාර්යාලයේදී පමණි.)

100
දින 90 සිට  180 දක්වා

ඇමෙරිකා එක්සත් ජනපදය හැර වෙනත් ඕනෑම රටක් සඳහා (දින අනූවකට පසුව දින එකසිය අසූවක් දක්වා )

(දීර්ඝ කිරිම් සිදු කර ගත හැක්කේ ප්‍රධාන කාර්යාලයේදී පමණි.)

200
මාර්ගස්ථ වීසා

සියළු රටවල් සඳහා

නොමිලේ
ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණ හෝ https://eservices.immigration.gov.lk/vs වෙබ් අඩවියෙන් හෝ දින 30 කට පසුව සංචාරක වීසා කාලසීමාව දිගු කර ගැනීම සඳහා
වැඩි විස්තර සඳහා අංක 2241/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය
 



අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14754875