මාර්ගස්ථ වීසා
මාර්ගස්ථ වීසා යනු කුමක් ද ?
මාර්ගස්ථ වීසා යනු එම පාඨයෙන් ම ඇඟවෙන පරිදි විදේශීය ජාතිකයකු වෙනත් රටකට යන අතරතුර අනියම් වශයෙන් කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ලබා දෙන අවසර පත්‍රයයි.
මාර්ගස්ථ වීසා බලපත්‍රයක් ලබා ගැනීමට තිබිය යුතු සුදුසුකම කුමක් ද ?
ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට යන ඕනෑම විදේශීය ජාතිකයකු වීම මාර්ගස්ථ ලබා ගැනීමට තිබෙන එකම සුදුසුකම වේ.
වෙන රටකට අඛණ්ඩව යන අතරතුර ශ්‍රී ලංකාවට ඇතුළු වී, ඒ පැමිණි යාත්‍රාවෙන්ම හෝ යානයෙන්ම ආපසු යන මගියකු මාර්ගස්ථ වීසා ගැනීම අවශ්‍ය නැත.
ගුවන් සමාගමකින් පුද්ගලයකු හෝ පුද්ගලයන් රටට රැගෙන විත් ඊළඟට යාමට නියමිත ගුවන් යානාවෙන් රැගෙන යයි නම් ද එසේ පැමිණි අයගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේ නම් ද එබඳු මගින්ට මාර්ගස්ථ වීසා අවශ්‍ය නැත.
මාර්ගස්ථ වීසා අයදුම්පත්‍රයක් ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින් ද ?
මාගේ මාර්ගස්ථ වීසා අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ කෙසේද ?
ඔබට ඔබේ මාර්ගස්ථ වීසා අයදුම් පත්‍රය ළඟම ඇති ශ්‍රී ලංකා දූතමණ්ඩලය වෙත හෝ https://www.eta.gov.lk ETA වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකිය.
මාගේ මාර්ගස්ථ වීසා අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ?
වෙනත් රටකට යන අතරතුර අනියම් වශයෙන් කෙටි කාලයකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බව සනාථ කරන්නා වූ ලිපි ලේඛන
මාර්ගස්ථ වීසා බලපත්‍රයකට අදාළ වන ගාස්තු මොනවාද ?
දින 02ක කාලයක් සඳහා ගාස්තු අය නොකරන අතර එම කාලය දීර්ඝ කළ නොහැකිය. එමෙන්ම එය වෙනත් වීසාවකට මාරු කළ නොහැක.
මාර්ගස්ථ වීසා බලපත්‍රය සඳහා උපරිම වලංගු කාලය කොපමණද ?
ගුවන් තොටුපළෙන් ඇතුළුවීමේදී දින 02ක උපරිස කාලයක් සඳහා මාර්ගස්ථ වීසා ප්‍රදානය කරනු ලැබේ.