ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත කරනු ලබන නිවේදනයයි!
01. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්රාදේශීය කාර්යාල මගින් විදේශ ගමන් බලපත්ර ලබාගන්නා අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්රමවේදය ඔස්සේ (Online Appointment System) පූර්ව දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම ක්රියාත්මක කිරීම.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් සියලුම ප්රාදේශීය කාර්යාල මගින් එක්දින හා සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට පැමිණෙන අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්රමවේදය (Online Appointment System) ඔස්සේ පූර්ව දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්රමවේදයක් 2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්රියාත්මක කර ඇත.
අදාල ප්රාදේශීය කාර්යාල

02. මෙයට පෙර ලබාගත් විදේශ ගමන් බලපත්රයක් සහිත පුද්ගලයින් සඳහා මාර්ගගත ක්රමවේදය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම.
2026 ඔක්තෝම්බර් 29 වන දින සිට ක්රියාත්මක වන පරිදි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත (Online) ක්රමවේදය ඔස්සේ විදේශ ගමන් බලපත්ර අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන්නේ මෙයට පෙර විදේශ ගමන් බලපත්රයක් ලබාගත් අයදුම්කරුවන් සඳහා පමණි .
මාර්ගගත ක්රමවේදය හදිසි සේවය හා සාමාන්ය සේවය යන ක්රමවේද 02 ඔස්සේ ක්රියාත්මක වේ.
· හදිසි සේවාව යටතේ අයදුම්කරනු ලබන අයදුම්කරුවන් සඳහා අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව දින 02 ක් තුළ ඇඟිළි සළකුණු ලබා දීමේ අවස්ථාව හිමිවන අතර ඇඟිළි සළකුණු ලබා දී දින 03 ක් ඇතුළත විදෙස් ගමන් බලපත්රය තැපැල් දෙපාර්තමේන්තු කුරියර් සේවාව
( Speed Post ) මගින් අයදුම්කරු විසින් ලබා දී ඇති ලිපිනයට යොමු කරනු ලැබේ.
· සාමාන්ය සේවාව යටතේ අයදුම්කරනු ලබන අයදුම්කරුවන් සඳහා අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව දින 02 ක් තුළ ඇඟිළි සළකුණු ලබා දීමේ අවස්ථාව හිමිවන අතර ඇඟිළි සළකුණු ලබා දී දින 14 ත් 21 ත් අතර කාලය තුළ විදෙස් ගමන් බලපත්රය ලියාපදිංචි තැපෑලෙන් අයදුම්කරු විසින් ලබා දී ඇති ලිපිනයට යොමු කරනු ලැබේ.
අයදුම්පත්ර ඉදිරිපත් කළ හැකි ආකාරය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ( Apply Passport Online) යන සැබැඳිය හරහා අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇත.
මුල් වරට විදේශ ගමන් බලපත්රයක් ලබා ගැනීමට අයදුම්කරන අයදුම්කරුවන් සඳහා උක්ත ක්රමවේදය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව හිමි නොවන අතර ඔවුන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්රධාන කාර්යාලය වෙත හෝ මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්රාදේශීය කාර්යාල වෙත පැමිණ තම විදේශ ගමන් බලපත්ර අයදුම්පත්ර ඉදිරිපත් කිරීම සිදුකළ යුතුය.