ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



අභ්‍යන්තර කටයුතු ඒකකය

 

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) පිහිටුවීම.

 

2025 පෙබරවාරි 18 දිනැති PS/SB/Circular/2/2025 දරන ජනාධිපති ලේකම් චක්‍රලේඛය මඟින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා ඇත. මෙයින් 2019.07.04 දිනැති PS/ACD/01/2019 දරන චක්‍රලේඛය සංශෝධනය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි වගන්තිය, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය (UNCAC), 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) අනුව යමින් රාජ්‍ය සේවය අල්ලස් හා දූෂණයෙන් තොර කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ මූලික අරමුණු.

  • ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  • ආයතනික ක්‍රියාකාරකම්වල විනිවිදභාවය, වගවීම සහ මහජන ප්‍රවේශය තහවුරු කිරීම.
  • ආයතනය තුළ සදාචාරාත්මක පාලනයක් ස්ථාපිත කිරීම.
  • පැමිණිලි සලකා බැලීම, තොරතුරු හෙළි කරන්නන් (Whistleblowers) ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය සුරැකෙන පද්ධතියක් සකස් කිරීම.
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලගැන්වීමට සහාය වීම.

 

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන වගකීම් සහ කාර්යයන්

  • පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගෙන පවතින ක්‍රියාපටිපාටි සරල කිරීම.
  • දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම.
  • නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශන ලබා දීමේ අනුකූලතාවය අධීක්ෂණය කිරීම.
  • පැමිණිලි භාරගැනීම, විමර්ශනය කිරීම සහ තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම.
  • මහජනතාව සඳහා ප්‍රජාචාර ප්‍රඥප්ති (Citizen's Charters) ප්‍රකාශයට පත් කිරීම සහ ආචාර ධර්ම සංග්‍රහ බලාත්මක කිරීම.
  • ආයතනයේ ප්‍රගතිය සහ අභියෝග ඇතුළත් වාර්ෂික වාර්තාවක් සකස් කිරීම.

 

 

 

 

 

 

 

 

  “නොවිසඳුණු පැමිණිල්ලක්ද?  අල්ලස් ඉල්ලීමක්ද?  වහාම කියන්න”

 

 

 

 

සම්බන්ධීකරන නිලධාරී (අභ්‍යන්තර කටයුතු ඒකකය)

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් /පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

කේ. පී. පේමදාස මහතා - පාලක (ගමන් බලපත්)
සම්බන්ධීකරන නිලධාරී - අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානි
ලිපිනය - අභ්‍යන්තර කටයුතු ඒකකය
              ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
              2 වන මහළ
              “සුහුරුපාය” ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල.

දුරකතන අංකය            -    011 2 101520

WhatsApp අංකය.    -    +94 706585665 (WhatsApp messages only)

විද්යු ත් ලිපිනය            -   emigrationiau@gmail.com

 

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
83040481